සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ සුබසාධන අංශය හා එරට ශ්‍රී ලාංකිකයෝ වෙසක් වැඩසටහන් කිහිපයක් පැවැත්වූහ.
ශීල ව්‍යාපාර, ධර්ම දේශනා, වෙසක් තොරණ, දන්සල්, භක්ති ගීත සහ බෞද්ධ නාට්‍ය දර්ශන එම වැඩසටහන් අතර විය.
තානාපති කාර්යාලයයේ වැඩ බලන තානාපති සිරිපාල ගම්මන්පිල, ඇමැති උපදේශක අනුර මුතුමාල මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ වැඩසටහන් වලට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට සෞදි අරාබියාවේ තානාපති කාර්යාලය තියෙන්නේ ශ්‍රී ලංකා දේශ සීමාවේද? නැත්නම් බුරුම දේශ සීමාවේද? මේ තානාපති කාර්යාලයට පොලීසියට ඇතුළු වෙන්න බැරිය කියලා කොහොමද කියන්නේ? එතකොට තානාපති කාර්යාලය තුල මිනීමැරුමක් වුනොත් ඒක ශ්‍රී ලංකා පොලීසියෙන්ද පරීක්ෂණ පවත්වන්නේ? ඒ රටේ අයට අයිතියක් නැද්ද? අනික සෞදි වල එහෙම තත්වයක් තියනවා නම් ඇයි ඒ රටේ ඉන්නේ? ඒ කියන්නේ බුදුන් වදින්න බැරි රටක බුදුන්ට වඩා මුදල් ඔයාලට වැදගත් ද? තමන්ගේ ආගමට මුල්තැන දෙනවා නම් ඒ ගුවන්තොටුපොළේ දීම හැරිලා එන්න ඕනේ. එහෙනම් මුදල් ලැබෙනවා නම් ධර්මය පවා අමතක කරන්න ලැහැස්තිද? ඊට වඩා හොද නැද්ද කොරියාව, බුරුමය, ජපානය වගේ බෞද්ධ රටක රැකියා කරන එක. අනේ මහත්තයෝ මේවට තමා කියන්නේ සෝබන කියල. කරුණාකරලා මේ යහපත් කල් ක්‍රියාව හරි පිරිසුදු නෙතින් පිරිසුදු හදින් බලන්න මොකද මේ බුදුන් ඉපදුන මාසය. මේ මාසේ හරි නියම බෞද්ධයෝ වගේ හැසිරෙන්න. ඔයාලට මේ ගැන අදහස් අවශ්‍ය නම් සෞදි තානාපති තුමාගෙන් විමසන්න? එහෙම නැත්නම් කිසි කෙනෙකු සෞදි නොගොස් ඉන්න.(නදී)
කටාර් වල ඔය කියන තරම් නීති නැහැ ඕනෙම දෙයක් කරන්න පුළුවන් නිදහස තියෙනවා. අවුරුදු උත්සව සංගීත සංදර්ශන වෙසක් තොරණ දැක්කේ නැත්නම් ගිහින් බලන්න කර්මාන්ත පුරයේ දන්සල් ඔක්කොම තිබුනනේ ක්‍රිස්තියානි පල්ලි පවා තියෙනවා කටාර් වල. අදහස් පල කිරීමේදී සත්‍ය ප්‍රකාශ කරන්න.(නදී)
මේ ලියන මම සෞදි අරාබියේ අවුරුදු 9ක් සේවය කර ඇත්තෙමි.සෞදියේ මුස්ලිම් හැර අනන්‍ය ආගමිකයන්ට කිසිම විදියකින් තමන්ගේ ආගම හොරෙන් මිසක් එළිපිට ඇදහීම තහනම්! මේ තමයි සත්‍යතාවය.මමත් දවල් 12 සලා වෙලාවේ එළියේ දවල් ආහාරය ගනිමින් සිටියා. ඒ වරදටත් මම සලා පොලිසියෙන් හොද රසවත් කනේ පාරක් ලැබුවෙමි. (නි)
