(යොහාන් භාසුර)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙහෙරහැර රියදුරු බලපත්‍ර මුද්‍රණ කිරීමේ අංශයේ කටයුතු ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට නැවතත් එම දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය.
රියදුරු බලපත්‍ර මුද්‍රණ කිරීමේ අංශය ගිවිසුමකට අනුව වසර කීපයක් යුද හමුදාවේ පාලනය යටතේ ක්‍රියාත්මක වූ බවත් එම ගිවිසුම ප්‍රකාරකව නැවත භාරගන්නා බවත් වීරසිංහ මහතා කීය.
එම අංශයේ කටයුතු පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට පුහුණුව ලබමින් සිටින බව කී මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ඉන් පසුව එම නිලධාරීන් එහි සේවයට අනුයුක්ත කරන බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක නැවත පෞද්ගලික අංශයට දෙන්න වෙනවා .පලමු දිනයේ පටන් පගාව රජයනවා නියතයි...අනික වැඩ බැරි ටාසන්ලා රෑනක් තාක්ෂණික වැඩ කොහොම කරන්නද?
පගාව ගන්න බැරි නිසා තමයි මේක ඉවත් කරන්නේ නැතුව කාටවත් තියෙන ආදරයකට නෙවෙයි. හමුදාවෙන් වැඩේ හරියට කරද්දීත් මේ project එක අරන් තව ටික කාලෙකින් පුද්ගලික කම්පැණියකට දෙන්නයි හදන්නේ... එතකොට කොමිස් එහෙම හොඳට එනවානේ...
මේක තනිකරම හොරු රැළකගේ වැඩක්... ජනතාව ගැන නොහිතා තමන්ගේ මඩිය තර කරගන්න කරන වැඩක්.. මේ ආකාරයට හෝ මිනිස්සුන්ගේ අතට ලයිසන් එක හම්බ වුනේ හමුදාවට පිං සිද්ධ වෙන්න. දැන් ඉතින් ඉස්සරහට ලයිසන් එක ගන්න වෙන්නේ එක එකාට පගාව දීලාම තමයි. රටට බුදු සරණයී...!
නාස්තිය, දූෂණය නැතිව වැඩක් වෙද්දී රටේ ඉහළ රාජ්‍ය නිලධාරීන් මේ වගේ මෝඩ තීරණ ගන්න එක හරිම කණගාටුදායකයි...
කිසිම දවසක හරියට වැඩක් කරන කෙනෙකුට තැනක් නොමැති අවාසනාවන්ත රටක්.
හොරකම් කරන්න බැරි නිසාද හමුදාවෙන් ඉවත්කරන්න හදන්නේ ?
මේකෙන් වෙන්නේ අහින්ස්කා මනුස්සයාට පාර වදින එක .මොකද මේක දෙපාර්තමේන්තුව ගන්නවා කිව්වට වෙන ගේම් එකක් ගහන්නේ කියලා අපිට තේරෙනවා .ආමි එකේ පිල්ලි වලට වැඩ ටික කළා
දැන් ඉතින් කලින් වගේ පගාකාරයෝ පාරේ යන්න දෙන්නෙත් නැතුව වද දෙයි ලයිසන් ගන්න ඕනෙද කියල.
ඔය වගේ වැඩකට ඕනේ කාර්යක්ෂම රාජ්‍ය නිලධාරීන්... (හමුදාව වැනි) හමුදාවෙන් ඉවත් නොකළොත් හොඳයි කියන එක තමයි අපේ මතය...