IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රවී කටු පොල් තහනම ඉවත් කර දෙන්න සැරසෙයි

(අංජුල මහික වීරරත්න)

තහනමට ලක් කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ කටු පොල් තහනමට ලක් විය.

 කටුපොල් වගාකරුවන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව කරුණානායක මහතා මේ බව කීය.

කටුපොල් වගා කරන ගොවීන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හිටපු අමාත්‍යවරයා මතුගම සහ බදුරලිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

කටු පොල් වගාව තහනම් කිරීම නිසා පවුල් විශාල ප්‍රමාණයක් ආර්ථික ගැටළු රැසකට මුහුණ දී සිටින බව කටුපොල් වගා කරුවෝ පැවැසූහ.

කටු පොල් අක්කරයකින්  මසකට රුපියල් 75000ක ශුද්ධ ආදායමක් උපයා ගත හැකි බවද ගොවීහු අමාත්‍යවරයා කීහ.

මෙහිදී රවී කරුණානායක මහතා එම ගොවීන්ට පැවැසූයේ  ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර  පවතින තහනම ලබන ජනවාරි මාසය වන විට ඉවත් කිරීම සඳහා කටයුතු සලසා දෙන බවයි.



අදහස් (10)

රවී කටු පොල් තහනම ඉවත් කර දෙන්න සැරසෙයි

Perera Monday, 11 December 2023 11:20 PM

මූ උගේ සුභසිද්ධියට මිසක රටේ සුභසිද්ධියට වැඩ කරන එකෙක්නම් නෙමෙයි

:       0       53

Prabha Tuesday, 12 December 2023 01:04 AM

රවීලට සාගලලාට රටේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න කවුද බලය දුන්නේ

:       0       43

nimal Tuesday, 12 December 2023 03:56 AM

කටු පොල් අක්කරයකින් මසකට රුපියල් 75000ක ශුද්ධ ආදායමක් උපයා ගත හැකි උවද කටු පොල් වගාවෙන් සිදුවන හානිය පිලිබදව පුළුල් අදයයනයක් සිදුකලයුතුවේ. ශුද්ධ ආදායම ලබනාවූ පුද්ගලයන් වගාව නිසා පරිසරයට සිදුවන හානියට වගකීම නොගනී.

:       0       45

ලුම්බිණි Tuesday, 12 December 2023 05:18 AM

කරන්නෙම ගොන් වැඩ.

:       1       38

ප්‍රසන්න බංඩාර Tuesday, 12 December 2023 05:37 AM

කටුපොල් වගා කලොත් භූමිය සවුත්තු වෙනවලු

:       0       16

ගුනසේන Tuesday, 12 December 2023 05:59 AM

බොහොම හොදයි ලංකාවෙ පොල් වගාව විනාශ වුනාම පොල් රටින් ගෙනවිත් රේගු ආදායම් ලබන්න පුළුවන් වේවි ඒවා ගැන වැට් බදු නැහැ ඒත් පොල් වලට වැට් තියෙනවා කියන්නෙ පොල් වගාව විනාශ කරනවා කටුපොල් වවනවා කියලා පැහැදිලියි

:       0       19

upali Tuesday, 12 December 2023 08:04 AM

එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට රජය තුළ ඔහුට ඇති හැකියාව කුමක්ද? කැබිනට් මණ්ඩලයේ නොව රනිල් වික්‍රමසිංහගේ උපදේශක කණ්ඩායමේ තවත් තක්කඩි දේශපාලකයෙක්......

:       0       18

Sellakkara Kolla Tuesday, 12 December 2023 02:59 PM

ලොක්කා අලුත් ප්‍රොජෙක්ට් එකකට අතගහලා වගේ...! ඔය හම්බ කරපුව මදිද? බදුත් වැඩි කරලා පරිසරේත් විනාශ කරන්නේ...!

:       0       0

fairoos Tuesday, 12 December 2023 06:00 PM

කාලකණ්ණින්...!

:       0       0

නන්දන Wednesday, 13 December 2023 01:33 PM

කාණුවකට දාලා වතුර එකක් ගහන්න ඕනෑ හේදිලා යන්න. මෙයා දැන් කටුපොල් අරගෙන ද ආපසු එන්න හදන්නේ? එක්සත් ජාතික පක්ෂය ජීවිතයටම ලබා නොගත් ජයග්‍රහණයක් ගියවර ලබා ගත්තේ මෙයා නිසා. රට බංකොළොත් වෙලා හරි ඉතුරු වුණා කාටවත් සින්න නොවී. මෙයා ඇවිත් ඒ ටික කරලා දෙයි. මෙයා ඉන්න පක්ෂයකට ජන්දය දෙන්න වටින්නෑ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site