විශ්වාසභංගයේදී අපට සහාය දුන් සියලු පාර්ශවවලට සහ ඡන්දය දීමෙන් වැළකී සිටි සියලු දෙනාට ස්තූතිය පළ කරන බව මුදල් ඇමැති රවී කරුණානායක අද (9) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
අද අපි විවාදයට ගත්තේ මහින්ද රාජපක්ෂත්, නාමල් රාජපක්ෂත්, විමල් වීරවංශත් අත්සන් නොකළ විශ්වාසභංගයක්. අපට රටට පෙන්වීමට අවශ්‍ය වුණේ ජනපති අගමැති මූලිකත්වයෙන් ගොඩනැගුණු ජාතික ආණ්ඩුවේ ශක්තිය ලෙහෙසියෙන් බිඳ දැමීමට නොහැකි බවයයි ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙශපලකයන් කවුරුත් එකයි ,හැමදාම කලේ මහජනතාව රවට්ටුප්පු එකයි,මහජනතාව ප්‍රතික්ෂක කරපු( පැරදුන) මහජන නියෝජිතයින්ට ඇමති පට්ටම් ලබාදුන්නු මේ යහාපලන ආණ්ඩුව ගැන ජනතාවටනම් කිසිම විශ්වාසයක් නැහැ, (අ)
ගෙනාපු කාර් පරණ බදු වලට නිදහස් කරන්න.(ම)
ස්තූති කරන්න ඕනේ කාටද කියල දන්නෙම නැත්ද? (බ)
අනේ මොකටද මේවට අපි උත්තර දීලා? (නි)
ඔය විශ්වාසේත් අර සතොස ගිය දිහාටම ගියාද.(බ)
අනේ ආයුබෝවන්ඩ, මේ කියන දේවල් වලට තරහ ගන්න කාරි නැහැ. ඔය භංගවෙන්න ගිය විශ්වාසේ කොහෙගියාද කියලා නැහැ. (නි)
ඔබතුමාටත් බොහොම ස්තුතියි. අපි දැන් දැනගත්තා මේ රටේ මිනිස්සු වැට් වැඩිකළාට, වාහන සහ දුප්පතාගේ ත්‍රී වීල් වැඩිකළාට, බඩුමිල අහස උසට නැග්ගාට, මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් වලින් මිලියන ගණන් පාඩු කෑවට ඔබතුමා එක්ක කිසිම අමනාපයක් නැහැ කියලා. බය නැතුව තව තවත් බදු වැඩි කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා! (නි)
ඔබතුමාට ජයවේවා! අපිට කෙලවේවා ! (බ)
ඔව් ඔයාලා එ්කට ප්‍රතිචාරයක් ලෙස කෝටි 9 ගානේ ඇමතියන්ට වාහන ගන්න. අපි බදු ගෙවන්නම්. පවු ගෙවන්නම්. මේවට මිනිස්සු පොල් ගැසුවේ නැතත් දිට්ඨ ධම්ම ක්‍රමයට ලක්වෙයි. මෙතුමන්ලාට ඡන්දෙ දුන්න අපිට දිට්ඨ ධම්ම වේදනීය කර්මය වැට් බද්ද හරහාම ලැබිලා තියෙනවා. (නි)
ආණ්ඩුවෙ ශක්තිමත්කම පෙන්නන්න මහජන ඡන්දයක් තියන්න. (නි)
යහපාලනය ගැන දෙවියොත් කල කිරිලයි ඉන්නේ . රටේ විපත් අඩුවක් නැහැ. කෙසේ නමුත් ආර්ථික ඔස්තාර් කෙනෙක් වන ඔබට තව තවත් විවිධ සිතුම් පැතුම් ඔස්සේ අපිට කතා කිය කියා බදු වැඩි කර ගැනීමට මෙය පිටිවහලක් වේවි (බ)
මිනිසුන්ව ගොනාට අන්දවන්න, කාර් පර්මිට් සහ සුඛෝපභෝගී කාර් අමතක කරවන්න දෙගොල්ලෝ එකතුවෙලා එක එක නාඩගම් පෙන්නනවා. මෝඩ මිනිස්සු දෙපැත්ත බෙදිලා කඩේ යනවා. (නි)
යන්තම් ගොඩ ගියා (අ)
ඔබට අපෙන් සුබ පැතුම්! (නි)
භංගවුණේ ලංකාවේ පොදුමහත් ජනතාව. ස්තුති කරන්න එපා. ශෝකය පළකරන්න බදු වලින් මිරිකිලා දුක්විඳින ජනතාවට (නි)
පුදුමයි. මහින්ද, නාමල්, විමල් මේ තිදෙනා ඇයි අත්සන් නොකළේ. සතුටුයි. නමුත් මේ අයට තිබෙන නඩු කිසිම වෙනසක් නැතුව අහන්න ඕනෑ. (නි)