විදේශ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා රුමේනියාවේ සහ නොර්වේ තානාපතිවරු හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීය.
නොර්වේ තානාපති තෝර්බ්ජෝන් ගවුස්ටඩ්සර්ටර් සමඟ පැවති සාකච්ඡාවේදී නෝර්වේ සහ ශ්‍රී ලංකාව අතර තානාපති සබඳතා වර්ධනය කර ගැනීම සහ ධීවර සහ පුනර්ජනනීය බලශක්ති අංශයේ සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අවස්ථාවන් ගැනද, රුමේනියා තානාපති වික්ටර් චිචුජ්ඩියා හමුවේදී දෙරට අතර අධ්‍යාපනය,විද්‍යාව ,සංස්කෘතිය ,ජනමාධ්‍ය ,තරුණ කටයුතු සහ ක‍්‍රීඩා , ආයෝජන ප‍්‍රවර්ධනය වෙනුවෙන් ද්විපාර්ශවික ගිවිසුම් අත්සන් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ඔහු සාකච්ජා පැවැත්වීය.

![norway[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/norway1.jpg)
![rumania[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/rumania1.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd