හිටපු මුදල් ඇමැතිවරයකු වන රොනී ද මෙල් මුදල් ඇමැති රවී කරුණානායකගේ අයවැය ප්‍රශංසා කරමින් ලියුමක් ලියා ඇත.
‘ඉතා හොඳ අයවැයක් ඉදිරිපත් කළාට ඔබට මගේ සුබ පැතුම්! අනාගතය වෙනුවෙන් මගේ සුබ පැතුම් පිළිගන්න‘ ඔහු මෙම සුබ පැතුම් ඉදිරිපත් කළේ දෙසැම්බර් 19 වැනිදා අයවැය ඡන්දයට කලිනි. දෙසැම්බර් 19 වැනිදායින් පසු මේ අයවැය කනපිට ගැසී ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රවිට කියන්න ලියුම ඉරල නළලේ අළු ගාගන්න කියල (බ)
රෝනිට දැන් වයසයිනේ, අයවැයේ මොකක්ද තියෙන්නේ කියල දන්නෙත් නැතුව පුරුද්දට සුබ පතන්න ඇති. ගොඩක් අය ඔය වගේ පුරුද්දට වැඩ කරනවා මිසක් හොයල බලල තර්කනුකුලව වැඩ කරනව හරිම අඩුයි. (බ)
චාමර , ඔබේ දැනුම ප්‍රදර්ශනය කරන්න එපා (බ)
මේ අය තමයි මේ රට විනාශ කළේ (බ)
රොනී ද මේල් එක දේශපාලන පක්ෂයක. මම වෙන දේශපාලන පක්ෂයක.නමුත් ඔහු දක්ෂ බුද්ධිමත් පුද්ගලයෙකු බව ප්‍රකාශ කළ යුතුය. (කෞ)
“ රවිට කියන්න ලියුම ඉරල නළලේ අළු ගාගන්න කියල“ අනේ ඇත්තට ශාන්ගේ මොලේ! ලියුම ඉරූ ගමන් අළු වෙනවා මෙයාට. අපේ පළාතේ නම් කොළේ පිලිස්සුවම තමා අළු වෙන්නේ. (ස)
බැරි වැඩ කරන්න ගිහින් අනාගන හත්පොලේ ගාගන්නවට වඩා හොඳ නැද්ද ඉල්ලා අස්වෙලා නම්බු පිටින් ගෙදර යන එක. (ස)
හැමෝටම ඕනේ බදු නොගෙවා ඉන්නයි ,බඩු මිල අඩු වෙන්නයි , තමන්ගේ පඩිය වැඩි කරගන්නයි ,ඒවාට සල්ලි කොහෙන් හොයාගන්නවද කියලා හිතන්නේ නැහැ. ණයට කාලා ජෝලිය් ඉඳලා ග්‍රීසිය ට නොදෙවෙනි විදියකට රට පල්ලට යනවටයි කැමති. (ර)
නියමයි සරත්. (නි)