ආරච්චිකට්ටුව - ආනවිලුන්දාව රම්සා අභය භූමියේ දෙවැනි වරටත් ඇති වු ගින්නකින් අක්කර 25 ක් පමණ විනාශ වී ඉබ්බන් හා කුරුලු බිත්තරද පිළිස්සී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
සංචාරක පක්ෂින් ප්‍රජනනය සඳහා මෙහි එතියි පරිසරවේදීහු කියති. කසිප්පු තිප්පොළකින් ගින්න හට ගන්නට ඇතැයි සැකයක් ද පවති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට කවදද රම්සා කියල අභය භූමියක් ලැබුනේ. පැහැදිලි කරන්න දන්නා කෙනෙක්.(නදී)
ඔය ඉඩම අල්ලා ගන්න කරන වැයමක්. මුතුරාජවෙල අල්ලා ගත්තෙත් ඒ විදියට.(නදී)
රම්සා කියන්නෙ මේ තෙත් බිමේ නම නෙමෙයි. මේ ආනවිලුන්දාව තෙත් බිම . රම්සා කියන්නෙ ලෝකයේ තෙත් බිම් පිලිබඳ ඇතිකරගත් ප්‍රඤප්තියක්. ආනවිලුන්දාවතෙ මේ යටතේ ඇති තෙත් බිමක්.(නදී)
අන්තර් ජාතික වැදගත්කමක් ඇති තෙත්බිම් රම්සර් ප්‍රඥප්තිය යටතේ වර්ග කරන නිසා ශ්‍රී ලංකාවේ එ වැනි තෙත්බිම් 3 ක් පවතිනවා. එකක් තමයි ආනවිලන්දාව. මෙවෙනි පරිසර විනාශ ලෝක අපරාද. වැරදි කරුවන්ට වහා දඩුවම් දිය යුතුයි. ඒවා තහනම් කල යුතුයි.(නදී)
රම්සාර් කියන වචනය මේ තෙත් බිම් හැඳින්වීමට යොදා ගනු ලැබුයේ, 1971 වසරේදී ඉරානයේ රම්සාර් කියන නගරයේදී ලෝකයේ තෙත් බිම් රැක ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ඇතිකරගත් සම්මුතියක් නිසා. මෙවැනි තෙත් බිම් හා සම්බන්ධ මුලික පාරිසරික සාධක හා එහි ඍජු ප්‍රතිපලයන් වන ආර්ථික, සංස්කෘතික, විද්‍යාත්මක හා විනෝදය සඳහා ප්‍රයෝජනවත් විය හැකි ලක්ෂණ ආරක්ෂා කරගැනීම මේ ප්‍රඥාප්තියේ ප්‍රධාන අරමුණයි. තම තමන්ගේ රටට අයිති මේ ස්වභාවික වස්තුන් රැක ගැනීමට ඒ ඒ රටවල් අපොහොසත් වන විට ජාත්‍යන්තර අවධානය පවා ඊට යොමුවීම එහි ඇති ලෝක උරුම තත්වය පැහැදිලි කරයි.(නදී)
මේ පුංචි රටේ සොබා දහමටද එරෙහි වූ මිනිසුන් ඇති වුනේ මොන පවකින්ද? පසුගිය වසරේ මිහින්තලේ උත්සව කාලය, ගිය මාසයේ ශ්‍රී පාද අඩවියේද, සේවා පිටුපස සිටින්නේ කවුද? ලැව්ගිනි ඇතිවන්න ඉඩක් නෑ.සතුන් මැරීමට, දැවසොරු,ඉඩම්මංකෝල කරුවෝ විය හැකියි. මේවාගේ ප්‍රතිඵළ තෙත්බිම් වගුරුබිම් විනාස වී කාන්තාරයක් වීමයි.මේ වැරදි කරණ එවුන්ට දැඩි දඩුවම් දිය යුතුයි.මෙම කලාපවලට ඇතුල්වන අයට දුම්වැටි පවා තහනම් කළයුතුයි. නීතී ගරුක විනය ගරුක සොබා දහමේ අගය දන්නා මිනිසුන් ඇතිවන්නේ කවදාද? මේ රටේ.(නදී)
සුබ අනාගතයක්.....(අ)