සෞදි අරාබියේ නීති විරෝධී ලෙස රැදී සිටින අනවසර විදේශිකයින් සඳහා ලබා දී ඇති පොදු සහන කාලයට සමගාමීව සෞදි අරාබියේ සකාකා ප‍්‍රදේශයේ වෙසෙන අවතැන්වූ ශ‍්‍රී ලාංකිකයන් සඳහා තාවකාලික ගුවන් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීම පිනිස රියාද් තානාපති කාර්‍යාලයේ නිලධාරීන් මෙහෙයවන විශේෂ ජංගම සේවාවක් 29 දින පෙරවරු 9.00 සිට දවස පුරා පවත්වන බව රියාද් තානාපති නිලධාරීහු පවසති.
මෙම ස්ථානය පිහිටා ඇත්තේ සකාකා අල් අකරියා නැගෙනහිර ප‍්‍රදේශයේ රාජා අල් මුවයිශීර් මාවතේ ෆල්වර් හෝම් ඉදිරිපිට වෝල් සේල් හෝම් හි දෙවන මහලෙහි පිහිටි ‘දානත්‘ ආයතනයේ බව බලධාරීහු පවසති.
තාවකාලික ගමන් බලපත් ලබා ගන්නා සියළු ශ‍්‍රී ලාංකිකයින් තම ගමන් බලපත‍්‍රයේ වීසා පිටුවේ පිටපතක් හෝ අකාමා පිටපතක් සමග ගමන් බලපත‍්‍රයට අවශ්‍ය ප‍්‍රමාණයේ ඡායාරූප දෙකක් ද අනිවාර්්‍යයෙන්ම රැගෙන ආ යුතුය.
වැඩි විස්තර සඳහා 054-1277614 අමතන්න .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හැම ලංකා තානාපති කාර්යාලයකම මේ වගේ ආදර්ශමත් වෙනවා නම්.(නදී)
නීතිය, සාමය, අනුකම්පාව, ආදරය, ව්‍යාපාර, තාක්ෂණය, දේශපාලනය, ඕවා තියනවා නම් කොහොමද මේච්චර අරාබි රටවල්වල ලේ හැලේන්නේ? මිනිස්සු වන සත්තු වගේ හැසිරෙන්නේ. ඇමරිකන් මිනිස්සු තෙල් හොයා ගත්තේ නැත්නම් ඔය ආරාබි රටවල් තාම ගල් යුගයේ. ආගම විතරයි බුද්ධිය නැහැ. ඒකයි මේ ප්‍රශ්ණවලට හේතුව.(නදී)
මාධ්‍ය වලින්, කටකතා මගින් මේ ගැන දන්නා අය ඒවි. ඒත් ගෙවල් ඇතුලේ හිරවෙලා ඉන්න ගෘහසේවිකාවන් බොහොමයක් මේ බව දන්නේ නැහැ. ඒ නිවෙස් වල සෞදි හාම්පුතාලා මේ ගැන කියන්නේ නැහැ. මොකද එයාලට ගෙදර සේවිකාවක් නැති වෙන නිසා. කවද හරි ඒ වගේ අයගේ තොරතුරක් වත් නැති වේවි. එහෙමත් නැත්නම් ඒ අයට ඇතිවෙන තුරු වැඩ අරගෙන කපල කොටලා පාරක, කැලෑවක ගිහින් දාවි.(කමිෂ් මුශායට් වලදී ඇග්නස් ප්‍රනාන්දුට කළා වගේ.) මේ පිළිබඳව ඇති දැවැන්ත ප්‍රචාරයක් ලංකාවේ දියත් කල යුතුයි. අනෙක කමිස් මුශායට්, නජරාන්, ජීසාන් වැනි අවට ප්‍රදේශවලත් අනවසර ශ්‍රමිකයන් සිටිනවා.එම ප්‍රදේශයන් නියෝජනය වන පරිද්දෙන් ජංගම සේවාවක් පැවැත්විය යුතුය.(නදී)
මා දකින්නාවු අනෙක් කාරණය නම් මෙලෙස ඔවුන් විදෙස් රටකදී හෙලන්නාවු දහදිය ඒ ආකාරයෙන්ම අපගේ මව්බිමේ හෙලුයේ නම් ඒ මුදලම ඔවුන්ට මේ රටේදී සොයා ගැනීමට අපහසු නොවන බවයි. ප්‍රශ්නය වන්නේ අපේ රටේදී අපි ඉතාමත් අලසව කුඩා ක්‍රියාවකින් විශාල මුදලක් සෙවීමට උත්සාහ දැරීමයි. (ස)
මේනකා ඔය හරි ඒක තමඊ වන්න ඕන අරාබි ජාතියට හිතක් නැතී සත්තු වගේ (ස)
මොනවා වුනත් ලැබුණ අවස්ථාවෙන් නිසි ඵල ගන්න . හෙම එකටම සෞදි වලට බැනල වෙඩක් නැහැ . ඔබලා යන්නේ ඔබලාගේ කැමැත්තෙන් . (ස)
අනේ අනේ අපිත් සෞදි වල තම වැඩ කරන්නේ, මෙහෙ කෙරුවාව දන්නේ සෞදි ඉන්න අය, වැඩකට ඇති දෙයක් කරන්නේ නැහැ. ඔක්කොම කරන්නේ එයාලගේ හිතුමතයට විතරයි. (ස)