කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිල්න්ඩරයක මිල රුපියල් 150 කින් පහළ දැමීමට 2016 අයවැය යෝජනාවලියෙන් තීරණය කර ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10කින් පහත හෙළීමට යෝජනා කෙරුණු අතර ඊට අමතරව ටින් මාළු ග්‍රෑම් 425 ක ටින් එකක මිල රුපියල් 125 දක්වා අඩුකිරීමටද යෝජනා විය. පරිප්පු කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 169 ක් දක්වා පහත දැමිණි.
කඩල කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 169 ක් ලෙස නියම කිරීමටද අපේක්ෂිතය.
අර්තාපල් කිලෝවක් රුපියල් 75ත් 85 ත් අතර මිලකට ලබාදීමට අපේක්ෂා කරන බවද ලොකු ලූනු කිලෝවක් සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 25 කින් අඩු කිරීමටද පියවර ගෙන ඇත. ඒ අනුව ලොකු ලූනු කිලෝවක් රුපියල් 85 ත් - 95 ත් අතර මිලකට ලබාදීමට නියමිතය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු සෝබන අඩු කිරීම්. මහා ලොකුවට අයවැයට අඩු කරනවා. මාසෙකින් නැවත වැඩි කරනවා. මෝඩ මිනිස්සු හැමදාම රැවටෙනවා. හැබැයි විශ්‍රාම වැටුප් නැති වුණාම නම් මොලේ පෑදෙයි.(ම)
සිංහල ජාතිය රැක ගන්න හැම පවුලකම දරුවෝ තුන් හතර දෙනක්වත් ඉන්න ඕනේ. අපේ පවුල්වල දරුවෝ අඩු, කන්ඩ බොන්ඩ දෙන්න අමාරු නිසා. සිංහල ජාතිය රැක ගන්න නම් ඉක්මනින් බඩු මිල මීට වඩා ගොඩාක් අඩු වෙන්න ඕනේ. (ම)
මොන දේ විවේචනය කළත් රවි මහත්තයාගේ තීරුබදු රහිත වාහන බලපත් දීම නතර කළ එකට නම් හොඳ කියන්න ඕනෑ. මේ රටේ සියලු දෙනා සමාන අයිතිවාසිකම් තිබෙන පුරවැසියන් නම් මොකටද මේ කොටසකට අවුරුදු පහෙන් පහට ලක්ෂ ගානක් අතට එන ක්‍රමවේදයක් හදලා තියෙන්නේ? හොඳම දේ එක් කෙනෙකුටවත් නොදී ඉන්න එක. (නි)
පෙට්‍රල්,ඩීසෙල් ,විදුලිය මේවා ගණන් කියල කලින් ආණ්ඩුවට කිව්වා ? දැන් (ම)
නව රජයේ මංගල අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට සමත්වුවහොත් සාමාන්‍ය ජනතාවට කිසියම් හෝ සහනයක් බලොපොරොත්තු විය හැකි වන අතර රටේ ඉදිරි ගමනටද හිනිපෙත්තක් වනු ඇත.එහෙත් රටේ ඉදිරිගමනට හරස්වී ඇති මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මැඬලීම සඳහා වහාම නිසි පියවර ගතයුතු වුවත් ඒ ගැන කිසිම සඳහනක් නැති බව පෙනේ (නි)
තීරුබදු රහිත වාහන බලපත් දීම නතර කළ එකට නම් හොඳ කිය මුකො.හොඳම දේ එක් කෙනෙකුටවත් නොදී ඉන්න එක. රවි මහත්තයා පස්සේ දියවන්නාවට විතරක් සලකන්න ලැස්ති වෙන්න එපා ඕන් (ම)
සෝමපාල, අධිකරණය දෙවරු තියා තෙවරු කළත් වැඩක් තිබේද? ප්‍රශ්නය තියෙන්නෙ එතැන නෙමෙයි. අවසන් වූ නඩු වල නඩු තීන්දු ලිවීමට බොහෝ කාලයක් ගැනීමයි. පළමුව මේ ගැටලුව විසඳා ඉන්න ඕනෑ. (නි)
ඒ ගැන කතා කරලා වැඩක් නැහැ සමරසේකර. බැලුවහම හැමතැනම අකාර්යක්ෂමතාව සහ ප්‍රමාදය රජවෙලා. මේ නාස්ති වෙන්නේ අපි හැමෝගෙම වටිනා ජීවිත වල වටිනා කාලයයි. (නි)
මේ අය බලයට එන්න පාවිච්චි කළ ලොකුම අවිය රටේ මන්දපෝෂණය. නමුත් කියපු හැටියට වැඩ නැහැ. හාල් මිල ගැන හිතලා නැහැ. (නි)
දුෂ්මන්ත බඩ ගැන විතරක් හිතනවද කොහෙද? (නි)
අනේ මගේ කට! මේ සොච්චමක් අඩුකරලා පුලුවන්ද රටේ මන්දපෝෂණය නැති කරන්න? කිරිපිටි කෑමබීම බාගෙට බාගයක්වත් අඩුවෙයි කියලා නේද රටම බලාගෙන හිටියේ? (නි)
තරමක් දුරට සතුටුවෙන්න පුලුවන් (නි)
බොහොම සන්තෝෂයි (නි)
" ‘කඩිනමින් නඩු විසඳීමට දෙවරු මුර ක්‍රමයකට අධිකරණ සේවා පැවැත්වීමට යෝජනා කරනවා‘" මේ යෝජනාව හැකිතාක් ඉක්මනින් ක්‍රියාවට නංවන්න. රටේ සම්පත්, වටිනා කාලය සෑහෙන ඉතිරි කරගන්න පුළුවන්. මිනිසුන්ගේ ජීවිත සෑහෙන ප්‍රමාණයක් අඳුරින් එළියට ගන්න පුළුවන් දෙයක්. (නි)
ඡන්ද කාලේ නම් කිව්වේ කන බොන දේවලට ගහලා තිබෙන බදු සේරම ඉවත්කරනවා කියලා නේද? (නි)
අඩුකරලා තියෙන්නේ කදුළු ගෑස් ලු. කදුළු කියන එක කියවගන්න බැරුව අත්හැරලා කියවල තියෙන්නේ. (ස)
බඩු මිල අඩුකිරීම පමණක් නෙමෙයි අයවැයකින් වෙන්න ඕනෑ. එය එකක් පමණයි. ඊට අමතරව රටේ එක් එක් අංශ වල විවිධ තරාතිරම් වල සිටිනා පුද්ගල කොට්ඨාශ වලට බලපා ඇති ප්‍රශ්න විසඳිමටද ක්‍රියා කළයුතුයි. (නි)