අනවසර විදේශිකයන් සඳහා සෞදි අරාබියේ කම්කරු අමාත්‍යංශය මගින් ලබා දී ඇති පොදු සමාකාලයේදී එරටින් පිටවීම සඳහා තාවකාලික ගමන් බලපත්‍ර කඩිනම්න් නිකුත් කරන බව තානාපති කාර්යාල ආරංචි කියයි. රියාද් තානාපති කාර්යාලයේ නිලධාරීන් එවැනි ශ්‍රී ලාංකිකයින් සඳහා දවසේ විසිහතර පැයේම ගමන් බලපත්‍ර නිකුත් කරන බව එම කාර්යාලයය පවසයි. මේ වන විට එවැනි බලපත්‍ර 3000ක් පමණ නිකුත් කර ඇත. සියයකට අධික ශ්‍රී ලාංකික පිරිසක් දැනටමත් ශ්‍රී ලංකාව බලා පැමිණි බව තානාපති කාර්යාලය පවසයි. සිකුරාදා (17) දිනයේ දී ගමන් බලපත්‍ර 600ක් නිකුත් කර තිබිණි. දමාම් කොබාර් අධිවේගී මාර්ගයේ ඇස්ටූන් රෝහල අසල ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේදී එම කටයුතු සිදු කෙරේ. කෙසේ වුවද තානපති කාර්යාල නිලධාරීන් දැනුම් දෙනතුරු නැගෙනහිර පළාතේ අනවසරයෙන් රැදී සිටින ශ්‍රමිකයන් විසා ලබා ගැනීමට නොයන ලෙස තනාපති නිලධාරීන් දන්වා සිටී. නැගෙනහිර කලාප ආගමන විගමන කාර්යාලය වෙත රියාද් බලධාරින් ගෙන උපදෙස් නොලැබීම ඊට හේතුවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂය ආණ්ඩු පක්ෂයක් වු දිනක මේ සියල්ලන්ට තම රට තුල නිදහස් නිවහල්ව සුදුසු රැකියාවන් කිරීමේ පරිසරයක් සකස්කර දීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන අරමුනයි. (නි)
විදේශ සේවා නියුක්ති කාර්යංශය කියන්නේ විදෙස් ගත වන්නන්ගේ මුදල් වලින් යැපෙන අයයි. එයාලා කාලය නාස්ති කර කර ඉන්නවා මිසක් විදෙස් ගතවන්නන්ගේ කිසිම ප්‍රශ්ණයක් විසදපු ඉතිහාසයක් නැහැ. ඔක්කොම හොරු.(නදී)
අපි මොන ආගම දහම ඇදැහුවත් අපි වෙන රටකට වැඩට යන්නේ අපිටත් අපි පවුලටත් හොද ජීවිතයක් හදා ගන්න ඒ වගේම රටේ ආර්ථිකටත් සේවයක් කරන්න නමුත් රජයෙන් කිසිම වැඩ පිළිවෙලක් නැහැ. අපි වෙනුවෙන්.
හොද සේවාවක්. (ස)
රට වෙනුවෙන් හොරකම්-මැරකම් නොකර, දාඩිය මහන්සියෙන් සල්ලි හොයන්න ගිය අපේම සහෝදරයන්ට යහපතක්ම වේවා.....(ස)
ඉතාම හොද දෙයක්. රට වෙනුවෙන් අනිවාර්යෙන්ම කළයුතු දෙයක් (නි)
තානාපතිතුමනි, ඔබට අපගේ ස්තූතිය! (නි)
හැම දෙයක්ම රජයේ සේවකයන්ට, හමුදාවේ, පොලිසියේ, ඇමතිලට, මන්ත්‍රීලට විතරයි. අපි කනවද බොනවද කියලා කවුරුවත් හොයන්නේ නැහැ. සල්ලි ටික ලංකාවට එනකන් ලංකාවේ මහා බැංකුවෙන් බලාගෙන ඉන්නවා. හරිම දුකයි... අපි මේ විදිය ඉක්මනින් වෙනස්කළ යුතුයි. නැත්නම් අපි සදාකාලිකවම දුක්විදිනවා.අපි ලාංකිකයන් ලෙස හැමදමත් එසේම කලයුතුද? (නි)
හොද සේවයක් කරන්නේ. නමුත් මෙයාලගේ බලාපොරොත්තු සුන් නේද? ජීවන මාර්ගයකුත් මේ වගේම හදල දීම රජයේ වගකීමක්.(ස)
බොරු සන්දර්ශන එපා, රට විරුවට හොද සේවයක් කරන්න.(ස)
ඇත්තටම ස්තුතියි. අනිතිමේදී සෞදි වල ඉන්න අපේ සහෝදර සහෝදරියන්ට මේ වගේ අවසථාවක් ලැබීම ගැන. මැදපෙරදිග වැඩ කරන කෙනෙක් ව්දිහට සතුටුවෙනවා...එව්වගේම තානාපති කාර්යාලයේ වැඩකරන නිලධාරීනුත් අගය කරනවා.(ස)
පින් සිදුවෙන සේවාවක්. සිඅලුම දෙනාට කරදරක් නොවී එන්න ලැබේවා.(ස)
තානාපති තුමනි, ඔබගේ සේවාවට අපගේ උත්තමාචාරය!පැහැදිලි වෙනසක් තියෙනවා. ජය වේවා! (නි)
මේ අය දැන්වත් වැඩක් කරපුදෙන්. පරණ කුණු සේදෙන්නත් එක්ක ඔහොම වැඩක් කරපුදෙන්. (නි)
ලංකාවට ආවම කන්න වෙන්නේ වැලි තමයි.(නදී)