(යොහාන් භාසුර)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙහෙරහැර රියදුරු බලපත්‍ර මුද්‍රණ කිරීමේ අංශයේ කටයුතු ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට නැවතත් එම දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය.
රියදුරු බලපත්‍ර මුද්‍රණ කිරීමේ අංශය ගිවිසුමකට අනුව වසර කීපයක් යුද හමුදාවේ පාලනය යටතේ ක්‍රියාත්මක වූ බවත් එම ගිවිසුම ප්‍රකාරකව නැවත භාරගන්නා බවත් වීරසිංහ මහතා කීය.
එම අංශයේ කටයුතු පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට පුහුණුව ලබමින් සිටින බව කී මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ඉන් පසුව එම නිලධාරීන් එහි සේවයට අනුයුක්ත කරන බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
444
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රියදුරු බලපත්‍ර අංශයෙන් යුද හමුදාව ඉවත් කරයි
Lalla Wednesday, 26 July 2023 03:06 PM
ඕක නැවත පෞද්ගලික අංශයට දෙන්න වෙනවා .පලමු දිනයේ පටන් පගාව රජයනවා නියතයි...අනික වැඩ බැරි ටාසන්ලා රෑනක් තාක්ෂණික වැඩ කොහොම කරන්නද?
HansikaWednesday, 26 July 2023 04:21 PM
ආර්මි එක කාඩ් මුද්‍රණය කරද්දි ලාබය සම්පූර්ණයෙන් රජයට මේක අයින් කරන්නේ කොමිස් එක එන්නැති නිසා මිසක් කා ගැනවත් හිතලා නෙවෙයි.
යකාThursday, 27 July 2023 08:37 PM
ඕක හමුදාවෙන් කරද්දි අවුලක් නැතුව ගියා නේ ආරංචියක් තියනව කලින් කරපු කම්පැනියට දෙනව කියල metropolitan එකට
Rasika Wednesday, 26 July 2023 05:57 PM
පගාව ගන්න බැරි නිසා තමයි මේක ඉවත් කරන්නේ නැතුව කාටවත් තියෙන ආදරයකට නෙවෙයි. හමුදාවෙන් වැඩේ හරියට කරද්දීත් මේ project එක අරන් තව ටික කාලෙකින් පුද්ගලික කම්පැණියකට දෙන්නයි හදන්නේ... එතකොට කොමිස් එහෙම හොඳට එනවානේ...
Nethmi Wednesday, 26 July 2023 06:02 PM
මේක තනිකරම හොරු රැළකගේ වැඩක්... ජනතාව ගැන නොහිතා තමන්ගේ මඩිය තර කරගන්න කරන වැඩක්.. මේ ආකාරයට හෝ මිනිස්සුන්ගේ අතට ලයිසන් එක හම්බ වුනේ හමුදාවට පිං සිද්ධ වෙන්න. දැන් ඉතින් ඉස්සරහට ලයිසන් එක ගන්න වෙන්නේ එක එකාට පගාව දීලාම තමයි. රටට බුදු සරණයී...!
Nethmi Wednesday, 26 July 2023 06:04 PM
නාස්තිය, දූෂණය නැතිව වැඩක් වෙද්දී රටේ ඉහළ රාජ්‍ය නිලධාරීන් මේ වගේ මෝඩ තීරණ ගන්න එක හරිම කණගාටුදායකයි...
ආර් එහි ආර් දිය ඇලගෙදර Wednesday, 26 July 2023 06:07 PM
කිසිම දවසක හරියට වැඩක් කරන කෙනෙකුට තැනක් නොමැති අවාසනාවන්ත රටක්.
Pavani Wednesday, 26 July 2023 09:28 PM
හොරකම් කරන්න බැරි නිසාද හමුදාවෙන් ඉවත්කරන්න හදන්නේ ?
Ransala Thursday, 27 July 2023 12:31 PM
මේකෙන් වෙන්නේ අහින්ස්කා මනුස්සයාට පාර වදින එක .මොකද මේක දෙපාර්තමේන්තුව ගන්නවා කිව්වට වෙන ගේම් එකක් ගහන්නේ කියලා අපිට තේරෙනවා .ආමි එකේ පිල්ලි වලට වැඩ ටික කළා
Tharanga Thursday, 27 July 2023 12:47 PM
දැන් ඉතින් කලින් වගේ පගාකාරයෝ පාරේ යන්න දෙන්නෙත් නැතුව වද දෙයි ලයිසන් ගන්න ඕනෙද කියල.
Kavishka Friday, 28 July 2023 04:56 PM
ඔය වගේ වැඩකට ඕනේ කාර්යක්ෂම රාජ්‍ය නිලධාරීන්... (හමුදාව වැනි) හමුදාවෙන් ඉවත් නොකළොත් හොඳයි කියන එක තමයි අපේ මතය...