ලොව පුදුම හතෙන් එකක් ලෙස නම් කර ඇති ‘කොලෝසියම්‘ ඉතාලියේ රෝම නගර මධ්‍යයෙහි පිහිටා ඇති සුවිසල් ප්‍රේක්ෂකාගාරයකි. අතීතයේදී එහි ප්‍රේක්ෂකයන් අසූ දහසකට පමණ ආසන පහසුකම් තිබී ඇත.
විනෝදකාමී පාලකයන්ගේ සහ වංශාධිපති රදල පැලැන්තියේ සතුට පිණිස අමානුෂික ක්‍රීඩා අතීතයේදී මෙහි පැවැත්වූ බව විශ්වාස කෙරේ.
මරණය තෙක් සටන් වදින කඩුගත් මල්ලවයන්, වන මෘගයන් සමග ජීවිතය සඳහා බිහිසුණු සටනක යෙදෙන සිරකරුවන්, ගොන් පොර, කරත්ත රේස් ඔවුන්ගේ සතුට පිණිස යොදාගත් බව සඳහන් වේ.
මෙය වඩාත් ප්‍රසිද්ධියක් උසුලා ඇත්තේ ගැලැඩියේටර්වරුන්ගේ සටන් වලටය. මෙහිදී එකිනෙකා සටන් කර අවසන්ව ඉතරු වු පුද්ගලයා ජයග්‍රහනය කරනු ලබයි.
මෙහි අවසන් සටන් දර්ශන පවත්වා ඇත්තේ හය වන ශත වර්ෂයේදීයි.
මෙහි සුවිශේෂී ලක්ෂනය වන්නේ මෙය ඉදිකිරීමේදී භාවිතා කර ඇති ගෘහ නිර්මාණ ශිල්පීය තාක්ෂනයයි.
වසර 2000 ට අධික කාලයක් තිස්සේ පැවති බව කියන කොලෝසියම කිස්තුපුර්ව 72 දී වැසිපේසියන් අධිරාජ්‍යයා විසින් ඉදිකිරීමට පුරෝගාමී වී ඇතත් ඔහුට එය නිම කිරීමට නොහැකිව ඇත. පසුව ඔහුගේ පුත් වන ටයිටස් මෙහි ඉදිකිරීම් අවසන් කර ඇත.
අඩි 1788 ක වට ප්‍රමාණයක් ඇති බව කියන මෙහි උස අඩි 157 කි. දිග අඩි 620 ක් වන අතර පළල අඩි 512 කි.
මෙය ආරම්භයේදී මහල් හතරක් තිබී ඇති අතර එහි ඉහළ මාල දරා ගැනීම සඳහා ආරක්කු 80 ක් තිබී ඇති බව පැවසේ.
කොලෝසියම් මධ්‍යයෙහි පිහිටා ඇති ශාලාවෙහි වැලි අතුරා ඇත. මෙහි භූගත මහලක්ද තිබී ඇති අතර එය සටන් සදහා ගෙන එන සතුන් ගාල් කිරීම සඳහා යොදාගෙන ඇත.
රෝම අධිරාජ්‍ය බිඳ වැටීමෙන් අනතුරුව මෙහි නඩත්තු කටයුතු සිදුවී නැත.
අද දහස් ගනන් ජනතාව මෙය නැරඹීමට එන අතර එහි එදා තිබු ඉපැරණි භාණ්ඩද සුරක්ෂිත කොට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතෙන විදියට මේ කට්ටිය තමයි දැන් ලංකාවේ ඉපදිලා ඉන්නේ.(නදී)
ගොඩාක් ස්තුතියි විස්තරයට.(නදී)
මෙහෙම බැලුවහම පුරාණ ලෝකෙත් පුදුම 14 විතර තියනවනේ. කවුරුහරි කෙනෙක් ලියන්නකෝ පුරාණ ලෝකේ පුදුම හත. නවීන ලෝකෙනම් හැම එකක්ම පුදුමයි නේ. ලංකාදීප මෙවැනි දේ වැඩිවැඩියෙන් පලකරන්න ඕනෙනම් කියන්න අපි ඉන්න රටවල්වල විශේෂ දේත් ෆොටෝ එවන්නම්.(නදී)
කෘර අතීතයක තවත් සංකේතයක්.(නදී)
ස්තුතියි ලංකාදීප.(නදී)