ලෝක ආර්ථික අර්බුදය හමුවේ ඉතාලියේ පවතින දැඩි විරැකියාව හා අධික උද්ධමනයට එරෙහිව විරෝධය පෑම සඳහා රෝම අගනුවරට එක් වූහ. දහස් ගණනක තරුණ පිරිස් හා පොලිසිය අතර ඇතිවූ ගැටුම හේතුවෙන් පොලිස් නිලධරයන් ඇතුළු 135 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ. ඉතාලි ජනමාධ්‍ය පවසන පරිදි විරෝධතාකරුවන් විසින් සිදු කැරුණු දේපළ හානිවල වටිනාකම යුරෝ ලක්ෂ 16ක් හෙවත් රුපියල් කෝටි 24කට අධිකය. අන්තවාදි තරුණ පිරිස් දෙවස්ථාවලට කඩාවැදි ප‍්‍රතිමා පවා විනාශ කොට ඇත. රෝම අගනුවර අතිවිශාල ශ්‍රී ලාංකිකයෝ පිරිසක් පදිංචි වී සිටිති. මෙම ගැටුමෙන් ඔවුන් කිසිවකුටත් අනතුරක් නොමැත. එහෙත් ඉතාලියේ රැකියා පතා ශ්‍රී ලංකාවෙන් එන අයට තදබල අසුබ කාලයක් උදාවී ඇත. එසේ අවුත් රැකියා නොමැතිව දහදුක් විඳින අය කියනුයේ තමන් රුපියල් ලක්ෂ 15ක් පමණ තුරැව්කරුවනට දී ඉතාලි ආ බවයි.


1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීරෝ හිටියානම් වීණාව හරි අහන්න තිබුණා
ලංකාවේ සහොදරයින්ට හානියක් නොවෙන්න පතමි
දිට්ඨ දම්ම වේදනීය කර්ම
අනේ අපේ මිනිස්සුන්ට හැදිලා තියෙන පිස්සුවක් රපියල් ලක්ෂ 15 තියෙන කෙනෙකුට තවත් මොකටද මේ වාගේ දුක් විදින්නෙ වර්තමානයේ දියුණුවෙච්ච මිනිස්සු ගැන පොත් පත් කියවන්න ඒ අය රුපියල් පහළොවක් අතේ තියාගෙන කොළඔට ඇවිත් තියෙන්නේ ලක්ෂ ගණන් දීලා පිට රට යන එහෙම යන්නේ ඒ අයගේ දෙමව්පියන් හම්බ කරල ඉතිරි කළ මුදල් වලින් නේද අපරාදේ සල්ලි ඒ කාලේ දෙමව්පියන් මුදල් පසුපස්සේ දුවන්නේ නැතිව ඒ දවස් වල දරුවනගේ ඔලු හැදුවානම් අද මේ අය ලංකාවේ උසස් රැකියාවක් කරලා සතුටින් ඉන්න ඉන්න තිබුණා දැන් ඉතින් කියන්න තියෙන්නේ අපේ කණගාටුව! කියලා තමයි
කවුද ලක්ෂ 15 දීලා යන්න කිව්වේ ??
වීණා වාදනය කරල තියෙන්නේ කවුද
නීරෝ කොහෙද ?????
ඉතාලියේ සිටින අපේ සහෝදර සහෝදරියනි ඔබ ප්‍රවේසමෙන්