කඩයකින් ගත් රෝල්ස් ආහාරයට ගැනීමෙන් පසුව මව, පියා හා දරුවන් දෙදෙනෙකු බරපතල ලෙස අසනීප වී මාතර රෝහලට ඇතුලත් කළ බවත් ඉන් එක් දරුවෙකු (10) මිය ගිය බවත් මාතර රෝහල කියයි.
ඉතිරි තිදෙනාගෙන් කටඋත්තරයක් පවා ගැනීමට නොහැකි බවද පොලිසිය කියයි.
කඩයකින් ගත් රෝල්ස් ආහාරයට ගැනීමෙන් පසුව මව, පියා හා දරුවන් දෙදෙනෙකු බරපතල ලෙස අසනීප වී මාතර රෝහලට ඇතුලත් කළ බවත් ඉන් එක් දරුවෙකු (10) මිය ගිය බවත් මාතර රෝහල කියයි.
ඉතිරි තිදෙනාගෙන් කටඋත්තරයක් පවා ගැනීමට නොහැකි බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පී.එච්.අයි.ලා නැද්ද? (නි)
අවාසනාවන්ත සිදුවීමක්. ඒ දරුවාට නිවන් සුව! මෙවැනි සිදුවීමක් 90 දශකයේ මෙල්බර්න්හි සිදු වුණා. වයෝවෘද්ධ බර්ගර් ජාතිකයෙක් ලාංකික උත්සවයක සංග්‍රහයෙන් රෝල්ස් කෑමෙන් පසු මරණයට පත්වුණා. ඒක රෝල්ස් වල තිබුන වසක් විසක් නොවුණත් ඔහුට යම් අසාත්මිකතාවයක් ඇතිවෙලා (ඒ මහතා වයස 90 කට කිට්ටු කෙනෙක් ). ඊටපසු මෙහෙ බොහොමයක් ලාංකික උත්සව වල නොමිලේ ආහාර ලබාදීම නතරවුණා. හේතුව නොමිලේ ආහාර දුන්නත් ඒවා ලබාදෙන සංවිධානය ඒ කෑම පිළිබඳව වගකීමට බැඳී සිටීමයි (නි)
දැඩි පියවරක් ගන්න. මොනතරම් ලොකු අපරාධයක්ද? (නි)
මෙම කඩය වසා දමා නීතියෙන් ඔවුන්ට විරුද්දව කටයුතු කර දඬුවම් දෙන්න (හේ)
එතකොට මේ කඩෙන් විකිණුවේ මේ රෝල්ස් 4 විතරද? (නි)
කඩේ වටළා මුදලාලියි රොටි බාස්වයි දෙන්නම කෝටුමස් කරන්න. මොකෝ පීඑච්අයි ලා, පොලිසිය ජරාව නොකනවා නම් මේවා මෙහෙම වෙන්නේ නැහැනේ. (නි)
ඔය රෝල්ස් වලින් වෙච්ච දෙයක් නම් මාතරින් භාගයකට මෙහෙම වෙන්න ඕනෑ. (නි)
රෝල්ස් ආහාරයට ගත් තවත් අයට ආසාත්මිකතා ඇතිවී ඇත්දැයි සොයාබැලීම කළයුතුය. එකම පවුලේ අයට පමණක් ආසාත්මිකතා ඇතිවීම සැකසහිතයි. ආහාරයට ගත් හෝ පානයකර ඇති වෙනත් දෙයක් නිසා සිදුවූ දෙයක් බව මාගේ අදහසයි. ඔය කඩෙන් අපිත් නිතරම කෑම ගන්නවා. (නි)
හරිම කණගාටුදායක සිදුවීමක්..! හයක් හතරක් දන්නේ නැති අසරණ දරුවන්ට දකින,දකින කඩවල් වලින් කෑම බීම අරගෙන දුන් විපාකයක මහත (නි)
පුළුවන් හැම වෙලාවෙම ගෙදරදී හදලා කෑම කන්න උත්සාහ කරන්න. කඩ කෑම කාලා වෙච්ච අකරතැබ්බ අනන්තයි. විශ්වාසයකින් ගිහිල්ලා කන්න පුළුවන් කඩ තියෙන්නේ අතේ ඇඟිලි ගාණට. (නි)
මේවා අහන්නත් දුක හිතෙන ආරංචිමේවට දැඩි නීති රීති ගෙන්න ඕනේ (කෞ)
ඉක්මන් සුවය ලැබෙවා (කෞ)
මෙවැනි දුක්මුසු දේවල් නිතර අහෙන්න පටන් අරන් බලය රැක ගන්න පොරකන අය මේවා දිහා බලන්නෑ (බ)