මමත් ඉන්නේ කටාර්වල. මෙහෙත් තානාපති කාර්යාලය ඇතුලෙදි බුදුන් වදින්න පුළුවන්. එළියේදී බෑ. ඒවා දන්නේ අරාබි රටවලට ආපු අය විතරයි. අපිට එවන උපන්දින කාර්ඩ් 1 කඩල බලල තමයි දෙන්නේ. තව මොන කතාද?(නදී)
අපි හැම අවුරුද්දෙම කටාර් වල දන්සල්, අවුරදු උත්සව හැම එකටම යනවා. දැන් සෞදි ඉන්නේ, මෙහෙත් එහෙම තමයි. ලංකාවේ මිනිස්සු එක්වෙලා අදාල නිලදරීන්ගෙන් අවසර ගත්තම ඕන නීතිමය දෙයක් කරන්න පුළුවන්.(නදී)
සාම,වෙනුර හරි. මම එකක් අහන්නම්. ඔයාල කියනවා වගේ එහෙ බුදුන් වඳින්න බැහැ කියමුකෝ. එන්න කටාර් වලට නැත්නම් ඩුබායි, නැත්නම් තව කොහේ හරි. ඒක මෙයාලා කරන්නේ නැහැ. හේතුව හොඳ පඩියක් ලැබෙනවා හැම වරප්‍රසාදයක්ම ලැබෙනවා. ලංකාවට ගිය දවසක බුදුන් වදින්න බැරිය කියලා ඉන්නවා. මේවා තමා " තලගොයා කබරයා වෙන වේලාවන්" මුස්ලිම් රටේ ඉඳගෙන මුදල් හම්බ කරලා එයාලටම තම්බියෝ කියලා බනින්න ලජ්ජා නැද්ද? එක දෙයක් තේරුම් ගන්න කරුණාකරලා. අපි ආගම්වාදයෙන් හෝ ජාතිවාදයෙන් මේ ලෝකේ ජීවත් බැහැ මහත්තයෝ.හැමෝම අපි මිනිස්සු ටික කාලයයි අවුරුදු 60-65 ජීවත් වෙන්නේ. මේ ලෝකේ හරි සුන්දරයි අපි හොඳ වුනානම්. අපේ චේතනා අපිරිසිදු නම් දකින දකින හැමෝම අපිට පෙන්නේ හතුරෝ විදිහට. ලංකාවේ මුස්ලිම් අපි කවදාවත් සිංහල යට හතුරුකම් කරලා නැහැ. හැම දෙයක් ම සුබවාදීව සිතන්න අපිට කවදාවත් වරදින්නේ නැහැ! (නි)
ඉෂි ඔයා හරියට හරි මෙතන අදහස් දක්වන කට්ටිය කිසිම දෙයක් නොදන්නවා වගේ. තානාපති වරප්‍රසාද වලට පොලිසියට ඇතුල් වෙන්න තහනම්. රටේ ඇති නීති වලට ගරුකරලා ඔය දේවල් කරන්න පුළුවන් නැතුව අර ගෆූර් කියනවා වගේ තානාපති කාර්යාලය තියෙන්නේ බුරුමයේද වගේ දේවල් මෝඩයෝ කියන වචන.(නදී)
කපිල - අබූහමූර් වල තිබෙන කෝවිල් ක්‍රිස්තියානි පල්ලි දැකලම නැද්ද? ආගමික සිද්ධස්ථාන සදහා වෙන්කර ඇති පෙදෙසට ඔයා ගිහිල්ලම නැද්ද? ඉමානුඅල් පල්ලිය , ග්‍රීක් ඔතෝඩොක්ස් පල්ලිය, රේලීජියස කොම්ප්ලේක්ස් වක්‍ර ඉදලා යනකොට ඉන්ඩසට්‍රිඅල් ඒරියා පාරේ තියෙන්නේ. පන්සලක් වුවත් හදාගන්න පුළුවන් ඔයාලා උත්සාහ කළා නම්. නිකන් බොරු ලියන්න එපා.(නදී)
අරාබිය නරක රටක් නමි ඇයි ඔයාලා එහෙ යන්නේ.(නදී)
සියලු දෙනාගේ දැනගැනීම පිණිසයි , තුන්ගසිරි බුදුන් වහන්සේගේ රූපයකට වැන්දාද? ගුරුකම් කලාද යන්න හරියට සොයා බලන්න. අනව්ශ්‍ය දේ ලියන්නේ නැතිව මොකද මමත් ඔය කියන වෙසක් තොරණ් හදපු වෙසක් කුඩු හදපු කෙනෙක් අවරුදු 16 ක් තිස්සේ සෞදි රටේ ඉන්නේ. මෙවරත් ඉතා හොඳ උත්සවයක් කරා බලන්න ලංකාදීපය 24 දින, සැමට තෙරුවන් සරණයි.(නදී)
මේවට වියදම් කරපු කාලය, ශ්‍රමය සහ මුදල් වියදම් කරලා මෙහෙ අනාත වෙලා ඉන්න අසරණයෝ කිහිප දෙනෙක් ලංකාවට ගෙන්වා ගත හැකි නම් , විශාල පුන්‍යකර්මයක්. මම හැමදාම මේ අසරණයෝ ගැන හිතමින් දුක් වෙනවා (නි)
කව්රු හරි කියනවනම් එම්බසි එකේ විතරයි මෙවැනි දේවල් කරන්න පුළුවන් කියලා මම අභියෝගකරනවා විතරක් නෙවෙයි කරලත් පෙන්වනවා. මෙරට මුස්ලිම් රටක් උනත් නිකරුනේ අනුන්නට හිරිහැර කරන්න උනන්දු වෙන්නේ නැහැ. හැබැයි පෞද්ගලිකව කාටවත් කරදර නොවන විදිහට කරන්න ඕනා. ඒ වගේම තුන්ගසිරි මෙතනට අදාළ කරගන්න ඕනේ නැහැ. ඒ ප්‍රශ්නේ වෙන එකක්.(නදී)
තුන්ගසිරිට විරුද්ධව කයිවාරු ගහන අය වගේම තමන්ගේම ආගම සුද්ද කරන්න හදන ෆස්රූල් ගෆූර්ලා වගේ මෝඩයිනේ, තානාපති කාර්යාලයක් කියන්නේ නුඹලා අපි යන එන මාර්කට් එකක් නෙමෙයි.යම් රාජ්‍ය බලයක් තියෙනවා.තානාපති කාර්යාලය තුල සිදුවන ඕනෑම ආගමික සංස්කෘතික කටයුත්තකට එරෙහිවෙන්න මෙරටේ රජ්ජුරුවන්ට තියා අල්ලා දෙවියන්ටවත් බැහැ.තමන්ගේ ආගම ගැන පම්පෝරි ගහන මුස්ලිම් මහතුනේ, සෞදියේ වෙනදේවල් ගැන අපිට උගන්වන්න එපා.ගෆූර් අනුන්ට හූ කියන්න කලින් තමන්ගේ හෙළුව වහගෙන ඉන්න . (නි)
සමහරු සෞදි වලදී කරන වැරදී වලට , හේතුව කියන්නේ බුදු පිළිමයට වැන්ද නිසා කියලා. අද අපිට පේනවා එහෙ නියම තත්වය.. අද අපිට සත්‍ය පේනවා (නි)
තුන්ගසිරි කියපු විදිහට සෞදිවල බුදු පිළිම තියාගන්ඩ බැහැ නේද? එත් ඔතන තියෙන්නේ වෙන මොනවා හරිද? එතකොට තුන්ගසිරි ගෑනු පස්සෙන් ගිහින්ද කස පහරයට ලක්වුණේ? අනේ ඉතින් කට කියන්ඩද? (නදී)
දෙන පේනවා නේද තුංගසිරිගේ පච කොහමද කියලා? එතකොට මෙහෙ ඉන්න සියලු දෙනාටම සෞදි පොලිසිය විසින් කස පාරවල් අවුරුද්දක් සිරබාරයට ගන්න ඕනේ. වල් කමේ ගියොත් කසපාරවල් නෙවේ ඔලුව නැතුව එන්නයි සිද්ද වෙන්නේ.(නදී)
අපේ තුන්ගසිරි මහත්තය වැඳපු බුදුන් සහ මෙතන වඳින බුදුන් වෙනස්ද ? තුන්ගසිරි සහ ඔහුට පක්ෂව කතා කරපු අය කියන විදියට මේ ගොල්ලන්වත් බුදුන් වැඳපු වරදට අත් අඩංගුවට ගනීද දන්නේ නැහැ.(නදී)
මෙය සෑම අවුරුද්දකම ඉතාම සාමකාමිව කරගෙන යන උතුම් කර්තව්‍යක්. මෙයට කිසිම බේදයක් නැතිව බොදු, කිතුනු, හින්දු හා ඉස්ලාම් භක්තිකයන් සක්‍රීයව දායක වෙනවා. ලංකාවේ සිටින සමහර දේශපාලකයන් සහ අන්තවාදීන් පවා නොදන්නවා නොවෙයි.(නදී)
