කුරුණෑගල - කොළඹ මාර්ගයේ වඳුරාගල රෙස්ලන්ඩ්වත්තේ දී රිය අනතුරකින් පුද්ගලයකු මිය යාම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ මාලියද්දේ නන්දරතන (36) හිමි 12 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස පොල්ගහවෙල මසේත්‍රාත් පද්මසිරි හේරත් මහතා අද (10) නියෝග කළේය.
නන්දරතන හිමි පැදවූ බව කියන ඒ හිමියන්ගේ විහාරයට අයත් වාහනයට යටවී සෙනසුරාදා (8) දම්බොක්ක මඩිතියවල පදිංචි මාපාමුදියන්සේලාගේ පුංචි බණ්ඩා (66) මහතා මිය ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වහන්සේලා කරන වැඩ නිසා අහිංසක හිමිවරුනුත් උපහාසයට, අපහාසයට ලක් වෙනවා. වාහනයක් ගන්න පුළුවන් නම් ඇයි රියදුරෙක් තියාගන්න බැරි? අලියෙක් ගන්න පුළුවන් හෙණ්ඩුවක් ගන්න බැරි ඇයි ? (බ)
ලස්සනම වැඩේ මේ වැඩ සාධාරණීකරනය කරන්න දායකයොත් ඉන්නවනේ. (නි)
හාමුදුරුවන්ට වාහන පදවන්න අවසරයි (බ)
මේ අනතුරට වගකිව යුත්තේ මේ වාහනය පන්සලට පුජා කරපු එම පන්සලේ බැතිබර දායකයන් පමණයි වාහනයකට වඩා පන්සලකට අවශ්‍ය බඩු භාණ්ඩ මේ දායකයන්ගේ ලැයිස්තුවේ තිබුනේම නැද්ද ? (බ)
අපේ හාමුදුරුවනේ වාහනේ කොහේ යන ගමන්ද?(හේ)