IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ

( බී.ජි. චතුරංග )

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක්  අනුරාධපුර වලිසිංහ  හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ, එම පියා ජීවිතක්ෂයට පත්වූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 

මෙලෙස ජීවිතයක් පත්ව ඇත්තේ, අංක 21/117/බී, ඉසුරු පුර, අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි සම්පත් වඩුගේ නිරන්ජන් ඩේමියන් ද සිල්වා නැමති 56 හැවිරිදි  සත්ව සංවර්ධන උපදේශකවරයෙකි.

මරණකරුගේ දියණිය (17 )  අනතුරින් තුවාල ලබා රෝහල්ගතව, නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළේය. 

පාසල් බස් රථය අනුරාධපුර නගරයේ ඔරලෝසු කණුව වට රවුම  දෙස සිට අනුරාධපුර රෝහල දෙසට ගමන් කරමින් තිබියදී, මරණකරු ගමන් කල යතුරු පැදිය එක්වරම අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට ඇතුල් කිරීමේදී අනතුර සිදුවූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

අනතුර සම්බන්ධයෙන් සැකපිට බස් රථයේ රියදුරා වන අනුරාධපුර, තලාව, මල්වානේගම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

 

 

 



අදහස් (0)

රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site