සමහරු කියනවා අරාබි රටවල ආගම් අදහන්න බැහැ කියලා. ලංකාදීපයට ස්තුතියි පින්තූර ටික දැම්මට.(නදී)
අගය කල යුතු වැඩක්
සුභපැතුම් අපෙන්
තානාපති තුමාට අපගේ උතමචාරය!(නදී)
තුන්ගසිරිට විරුද්ධව කයිවාරු ගහන අය වගේම තමන්ගේම ආගම සුද්ද කරන්න හදන ෆස්රූල් ගෆූර්ලා වගේ මෝඩයිනේ, තානාපති කාර්යාලයක් කියන්නේ නුඹලා අපි යන එන මාර්කට් එකක් නෙමෙයි. යම් රාජ්‍ය බලයක් තියෙනවා. තානාපති කාර්යාලය තුල සිදුවන ඕනෑම ආගමික සංස්කෘතික කටයුත්තකට එරෙහිවෙන්න මෙරටේ රජ්ජුරුවන්ට තියා අල්ලා දෙවියන්ටවත් බැහැ. තමන්ගේ ආගම ගැන පම්පෝරි ගහන මුස්ලිම් මහතුනේ, සෞදියේ වෙන දේවල් ගැන අපිට උගන්වන්න එපා. ගෆූර් අනුන්ට හූ කියන්න කලින් තමන්ගේ හෙළුව වහගෙන ඉන්න .(නදී)
තුන්ගසිරිට දඩුවම් කරලා තියෙන්නේ බුදුන් වැන්දට නෙමෙයි කියලා මේවා බලපුවම තේරෙනවා. සුවර් එකට වෙන දෙයක් වෙලා තියෙන්නේ, මෙහෙම වෙසක් උත්සව තියන්න පුලුවන්ද නැත්නම්.(නදී)
සෑම්, කේ.අයි සෙනවිරත්න සහ ලලිත් ප්‍රේමලාල් මහත්වරුන්ගේ සහ අමාලි සිල්වා මහත්මියගේ අදහස් කියවලා බලන්න. එතකොට තේරෙයි කව්ද ඉන්නේ හෙළුවෙන් කියලා.(නදී)
ඇයි මේකට අන්වශ්‍ය ය ප්‍රශ්නයක් ගත්තේ. තානාපති භූමියේ ඇරෙන්න මේ දේවල් සෞදි අරාබියේ කොතනකවත් කරන්න බැහැ. ඒක කව්රුත් දන්නා කාරණයක්.(නදී)
"දන්සල් දොරෙහි නැත යදියෝ.(නදී)
මම දන්නා තරමින් ඕනෑම තානාපති කාර්යාලයකට අයත් පරිශ්‍රය අයිති වන්නේ එම තානාපති කාර්යාලය අයත් රටටයි. එනිසා එම භුමියතුල තානාපති නිලධාරීන්ට අවශ්‍ය උත්සවයක් සංවිධානය කල හැක. එම භූමියට සවුදි පොලිසියට හෝ මුතව්වන්ට ඇතුළුවිය නොහැක. මමත් සවුදි අරාබියේ අල් කොබාර් නගරයේ අවරුදු 4 ක් සේවය කළනිසා එම රටේ තත්වය දනිමි. සවුදි අරාබියට විදේශ රටවලින් එන සඟරා හෝ පත්තර වල පවා කිසියම් දේව රූපයක්, බුද්ධ රූපයක්, ජේසුතුමාගේ රූපයක්, කුරුසියක් හෝ තිබේනම් ඒ සියල්ලම කළු පාට තීන්ත වලින් මකා දමනු ලැබීමෙන් පසුවයි වෙළඳපොළට නිකුත් කරන්නේ. සවුදි ගුවන් තොටුපොලවලදිත් බැග් පරික්ෂා කරනවිට එවැනි දේවල් අහුවුනොත් ඒ සියල්ලම විනාශ කරනවා.(නදී)
මෙය සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, මේක ලංකාව වගේ තමයි. හැබැයි තාප්පෙන් පිට කතා කර කර වත් ඉන්න අවසර නැ. තුන්ගසිරි මොනවා කරලද කියන්න නම් දන්නේ නැහ. ඒක තමයි වෙනස.(නදී)
