පිටකෝට්ටේ  නිහාල් රත්නායක  නම් පෞද්ගලික  කුලී රියදුරා (60)  ඝාතනය කිරිමේ  ප්‍රධාන  සැකකරු බැද්දගානේදී අද අත් බෝම්බයක් ද මියගිය පුද්ගලයාගේ ජංගම දුරකතනයද සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මිය ගිය රියදුරාගේ දියණියගේ දරුවකු පාසලකට ඇතුළු කරන බව කියා රුපියල් දෙලක්ෂයක් ඉල්ලා වසර කිහිපයකට පෙරරුපියල් පනස්දාහක් ගෙන  වංචා කළැයි කියන සිද්ධීය පොලීසිය පැමිණිලි කිරිමේ වාඩුව ගැනීමට ඔහු මේ ඝාතනය කළේ දැයි සොයන බව පොලීසිය කියයි.

දින අනුවක රැදවුම් නියෝග මත ඔහුගෙන් ප්‍රශ්න කැර ගෙන යයි.