IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


රාවණා ඉතිහාසය සමගින් 'සසර පුරා'

2016-10-13-ent-17

සජිත් දිල්පහන් කියන්නේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ කලක් කටයුතු කළ කෙනෙකි. ඔහු මේ වනවිට "රාවණා" ඉතිහාසය ගැන අධ්‍යයනය කරන්නේය. ඔහු එය වර්තමාන පරම්පරාව අතරට ගෙන එන්නේය. ඔහුගේ එහි එක් වෑයමක් ලෙස "සුපර්නිකා" ගීත ඇල්බමය සමාජගත කිරීම සිදු කෙරුණි. එම ගී ඇල්මයේ තිබෙන "සසරපුරා" ගීතය මේ වනවිට වැඩි ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇත. මේ ඒ ගීතය පිළිබඳය.

 

එහි සංගීත නිර්මාණය කළ තුසිත් නිරෝෂන්

 

"සසර පුරා" ගීතයට සංගීත නිර්මාණයෙන් දායක වීම ගැන කතා කළොත්?

2016-10-13-ent-16"සුපර්නිකා" ගීත ඇල්බමයට මට දායක වෙන්න කිව්වෙ සජිත් දිල්පහන් සහ ගංගා සුදර්ශනී මැතිණිය. මේ ගීත ඇල්බමයේ "රාවණා" රජු ගැන තමයි කතාබහ කරන්නේ. ලංකාවෙ බහුතරයකට වගේම අපෙත් "රාවණා" රජු ගැන විශ්වාසයක් තිබෙනවා. ඒ විශ්වයත් එක්ක තමයි මම මෙයට දායක වුණේ. එහි "සසර පුරාවට" ගීතය එක් ගීතයක්.

 

මෙම ගීතය සංගීතවත් කරද්දි වැඩි අවධානයක් යොමුකළේ?

රාවණාගේ නැඟණියගෙ ප්‍රේමණීය බැඳීම ගැන තමයි මෙහි කතා කරන්නේ. එහි සංගීතය ගැන කතා කරන විට මෙතෙක් කල් සිදුකළ සංගීත රටාවෙන් බැහැරව ශාස්ත්‍රීය සංගීතයට යොමු වුණා. මගේ සංගීත ආභාසයත් තියාගෙන ශාස්ත්‍රීය සංගීතය යොදා ගත්තා. "සුපර්නිකා" චරිතය හිතේ මාවාගෙන ඒ අවස්ථාව ඇයව වඩා හොඳින් නිරූපණය කළ හැකි සංගීත භාණ්ඩ තමයි භාවිත කළේ. "සසර පුරාවට" ගීතය විනාඩි 6ක් තිබෙනවා. එය දීර්ඝ කතාවක්. මෙය ප්‍රේම ගීතයට එහා ගිය ගීතයක්. හින්දි ගීතත් විනාඩි 4ක් 5ක් තිබෙනවා. මෙහි තිබෙන විශේෂත්වය තමයි ගීතය අහන කෙනාට විනාඩි හයක කාලයක් ගතවීම. ඒ තුළ නිදහස් බවක් සහ ගැඹුරු අර්ථයක් තිබෙනවා. මේ ඇල්බම් එකෙදී කාලය ගැන එතරම් අවධානයක් යොමුකළේ නැහැ. ඒ නිර්මාණයට සාධාරණයක් කළ හැකි සංගීතයක් තමයි මම යොදා ගත්තේ. මගේ අතින් සිදුවිය යුතු දෙයක් කියලා හිතලා මම මේ නිර්මාණය කළේ. මේක ගුණාත්මක ගීතයක්. ඒ ගීතයටත් සමහර නාළිකාවල ඉඩක් ලැබෙන එක සෑහෙන්න ලොකු දෙයක්.

 

ගීතයේ පද රචනාව සිදුකළ සජිත් දිල්පහන්

මෙම ගීතය "සුපර්නිකා" සංයුක්ත තැටියේම ගීතයක්. සති තුනක් තුළ මෙම ගීතයට ඉහළ ප්‍රතිචාර ලැබුණා. වර්තමානයේ තිබෙන කලබලකාරී සංගීතයෙන් මිදුන ගීතයක් කියලා මෙය හඳුන්වන්න පුළුවන්. මේ නිර්මාණ එතරම් අහන්න ලැබෙන්නෙ නැහැ. මේ ගීතය මා අතින් රචනා වෙන්නෙ තංගල්ලෙ මුහුදක් ළඟදි. මට එතන තිබුණ හිස්බව දකිද්දි මට මතක් වුණේ රාවණා ඉතිහාසය එක්ක කටයුතු කරනකොට, සොයා බලනකොට, රාවණා රජුගෙ නැඟණියගෙ ප්‍රේමණීය බැඳීම ගැන. මිනිසුන්ගෙ ආත්මගත බැඳීම, සාංසාරික බැඳීම ගැන කියවෙන්නෙ එය බුද්ධ දර්ශනය කෙතරම් උපකාර වේවිද කියලා මට එහිදී හිතුණා.

මෙම ගීතය විනාඩි හයක පමණ කාලයක් විකාශය වෙනවා. මේ නිසා මේ ගීතයට මාධ්‍යවලින් ඉඩක් ලැබෙයිද?ඔව්, මෙය විනාඩි හයක පමණ කාලයක ගීතයක්. අතීතය, වර්තමානය, අනාගතය ගැන බලලා රචනා වුණ ගීතයක්. මේක එක් පරම්පරාවකට අයත් ගීතයක් නෙමෙයි. මේක සෑම පරපුරකටම ලබාදුන්න ගීතයක්. මාධ්‍යය තුළ ගීතයක් විනාඩි 3දී තත්පර 30ක් විය යුතුයි කියලා අර්ථකථනය කරලා තියෙනවා. එය පටු හැඟීමක්. එහෙනම් මොහොදින් බේග් මැතිතුමාගෙ "බුද්ධං සරණං ගච්ඡාමී" වාදනය කරන්න බැහැ. විනාඩි ගණනක ගැටලුවක් නෙවෙයි. රසය, කලාව දැනෙනවානම් විනාඩි 6 ප්‍රශ්නයක් නෙමෙයි. අර්ථය එතරම් රස නැත්තම් ඒ ගීතය අහන්නෙ නැහැ. ඒත් ගුවන් විදුලියකින් භාර අරගෙන මේ ගීතය වාදනය කළා නම්, මෙය මේ යන ගීත රටාවට ලොකු වෙනසක් බවට පත්වෙයි. මේක රහක් ඇති ගීතයක්.

 

මෙම ගීතයට ගායනයෙන් දායක වෙන්නේ ඉෂාන්?

සජිත් දිල්පහන් තමයි මට ආරාධනා කළේ මේ ගීතය ගායනා කරන්න කියලා. අපි ගායනා කළ සංගීත ශෛලයය වෙනස්. රාවණ රජතුමාගේ නැඟණිය වන සුපර්නිකාගේ ආදර කතාව තමයි මෙම ගීතයට පාදක වෙන්නේ. හදවතට දැනෙන ගීතයක්. තුසිත් සමග මෙම නිර්මාණයට දායක වෙන්න ලැබීම ගැන මම සතුටු වෙනවා.

 

නිදුක් මදුෂික

 



අදහස් (0)

රාවණා ඉතිහාසය සමගින් 'සසර පුරා'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 244 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 593 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site