ගම්පොළ උලපනේදී වෑන් රියක් අනතුරට ලක් වීමෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරියක මිය ගොස් තවත් සිව් දෙනකු තුවාල ලැබු බවත් පොලීසිය කියයි.
හැටන් අධ්‍යාපන අධ්‍යක්ෂ හා නුවරඑළිය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ බරපතල තුවාල ලබා මහනුවර රෝහලටත් තවත් දෙදෙනකු නාවලපිටිය රෝහලටත් ඇතුළු කළ බවත් පොලීසිය සදහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරුගේ නොසැලකිල්ල නිසා උන දෙයක් කියලයි ආරංචියි. ගොඩක් රියදුරෝ හිතන්නේ නැහැ අනිත් අයගේ ජීවිත ගැන වගකීමක් තමන්ට තියෙනවා කියලා. වාහෙනේ අතට ගත්තම පියාඹන්න හදනවා. ලගදීම ඔයිටත් වැඩි අනතුරකට අත වනන පුද්ගලික බස් රථයක් තියෙනවා. මහනුවරින් සවස 5.40 හැටන් බලා ගමන් ආරම්භ කරන බස් රථය ඉතාමත් ලගදීම ලොකු ජීවිත ගානක් බිලිගන්නා අනතුරක් සිදු කරනවා. මෙම බස් රථයේ රියදුරා බසය පදවන්නේ මගීන්ගේ ජීවිත ගැන කිසිම තැකීමක් නැතිව.(නදී)
මන් හිතන්නේ රිය අනතුරු වැඩියෙන්ම වෙන රට තමයි ලංකාව,මියගිය අයට නිවන් සුව පතමු ,වෙන මොනවා කරන්නද අපි (අ)
රිය අනතුරු වලින් වැළකෙන්න ක්‍රමයක් තියෙනවා. වාහන ගෙදර තියල පයින් යන්න. අනතුර 100% ක් වැලැක්වීම අදහස ප්‍රයෝගික නැ අධ්‍යක්ෂ තුමියට නිවන් සුව පතමි. (අ)
ඉස්සර ඔය පාරවල්වල වාහන දෙකක මාරු වෙන්නෙත් බොහොම අමාරුවෙන්. මාර්ග සංඥා එහෙමත් අද තරම් බහුලව තිබුනේ නැහැ. නමුත් අනතුරු වාර්තා වුනේ බොහොම කලාතුරකින්. ඒ කාලේ රියදුරන් බොහොම විනීතව හා ප්‍රවේසමෙන් රිය පදවනවා. අද පාරවල් ලොකු කරලා ලුමිනස් සංඥා පුවරු දාල ඉරි ඇදලා එහෙම තියෙන්නේ. ඒ නිසා සමහරු මේ මාර්ග දැන් පාව්ච්චි කරන්නේ අදිවේගී මාර්ග ගානට විනීත කම හික්මීම අහලකවත් නැහැ. මාර්ග නීති ගැන තබ දොයිතුවකට මායිම් කිරීමක් නැහැ. අනතුරු වලට ප්‍රදාන හේතුව එයයි. අනෙක නීති ආරක්ෂා කරන්න ඉන්න අය මහා මගදී මුදලට සියල්ල යටපත් කරනවා.(නදී)
අනේ උගත් බුද්ධිමත් වැඩක් කළ හැකි මිනිසුන් නේද මේ අකාලයේ මියැදෙන්නේ? (නදී)
ගෑනු මනුස්සයෙක් මැරිලා තියෙන්නේ එයාගේ රැකියාව අධ්‍යාපන අධ්‍යක්ෂ (අ)
මේ දේ උනේ ඉස්සරහින් ආපු බයික් එක බේරන්න ගිහින් ඒ ගැන කවිරුවත් දන්නේ නැහැ නේද මේ ප්‍රතාචර දාපු අය.(නදී)
අප අතරින් වියෝ වූ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරියට නිවන් සුව අත්වේවා! අනතුරට පත් සෙසු අයට ඉක්මන් සුවය ලැබේවා! (නදී)
දැන් රජයේ සේවකයෝ ගොඩක් මෙරුන මේ වගේ ලොකු ලොකු උසස් නිලදාරීන් තම තමන්ගේ රියදුරන් නිසි පරිපාලනෙකින් තොරව රථ වාහන එලවන්න ඉඩ දීල තිබෙන නිසා මේවා වෙනවා. රජයට බැනල වැඩක් නැහැ මේවට. මෙම නිලදාරීන් රස්සාව හරියට කොලා නම් හොඳා. (ස)
ලංකාවේ රියපදවන ගොඩක් දෙනෙක් රියපදවන්නේ ක්‍රෝධයෙන්. පාරෙ යන හැමදෙනාටම පරුෂ වචනයෙන් බැන බැන , ඔබත් එහෙම කෙනෙක්ද ? මෙත්සිත් ඇතිව ඉවසිලිවන්තව රිය පදවනවානම් මෙවැනි අනතුරු කිසිදිනක සිදුවන්නේ නැත. ඔබට තියෙන්නේ ක්‍රෝධ සිතක්ද, ඔබ රියපදවන්නෙක් නම් මිළග අනතුර ඔබගේ වාහනය වියහැක .මෙත්සිත් ඇති කරගෙන අනතුරු වලකාගමු. (ස)
අද දවසට ලංකාදීපයෙන් කියවපු කීවෙනි රිය අනතුරද? කීවෙනි මරණයද? මාර්ග අනතුරු වැලැක්වීමට වහාම ක්‍රියාමාර්ගයක් නොගත්තොත් අපිට ගෙදරින් එලියට බහින්න වෙන්නේ අන්තිම කැමති පත්‍රයත් ලියල තමයි.(නදී)
මේ දේ උනේ ඉස්සරහින් ආපු බ්යික් එක බේරන්න ගිහින්. ඒ ගැන දන්නේ නැ නේද මේයා.(නදී)
මෙම රියදුරා කලාප කාර්යාලයේ පියන්. ලඟදී තමා රියදුරු වුනේ, මීට කලිනුත් බොහොම අනතුරු වෙන්න ගිය මොහු අතින්, විනයක් නැහැ රියදුරැ බැහැ. සමහර අය මොහු එක්ක යන්න බැහැ කියල බැහැලා බස් එකේ යනවා. ඔහු ලදී මේ වගේ අනතුරක් කරයි කියාලා හැමෝම දැනන් හිටියත් පියවරක් ගත්තේ නැහැ. ඊයෙත් නාවලපිටියෙන් පොලිස්සියෙන් නවත්තල හෙමින් යන්න කියාලා අවවද කරලා යවලා තියෙන්නේ. ඊට විනාඩි 10 පස්සේ මේ අනතුර උනේ. අන්තිම ජආම රියදුරෙක් මොහු.(අ)
අනේ උගත් බුද්ධිමත් වැඩක් කළ හැකි මිනිසුන් නේද මේ අකාලයේ මියැදෙන්නේ? (දී)
බුදු අම්මෝ මේ විදියට රිය අනතුරුවලින් මැරෙනවට වඩා හොදයි පරණ කාලේ වගේ තිරික්කලෙන් ගමන් බිමන් යනවා. හැබැයි ඉතින් ටිකක් පරක්කු තමයි. ඒ වුනාට ගමන ෂුවර්. වගකියයුත්තන්ට මේ අදහස නෙත ගැටේවා ! (දී)
ලංකාවේ සිදුවන රිය අනතුරු ,මිනිස් ජීවිත විනාසය ගැන හරිම කණගාටුයි ,නමුත් මෙම විසාලතම ප්‍රශ්නය පිලිබදව කිසිම කෙනෙකුට හරි වැටහිමක් නැහැ. ලංකාවේ රියදුරු බලපත් දෙන ක්‍රමය වැරදීයි. මේ සම්බන්දව යුරෝපා තානාපතිලාගෙන් උපදෙස් ගත යුතුයි. මෙහෙ රියදුරු පුහුණුවේදී වේගය,එලිය සමග රත්‍රී කාලයේත්, මාර්ග නීති පිලිබදව හොද විභාගයක් තියෙනවා. ඒ වගේම රිය පුහුණුව දෙන වාහනයේ පැති දෙපැත්තේම පුහුණුකරු සමග තිරිංග තිබෙනවා. ඒ අනුව මනා පුහුණුවෙන් පසුව ,රිය බලපත් ලැබෙන්නේ.(නදී)
ඔබතුමියට නිවන් සුව අත්වේවා. අනතුරට පත් සෙසු සියල්ලන්ට ඉක්මන් සුවය ලැබේවා. මෙවන් විපත් නැවත සිදු නොවීමට විධිමත් පරීක්ෂණයක් පොලිසිය විසින් කල යුතුය.(නදී)
චන්දි,කියල තව කෙනෙක් අදහස් දානවා වගෙයි. ප්ලීස් ,චන්දි ඔයාගේ නමට අංකයක්වත් එකතු කරගන්නවද? එතකොට අපි දෙන්නට කිසි අවුලක් නැතුව හව්ලේ ලියන්න පුළුවන්. (දී)