මේ තානාපති කාර්යාලය ඇතුලේ. එළියේ මෙහෙම කාටවත් හැසිරෙන්න බැහැ. සෞදි යන්නේ නැතුව ඔහොම කතා කියන්ඩ එපා. තුන්ගසිරි කියපු දේවල් 100% හරි. තානාපති කාර්යාලය ඇතුලේ කරන දේවල් වලට සෞදි රජයට බලපෑම් කරන්න බැහැ. (නදී)
අදහස් දක්වලා තියෙන අපේ ඉස්ලාම් සහෝදරයෝ ගැන හරි කණගාටු වෙනවා. ඒ අය මෙහෙ තියෙන සත්‍ය වහන්න උත්සාහ කරනවා. තානාපති කාර්යාලයේ මෙහෙම කළාට පිටතදී මෙවැනි දේවල් කරන්න අවසර නැහැ. මම කටාර් වලත් ඉදලා තියෙනවා. එහෙ පල්ලි තියෙනවා. මම සිකුරාදාට පල්ලි යනවා. සෞදි ඊට හාත්පසින්ම වෙනස් (නි)
සෞදි ම්ලේච්ඡයන්ගේ ඇත්ත තත්වය මයි මාලදිවයිනේ අතුල ලියල තියෙන්නේ. සිංහල සර්වාගමිකයෝ බොරුවට තුන්ගසිරිට බනිනවා. මට මතකයි අපේ බාප්පල දෙන්නේකුත් සෞදියෙ වැඩ කලා. අපි වෙසක් කාඩ් යවනකොට අපි කරන්නේ බුද්ධ රූපය පේන්නේ නැති වෙන්න කාඩ් එක අනිත් පැත්තට නවනවා.(නදී)
තුන්ගසිරි බරපතල වරදක් කල නිසා තමා දඩුවම් වින්දේ, නැතිව බුදුන්වදින්න ගිහින් නොවේ. අර අසරණ පව්ලව හා දෙමාපියන් ව රවටනවා බොරුකියා. (නදී)
අතුල, එක එක රට වලට සුවිශේසී වූ නීති හා රීති තියනවා. ලංකාවේ දළදා මාලිගාවට යුරෝපි කාන්තාවන් කොටට ඇදන් ආවම සංවර වෙන්ට රෙද්දක් අන්දවනවා. දෙමුපියන් දරුවන් සමග මුහුදු වෙරළේ හෙළුවෙන් ඇවිද යන රටවල් තියනවා. ලෝකේ දිහා වැරදියටම බලන්ට එපා. තමන් නිවැරදිව ජිවත් වෙන්ට පළමුව සිතුවොත් අනික අය ටිකෙන් ටික හරි වෙනස් වෙනවා. සෞදි තානාපති මන්දිරය පිහිටලා තියෙන්නේ සෞදි අරාබියානු ජාතිකයන්ගේ නිවාස පිහිටා ඇති ප්‍රදේශයක් මැද. බෞද්ධ කොඩි අහසේ ලෙල දෙද්දී, බොදු ගී පිරිත් හඩ ගුවන පුරා විහිදෙද්දී, අවට පාරවල් අනවශ්‍ය ලෙස පිටස්තර වාහන වලින් ඇහිරෙද්දී ඔය කියන සෞදි අරාබියානු මුස්ලිම් ජාතිකයින් හරිම මධයස්තව මෙම කටුත්තට ඉඩ දෙනවා. අතුල ඔබ එක දවසක් වත් මෙවැනි උත්සවයකට සහබාගි වෙලා තියනවද. ඔවුන්ගේ එකම ඉල්ලීම, ඔවුන් දෙවියන් නමදින වෙලාවට, සබ්ද විකාසන ක්‍රියාත්මක නොකරන ලෙසයි.(නදී)
තුන්ගසිරිගේ කතාව 100% ඇත්ත. මමත් සවුදි ගුවන් තොටුපලක වැඩ කරා. කිසිම බෞද්ධ ආගමික හින්දු ආගමික දෙයක් රට ඇතුලට ගන්නේ නැහැ. ඒවා යකාගේ කියලා කියන්නේ. මට නම් පේන විදිහට සවුදි කියන්නේ යකාගේ දේශය.(නදී)
ජාවා කියනදේ ඇත්ත මොකද මමත් දැන් ඉන්නේ සෞදිවල. මේක තානාපති කාර්යලයට විතරයි අවසර තියෙන්නේ.(නදී)
