ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඉල්ලීම් කිහිපයක් ඇතුළත් ලිපියක් බාරදීමට අද පෙරවරුවේ රාවණා බලය සංවිධානයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ ඇතුළු නියෝජිතයන් පිරිසක් ජනපති ලේකම් කාර්යාලය වෙත පැමිණියහ.
නාගදීපයේ නම වෙනස් කිරීමට උතුරු පළාත් සභාව කටයුතු කළහොත් එය ජාතිවාදයකට රට රැගෙන යාමක් බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් කොටි සැකකරුවන් නිදහස් කිරීම මගින් නැවතත් රට යුද්ධයකට අරඇඳීමක් වන බවත් රාවණා බලයේ මහලේකම් හිමියෝ පෙන්වා දෙති. ඔවුන් අධිකරණය හමුවට පමුණුවා වැරදි කර ඇත්නම් දඬුවම් දෙන ලෙසත් නිර්දෝෂී බව ඔප්පු වුවහොත් නිදහස් කරන ලෙසත් ඉල්ලා සිටි රාවණා බලය කේපී හා කරුණා අම්මාන්ද අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බව කියයි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ දැය හිතකාමී සමිදුන් පෙරටුගෙන යන රාවන බලය විසින් සංවිදාන කරනු ලබන හෙළයන්ගේ ඉතිහාසය මකන්ට වෙරදරන අයට විරුද්ව ගෙනයන වීරෝධාර මෙම වැඩ අගය කළ යතුය (හේ)
ආණ්ඩුව රතු එළියක් දල්වා තියෙන එක නම් හොඳයි. මොකද දැන් ආණ්ඩුව යන්නේ වෙන පාරක වාගේ පේන නිසා (ම)
අපිත් ඔබවහන්සේලා සමඟ එකඟයි (නි)