චන්දි පිස්සු කතා කරනවා. ධර්මෙන් පුලුවන්ද හලෝ වාහන එලවන්න ? වාහන එලවන්න හොඳට රිය හසුරුවන්න ඕනෑ. රිය හසුරුවන්න මන පළපුරුද්දක් තියෙන කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ඕනෑ. අපේ රටේ කරන්නේ රිය එළවීම. රිය එලවීමයි ,පාලනය කිරීමයි කියන්නේ දෙකක්. මේ ටික තේරුම් ගන්න (දී)
මන් මේ කල්පනා කලේ ඇමෙරිකාව සහ යුරෝපේ රටවල් වල නිෂ්පාදනය කරලා තියනවා කාර් ජාතියක් වාහන තද බද වෙලාවට තමන්ගේම වාහනේ උඩිනුත් පියාසර කරගෙන යන්න පුළුවන්විදියට . පුරුවේ වාසනාවකට අපේ රටේ අයට මේ කාර් තාම ලැබිලා නැහැ .මේ හප්පගන්න විදිය දිහා බැලුවම ඔයාලට හිතාගත හැකි නේද අර වගේ කාර් අපේ අයට දුන්නොත් කොහොමට තියෙයිද ? අනික් කාරණේ තමයි මේ හැප්පෙන විදියට තිරික්කලේ ගියා නම් හොදයි කිවේ ඒවා කවදාවත් මුහුණට මුණ හැපිලා නැහැ .අනික දැන් තියන නවීන පන්නේ කාර්වල දුම්බටයෙන් පිට කරන විෂ වායු දුමට වඩා තිරික් කලෙට බදින ගොනාගේ දුම්බටයෙන් පිටකරන වායුව මොනතරම් පරිසර හිතකාමිද ?පාරේ තිරික්කල් යනකොට මිනුස්සු බැග් තියන් බලාහිදියි ගොනා පිටකරන විෂවායුව එකතු කරගන්න ?තවත් කාරණයක් තමයි අද කාලේ මගුල් ගෙවල් වල හනිමොන් යන්න නෑගම් යන්නත් තිරික්කලේ පාවිච්චි කරනවා . අනේ මටත් තිරික්කලයක් පාරට දාගන්න පුළුවන් උනොත්?මගේ රියැදුරා හැටියට මාගලිට තිරික්කල් එලවන්න ලයිෂන් එක අරන් දීලා සිදත්ට බාරදෙනවා පරිපාලනය අතට ඔයාලා මොකද කියන්නේ ?(අ)
නිහාල් ඔයාව තිරික්කලෙන් යනකොට හප්පන් ගියොත් මොකද වෙන්නේ? වෙන්න තියෙනේ දේ වෙනවා. ඒත් අඩු වේගය හොදයි කෝකටත් (නි)
චන්දි ඔයා හරි ලංකාවේ සියල්ලටම දර්මය උගනන්න ඔනෑ මේ මිනිසුන් දන්නේ නැත සිත නිවා ගන්න ක්‍රමය.ගැණු හෙලිවල්ලෙන් යන එක නතර කරන්නත් ඕනි. එකත් අනතුරු අඩුවන ක්‍රමයක්. (අ)
ගමනක් ගියාහම ගෙදරට එනකම් විශ්වාසයක් නැහැ. රිය අනතුරක් නිසා මමත් ජීවිත කාලෙම විදවනවා.(නදී)
සම්පුර්ණ ඇත්ත නිහාල්! අපේ වරුණ උන්නැහේ මොකද මේ ගැන කියන්නේ? (දී)
හෙට දවසෙ දරුවන්ගෙ අනාලගතයයි....මෙ නැතිවෙන්නෙ..(අ)
දවසකට මේ වගේ කීදෙනෙක් නම් නිස්කාරනේ මියයනවද? මේ රිය අනතුරු වලක්වන්න මොනවා හරි ක්‍රමයක් කොහෙවත් නැද්ද දෙවියනේ? (දී)
අපේ මිනිස්සු සුද්දගෙන් ගත්තේ වාහනය විතරයි නීතිරීති පැත්තක (අ)
පාරවල් කාපට් කරලා පටු වැඩියි. නීති, රීති, දඩ හා වන්දි මුදල් දහ ගුනයකින් වැඩි කළ යුතුයි. රියදුරන්ගේ දැනුම් යාවත්කාල කරන්න මාස තුනකට වරක්වත් පන්ති පවත්වන්න.(නදී)