මමත් මේ සෞදි ඉන්නේ. අපි දන්නවා මෙහෙ නිතිය මොකක්ද කියලා. එයාලගේ නිතිය තමා හරි. තානාපති කාර්යාලය ඇතුලේ මේවා කළාට ඉන් පිට බැහැ. 100කින් 5ක් විතර හොද අය ඉන්නවා. මම කවදාවත් ආගමක් විවේචනය කරන්නේ නැහැ. (නි)
අසංග හරි තුංගසිරි බුදුන් වැන්දේ තානාපති කාර්යාලයේ නෙවෙයි. ඉතින් නිකරුනේ නොදන්නා කරුණු මත ප්‍රතිචාර දාන්න එපා.(නදී)
තානාපති කාර්යාල වල බුදු පිළිම තියාගන්න පුළුවන්. නමුත් එයින් පිට කිසිම තැනක බුදු පිළිම තියා ගන්න බැහැ. මාලදිවයින කියන්නේ ඉස්සර බුද්ධාගම් රටක්. දැන් 100% මුස්ලිම්. පන්සල් තිබුන තැන්වල දැන් සොහොන් හදලා. බොරුවට කෑගහනවා. ඇවිත් බැලුවම තේරුම් ගන්න පුළුවන්. තානාපති කාර්යාල කියන්නේ තවත් රටක තියෙන වෙනත් රටක් වගේ.(නදී)
තුන්ගසිරි බබා රෝල් එක දැන් කරාට, එයාට දඬුවම් ලැබුනේ බුදුන් වැඳපු නිසා නෙමෙයි කියල මම පැහැදිලිවම කියනවා. ඇත්ත. සෞදියේ එම්බසි එකෙන් පිට තැනක බුදුන් වඳින්න බැහැ. හැම රටකම, හැම තැනකම හම දෙයක්ම කරන්න බැහැනේ. වවුල් සාදයට ගියාම එල්ලිලා ඉන්නයි වෙන්නේ. නෑ මට එහෙම බැහැ කියල බයිලා ගහන්න බැහැ, එහෙනම් නොගිහින් ඉන්නොන. දෙකම බැහැ.(නදී)
තමුන්ට ඕනෑ කෝණයෙන් මේ අය යමක් දිහා බලනකම් පෙනෙන්නේ ඒ අය දකින්න බලාපොරොත්තු වන දේ මිසක් යතාර්ථය නෙමෙයි. සහයෝගය වර්තමානයේ ගොඩක් අය වැරදි ඇසින් විවේචනය කරන එකේ මේවායේ වටිනාකමක් නොදැනේ (නි)
මෝරලා, සමන්, සිරි, අනුර,ලංකා යන අයටයි මේ ඔබතුමන්ලා පොඩ්ඩක් හොයලා බලලා අදහස් පළ කරන්න. හැල්මේ දුවන්නේ නැතිව මම අවුරුදු හයක කාලයක් මෙහේ ජීවත් වන නිසා මම දන්නවා මෙහේ තත්වය. ඒ නිසා පින්තූර කිහිපයක් දුටු පමණින් සෞදිය දැකලාවත් නැති ඔබලා මේ වගේ නිගමනවලට එළඹෙන්න එපා. මම කියූ දේවල්වලට අදාල දේවල් අතුල, නුවන්, උදය මහත්වරුන් ගේ අදහස්වල ඇත.(නදී)
හුසේන්, තමුන් කියනවා හැම රටක හැම හැම තැනක හැම දෙයක් කරන්න බැහැ කියලා. ඔව් වැරදි වැඩ කරන්න බැහැ. නමුත් තමන්ගේ ආගම ධර්මය අදහන්න ඕනෑම කෙනෙක්ට අයිතියක් තියෙනවා. මුස්ලිම් අන්තවදි රටවල් වල නම් බැහැ. නුඹලට නුඹලගේ ආගම අදහන්න ලෝකේ මොන රටේද තහනම් කරලා තියෙන්නේ කියලා පුලුවන් නම් කියන්න බලන්න. මොකද බහුතරයක් මුස්ලිම් අන්තවාදීන් (හොද සුළු පිරිසකුත් ඉන්නවා ) (නි)
මගේ බිරිඳ රියාද් වල ඉන්නේ එයාට ඉන්න ගෙදර කරදරයිලු මට එයාව ගෙන්නල දෙන්න මහත්තයෝ අනෙ එයාට කන්නත් නෑ බොන්නත් නෑ නිදාගන්නත් නෑ අනෙ මට එයාව කරදරයක් නැතිව ගෙන්නල දෙන්න පිලිස්..