ශ්‍රි ලංකා රියදුරු බලපත් ඇති ශ්‍රි ලාංකිකයකුහට එමගින් ඉතාලි  රියදුරු බලපත්‍රය ලබා ගැනිම සදහා ශ්‍රි ලංකා රජය හා ඉතාලි රජය අත්සන් කළ පස් වසරක ගිවිසුම නොවැම්බර් මසින් අවසන් විමට නියමිතය.

ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති දයා පැල්පොල මහතා පැවසුවේ නැවත එම ගිවිසුම අලුත් කිරිමට  සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

ඉතාලියේ රැඳී සිටිමේ බලපත්‍රයේ, කාලය ඉක්මවා ඇති අයකුට  එය අලුත් කිරිම සඳහා බාර දුන් රිසිට් පත්‍රක් ඇත්නම් ශ්‍රි ලංකා රියදුරු බලපත්‍රය පරිවර්තනය කර  දෙන බව ඔහු කීවේය.