ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ඔහුට දිගු ගමනක් යාමට නොහැකි වුවද ගායකයෙකු ලෙස ‘ළංවෙලා ළඟ උන්නු කාලේ’ ගීතය තුළින් ජනප්‍රියත්වට පත්වෙන්නට ඔහුට හැකිවිය. ඔහු රංග සොයිසාය. ඔහුගේ කලා දිවිය පිළිබඳව ‘සාරවිට’ සමග පැවැසුවේ මෙවැන්නකි.
අලුත්ම වැඩේ ගැන කියලා හිටියොත්?
මගෙ ජීවිතේ හැඟීම්බරවම ආශාවෙන්ම ගායනා කළ ගීතය මගේ ආදර අබිරු පුතාට ගායනා කළේ. ගීතය නම් කළේ, ‘පුංචි පුතා’ කියලා.
ඇයි පුතා වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරන්න හිතුවේ?
මෙච්චර ඉක්මනට කරන්න හිතුවේ නෑ. අහම්බෙන් තමයි මේ ගීතය නිර්මාණය වුණේ. ඒක අශාන් ප්‍රනාන්දු මල්ලි සහ නිසල් ප්‍රනාන්දු. මල්ලි මට දුන්න (surprise) එකක්. ඒ නිසාම මේක මගේ ජීවිතයේ සුවිශේෂීම ගීතයක්.
කොහොම දැන් ගීතයට ලැබෙන ප්‍රතිචාර?
තවම ගීතය අන්තර්ජාලයට එකතුකලා විතරයි අහපු ගොඩක් අය මට අන්තර්ජාලයෙන් හා දුරකථන ඇමතුම්වලින් සුභපැතුවා. ගීතය හරිම සංවේදියි. ලස්සනයි. කියලා. විශේෂයෙන් අලුතෙන් පුතාල ලැබුණු ගොඩක් අය සුභපැතුවා. ගීතය අලුත් නිසා, ටික ටික තමයි රසිකයන් අතරට යන්නේ. මම කියනව අන්තර්ජාලයෙන් අහන්න කියල අහපු නැති මගෙ සියලු රසිකයන්ට. යාලුවන්ට. පියවරුන්ට.
අද තිබෙන ගීත රැල්ලත් එක්ක මෙවැනි ගීතයක් රසිකයන් අතරට ගියහම ඔවුන් එය වැලඳ ගන්න ප්‍රමාණය වැඩි නේද?
ඇත්ත. විරහ ගීත, ආදර ගීත විශාල ප්‍රමාණයක් නිර්මාණය වන වකවානුවක මෙවැනි නිර්මාණ අහන්න කැමති ගොඩක් රසිකයො ලංකාවේ ඉන්නව කියන එකයි මගෙ විශ්වාසය. වෙනස් අර්ථයක් ගන්න ගීත අඩුවෙන් බිහිවන නිසා.
අවසාන වශයෙන් කිව්වොත් ඉදිරි කටයුතු මොනවාද කියලා
කොරියානු සංචාරය සාර්ථකව නිමකරලා ආපූ ගමන් තමයි. පුතාගෙ ගීතය රිලිස් කළේ. ඉදිරියට ආශාවෙන් ඉන්නව රූපරචනයක් කරන්න. මේ ගීතයට. තවම අනුග්‍රාහයකයෙක් ලැබුණේ නෑ. මේ මාසෙ මැද ඉඳන් එළිමහන් සංගීත ප්‍රසංග කීපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒවට සහභාගි වෙන්න සහ රැකියාවේ කටයුතුත් කරගෙන පවුලේ කටයුතුත් කරගෙන හෙමින් ගමනක් යනවා.
ස්තූති කරන්න පිරිසක් ඇති නේද?
කොරියානු සංචාරයේදී මට උදවු කළ මිලින්ද ප්‍රසාද්, අමිල අයියා, උපාලි අයියා, දීපාල් අයියා. දිනේෂ් සොයිසා. වෙරංග මල්ලි. ඉන්දික රවින්ද්‍ර, මදුර මල්ලි. සිත්තරා, උදාර, ගයාන්, චානක, අරෝස්ටාර් කණ්ඩායමේ සියලු සාමජිකයන්, රයිනි, ශනුද්‍රි, ආත්මා ලියනගේ, ඇතුළු උදව් කරපු සියලු දෙනාටත්. පුතාගෙ ගීතය කරපු. අශාන් මල්ලි. නිසල්. දුලීක. සොයුරන්ටත්. මේක අවස්ථාවක් කරගන්නව ස්තූතිය පුද කරන්න සහ පවුලේ සියලු දෙනා බිරිඳ. අම්මා, සියලු ගුරුවරු සහ මට මේ අවස්ථාව ලබාදුන් ඩිලාන් මල්ලිටත් මගේ හද පිරි ස්තූතිය.
ඩිලාන් ක්‍රිෂාන්ත
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රැල්ලට නොගිය රංගගෙන් 'පුංචි පුතා'