මේ සිදුවීමේදී රෝල්ස් විකුණපු කඩේටම බැනලා වැඩක් නැහැ. රෝල්ස් වල ප්‍රශ්නයක් නම් තව අය රෝහල් ගතවෙන්න ඕනෑ. මේක පිටුපස අපි නොදන්නා කතාවක් ඇති. (නි)
කෙළින්ම ආහාරයට ගන්න කෑම අපිරිසිදු අතින් ඇල්ලීම බරපතල දෙයක්. ගොඩක් කඩවල අතින් අරගෙන තමයි කෑම පාර්සල් කරන්නේ. අතේ මොන ජරාව තියනවද කවුද දන්නේ? ඔය කොත්තු කඩවලත් ඔයදේම වෙනවා. කුකුළු අසුචි තැවරුණ බිත්තර ඇල්ලු අතින්ම තමයි රොටි ටික තැටියට දාන්නෙත්. (නි)
කඩවල්වල සනීපාරක්ෂාව පිලිබඳ අවධානය නොසැලකිලිමත් මට්ටමක. ඒකෙ දෙකක් නැහැ.(බ)
ඇයි අපි මේ කඩ කෑම කන්න මෙච්චර කැමති? (නි)
සෑම්, ඉතාමත් වටිනා ප්‍රවෘත්තියක්. බොහොම ස්තුතියි. (නි)
සෑම කෑම කඩයකටම නීති පැනවිය යුතුයි. මම දැකලා තියනවා කෑම හදන තැනක පොඩි ළමයාගේ මල පහ හෝදනවා කඩේට එන අය වතුර බොන, අත හෝදන සින්ක් ටැප් එකෙන්.(හේ)
අාහාරයට නුසුදුසු ආහාර අලෙවි කළ බව ඔප්පු වුනොත් මේකට බරපතල දඬුවමක් නියම කළ යුතුයි ..එහෙම වුනොත් පමණයි අනිත් ආහාර වෙළෙන්දොත් පාඩමක් ඉගෙන ගන්නේ .. මෙය කළ යුතුම කාලින අවශ්‍යතාවයක්. වේලක් කන්න ගන්න ආහාරයක් නිසා වටිනා ජිවිතයක් නැති වුනා (බ)
කඩ මුදලාලිලාට වටින්නේ දැන් මුදලනේ (හේ)
මොන තරම් කිව්වත් දඩුවම් කරත් හෝටල් කාරයෝ ඔය ජරාව දෙන එක නවත්වන්නේ නැහැ. නීතිය පණ මදි . ඒක තමයි තියන ප්‍රශ්නේ. (බ)
මම දන්න කියන පවුලක්. ගොඩක් දුකයි (නි)
මෙම කඩයෙන් රෝල්ස් කාලා තියෙන්නේ මේ හතරදෙනා විතරද වෙනත් අසාත්මිකතා ඇතිවුන අය නැද්ද හරියටම තොරතුරු නොදැන අපට එක්වරම කඩයට ඇඟිල්ල දිඟු කල නොහැක (කෞ)
ආහාර අලෙවි කරන බොහෝ තැන්වල සෞඛ්‍ය ආරක්ෂාව ගැන සැලකිල්ලක් නැහැ. අපි මුදල් ගෙවල කන්න බොන්න ගියත් අපිට ඒවා ගැන කතා කරන්නත් බැරි තත්වයක් තමයි තියෙන්නේ. (කෞ)
රෝෂන්, ඔය ප්‍රස්නේම මගේ හිතටත් ආව. මේ අය මෙම රෝල්ස් කෑමට පෙර හෝ පසු යම් අපත දෙයක් කෑවද කියා සොයා නොබලා අපිට තීරණයක් ගත නොහැකිය (කෞ)
මාතර බෝදියේ ඉතිරිවෙන කපුරු පස්තෙල් කවලම් පොල්තෙල් අඩුමුදලට විකුනනවා ඒවා අරගෙන හදන දේවල් ආහාරයට ගත්තම ඔහොම වෙනවා (කෞ)
මේක මිනි මැරුමක් වෙන්නත් පුළුවන් කඩයක විකුනන්නේ රෝල්ස් 4ක් 5ක් නෙමෙයිනේ. රෝල්ස් විස වෙලා නම් තව ඒ අවට 25 දෙනෙක් වත් අඩු තරමින් රෝහල් ගත කරන්න ඕනේ.(කෞ)
හරිම කණගාටුදායක ආරංචි මේ දවස් වල අහන්න ලැබෙන්නේ. කඩේට ගෙනා අනිත් රෝල්ස් කාපු අයත් ඉන්න ඇතිනේ. (නි)
ලක්සිරිගේ කීමට මමත් එකඟයි. ගමන් යනවිට රෝල්ස් පමණක් නොවෙයි තවත් දේවල් කන්න ඇති. එබැවින් හෝටල්කරුවාටම වරද පවරන්නේ නැතුව අමතරව තව මොනවා කෑවාද කියා මෙම දෙමව්පියන්ගෙන් ප්‍රශ්න කළයුතුය (නි)