ශුද්ධ වූ රාමදාන් මාසයේදී ආහාර ද්‍රව්‍යවල මිල වැඩි නොකරන බවට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් 80 කට වැඩි පිරිසක් ප්‍රතිඥා දී ඇත.
එසේම ලබන සතියේදී ආරම්භ වීමට නියමිත රාමදාන් මාසයේදී සියලුම ආකාරයේ ආහාර වර්ග සපයන අතරම ප්‍රවර්ධන වැඩසටහන් වැඩි කරන බවටද ඔවුන් පොරොන්දු වී ඇත.
රාමදාන් කාල පුරාම ආහාර ද්‍රව්‍ය සඳහා ස්ථාවර මිලක පවත්වාගෙන යන බවට වූ ප්‍රතිඥාවට මිඞ්වේ, ලුලු හයිපර්මාර්කට්, ගීන්ට් ඇන්ඞ් කැරේෆෝර් ඇතුළු සිල්ලර වෙළෙඳ සමාගම් 88 ක් අස්සන් තබා ඇත.
ඉහත ප්‍රතිඥාවට අස්සන් තැබීම සඳහා ආයතන නියෝජනය කරන නියෝජිතයන් 50 ක් පමණ පසුගියදා සනාබිස් හි පිහිටි බහරේන වාණිජ සහ කර්මාන්ත මණ්ඩලයේ මූලස්ථානයට පැමිණ සිටියේය.
“සිල්ලර වෙළෙඳ සමාගම් විසින් සියලු නිෂ්පාදන නියමිත පරිදි වෙළෙඳ පොළට සපයන බවත් රාමදාන් මාසය පුරාම ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවටත් මට විශ්වාසයි” යැයි බහරේන වාණිජ සහ කර්මාන්ත මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සහ ආහාර සහ කෘෂිකාර්මික කමිටුවේ සභාපති කාලීඞ් අල් අමීන් පැවැසීය.
“සියළු ආහාර ද්‍රව්‍ය සැපයීම සිල්ලර වෙළෙඳ සමාගමකට ලෙහෙසි කාර්යයක් නෙමෙයි. ඉතිං ඔවුන් එය කරන බවට ලබාදුන් පොරොන්දුව අපි අගය කරන්න ඕනේ”
“මිල ස්ථාවර කිරීම විතරක් නෙමෙයි, බොහෝ භාණ්ඩවල මිලත් පහළ බසීවි”
“ශුද්ධ වූ මාසයේදී අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පහළ දමලා මිනිස්සුන්ගේ කරදර අඩු කරන එක අපේ රාජකාරිය කියලා තමයි මට හිතෙන්නේ”
සිල්ලර වෙළෙඳ ආයතන ඇති තරගකාරීත්වය නිසාද අවසානයේදී භාණ්ඩ මිල පහළ බසින බව අල් අමීන් පවසයි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
රාමදාන් මාසයේදී ආහාර මිල ඉහළ නොදමන බවට ප්‍රමුඛ පෙළේ පාරිභෝගික සමාගම් 80 කින් ප්‍රතිඥාවක්