IMG-LOGO

රාමදාන් මාසයේදී හමාඞ් රෝහල්වල සියලු හදිසි සේවාවන් සුපුරුදු පරිදි

හමාඞ් වෛද්‍ය සංස්ථාවට අයත් රෝහල්වල සියලු හදිසි සේවාවන් රාමදාන් සමයේදීත් පැය 24 පුරාම ක්‍රියාත්මක වෙයි.


කෙසේ වෙතත්, එම රෝහල්වල අනෙක් දෙපාර්තමේන්තුවල සේවා කාලයන් වෙනස් කර ඇත. ඒ අනුව හමාඞ් මහ රෝහලේ බාහිර රෝගී දෙපාර්තමේන්තුවේ සායන ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 8 සිට පස්වරු 1 දක්වා විවෘතව තැබෙනු ඇත. සන්ධ්‍යා සායන රාත්‍රී 8.30 සිට 11.30 දක්වා විවෘතව තැබේ.


බිම් මහලේ ඇති බාහිර රෝගී අංශයේ ප්‍රධාන ඔසු සල උදෑසන 8 සිට පස්වරු 1.30 දක්වාත් රාත්‍රී 8.30 සිට මධ්‍යම රාත්‍රිය දක්වාත් විවෘතව ඇත.
කාන්තා රෝහලේ බාහිර රෝගී අංශයේ උදෑසන සායන ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 8 සිට පස්වරු 1 දක්වාත් සන්ධ්‍යා සායන ඉරිදා සිට බදාදා දක්වා රාත්‍රී 7.30 සිට රාත්‍රී 10.30 දක්වාත් පැවැත්වෙයි. එහි ඔසු සළද එම වේලාවන් තුළදී විවෘතව තැබේ.


අල් වක්රා රෝහලේ බාහිර රෝගී අංශය ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 8 සිට පස්වරු 4 දක්වාත්, දන්ත වෛද්‍ය සායනය උදෑසන 8 සිට පස්වරු 1 දක්වා සහ රාත්‍රී 8 සිට රාත්‍රී 11 දක්වාත් විවෘතව තැබේ. නාරි සහ ප්‍රසව සායනය ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා විවෘතව තැබෙනු ඇත. එහි ප්‍රධාන ඔසු සල උදෑසන 8 සිට පස්වරු 8 දක්වාද, නාරි සහ ප්‍රසව අංශයේ ඔසු සල උදෑසන 8 සිට පස්වරු 1 දක්වාද විවෘතව තැබේ.
කුබාන් රෝහලේ බාහිර රෝගී සායන සියල්ල සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 8 සිට පස්වරු 1 දක්වා විවෘව තැබෙන අතර එහි ඔසු සලද එම වේලාව තුළදී විවෘතව තැබෙනු ඇත.


හෘද රෝහලේ බාහිර රෝගී සායන ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 8 සිට පස්වරු 1 දක්වා විවෘතව තැබෙනු ඇත. එහෙත් එහි සන්ධ්‍යා සායන ශුද්ධ වූ රාමදාන් මාසය පුරාම නොපැවැත්වේ. රෝහලේ ඔසු සල බාහිර රෝගී සායන පැවැත්වෙන කාලය තුළ විවෘතව තැබෙනු ඇත. අල් කෙහොර් රෝහලේ බාහිර රෝගී අංශය සහ ඔසු සල ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 8 සිට පස්වරු 1 දක්වා විවෘතව තැබේ.


රුමයිලාහ් රෝහලේ බාහිර රෝගී සායන ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 8 සිට පස්වරු 1 දක්වාත්, එහි ඔසු සල උදෑසන 8 සිට පස්වරු 3 දක්වාත් විවෘතව ඇත.


ජාතික පිළිකා ප්‍රතිකාර සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ සියලු බාහිර රෝගී සායන ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 8 සිට පස්වරු 1 දක්වාත්, සවස සායන සඳුදා දින පස්වරු 8 සිට පස්වරු 11 දක්වාත් විවෘතව තැබේ. එහි ඔසු සල් ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 8 සිට පස්වරු 2 දක්වාත්, සෙනසුරාදා දින උදෑසන 9 සිට පස්වරු 2 දක්වාත් විවෘතව තැබෙනු ඇත.


මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානයේ බාහිර රෝගී අංශය සහ ඔසු සල ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 8 සිට පස්වරු 1 දක්වා විවෘතව තැබේ.


විශේෂිත සේවාවන් පැවැත්වෙන කාලයන් පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා අදාළ රෝහල සමග සම්බන්ධ වන ලෙසට හමාඞ් වෛද්‍ය සංස්ථාව සියලු රෝගීන් වෙත උපදෙස් දෙයි. හමාඞ් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය (නෙස්මාක්) ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 7 සිට පස්වරු 10 දක්වාත් සිකුරාදා සහ සෙනසුරාදා දෙදින තුළ උදෑසන 10 සිට පස්වරු 4 දක්වාත් විවෘතව තැබෙනු ඇත.


රෝගීන්ට සිය හමුවීම් වෙනස් කරගැනීමට හෝ වෙනයම් විමසීමක් ඇතොත් ඉහත කාලයන් තුළදී 16060 අංකයට ඇමැතිය හැකිය. 



අදහස් (0)

රාමදාන් මාසයේදී හමාඞ් රෝහල්වල සියලු හදිසි සේවාවන් සුපුරුදු පරිදි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 644 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 769 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 329 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site