මට හොඳ විශ්වාසයක් තියනවා, රියදුරා දේශපාලුවෙකුගේ පන්දමෙක් වෙන්න ඇති. පාරේ විනයක් නැතුව එලවන්නේ එයාලා..... (දී)
සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුය. (දී)
තුවාල ලද සියලු දෙනාම සුවපත්භාවයට පත්වෙත්වා! දෙවියෝ දැන් මනුස්ස ලෝකේ අත්හැරලා ඉන්නේ ගුනේස්. ඒ තරමටම මිනිස්සු දැන් පිරිහිලා. මිනිසුන් ධාර්මික නම් විතරයි දෙවිවරු උපකාර කරන්නේ. (දී)
වාහන අනතුරු අඩුම රට නවසීලන්තය, මොකද බලපත්ර දීමට පෙර පවත්වන ලිඛිත පරීක්ෂණය,අනිවාර්ය පුහුණුව රජය අනුමත රියදුරෙක් යටතේ මේ රියැදුරා කිසිකලෙකත් මාර්ග නීති කඩ නොකළ කෙනෙක් පලපත්‍රය ප්‍රථම අවුරුද්ද restricted රියදුරන්ගේ උපරිම විනීත බව සමගම නීතිය කටත් පොදු බව.(අ)
ජයන්ත, ලංකාවෙත් රියදුරු බලපත ප්රොබතිඔන් කාලයක් එක්ක දෙනවනම් හොදි. ඒ කාලය තුල වෙරෙද්දක් කලොත් බලපට අවලංගු කරන්න පුළුවන්. (අ)
අනේ රුවනි,ඔයාගේ අදහස හරියට හරි,මමත් ඉන්නේ මෙහෙ තමා (අ)
අනුන්ට රෙදි අන්දවන්නත් ගලවන්නත් අපිට පුළුවන්කමක් නැත. ලෝකය හදන්න අපිට නුපුළුවන. අපිට පුළුවන් එකම දේ තමා අපේ ඉන්ද්‍රිය සංවරය කරගන්න එක. හැමදෙනාම තුල මෙත් සිත් ඇතිවේවා , හැමදෙනාටම තෙරුවන් සරණයි.(නදී)
අපේ රටේ පගාවට රියධුරු බලපත්‍ර නිකුත් කරනවා. කොහෙවත් මේ වගේ අනතුරු වෙන්නේ නැතිව ඇති. මේවාට නිසි බලධාරීන් වගකිව යුතියි.(නදී)
මේකනේ වෙන්නේ. දැන් පාරවල් ඉස්සර වගේ නෙමෙයි කාපට් කරලා. ඉතින් පාගලා යනවා (දී)
ගමන් බලපත්‍රයට අවම සුදුසුකම සා/පෙ වත් වෙන්න ඕනෑ. (දී)
මූලිකම හේතුව විනයක් ඉවසීමක් නැතිකම .රියදුරු බලපත්‍ර දෙනකොට මහමග විනයත් උගන්නන වෙලා. අනෙකාගේ මහමග ගමන් කිරීමට ඇති අයිතිය වැටහ දිය යුතුයි .මේ ආත්මාර්ථකාමී මානසිකත්වය නැති වෙන්න ඕනේ. (අ)
කරන්න තියෙන්නේ රියදුරන්ව දැනුවත් කිරීම වගේම අලුතෙන් බලපත් ගන්න අයට ලංකාවේ මාර්ග නීති පද්ධතිය ගැන මීට වඩා හොඳ දැනුමක් වගේම හොඳ පුහුණුවක් දීමයි. තාම හොර පාරෙන් බලපත් ගන්න අය ඇති මම හිතන්නේ. අනික මේ පාරවල් තාම අපේ අයට ටිකක් හුරු මදි නේද ? (දී)
වැරදි කරන රියදුරන්ගේ දඩ මුදල 1000% කින් වැඩි කරන්න බලධාරීන්ගේ අවදානය යොමු වේවා! මේ අනතුරින් මියගිය අධ්‍යක්ෂකතුමිය ඇතුළු අද දින රිය අනතුරු වලින් මියගිය සැමට නිවන් සුව ලැබේවා! (දී)
මේ කෙනාට වුනා වෙනුවට ,මේ දේම අර අපරාධ කරලා ඒවා ඉක්මනින් අමතක වෙන කෙනාට වුනා නම්... (දී)
ඉවසීමෙන් රිය පදවනවා නම් මෙවන් මරණ සිදු වන්නේ නැහැ.(නදී)
එතකොට කලිනන් අදහස් දාපු අයට යන කලදසාව මොකද්ද? (අ)
ඔබට මොක් සුව! (අ)