බෞද්ධ කතෝලික සම්මන්ත‍්‍රණයක් වතිකානුවේ සාමය සඳහා ඉතාලියේ (ථෙරවාදි-මහායාන-වජ්‍රයාණ) බෞද්ධයෝ ලබන හයවැනිදා වතිකානුවේ යුර්බනිනා විශ්වවිද්‍යාලයයයේදී ජනතාව අතර සාමය සහ අභ්‍යන්තරික සාමය’ නමින් සමුළුවක් පවත්වති.
මෙම සමුළුව කර්දිනල්මිගෙල් ඇන්ජල් අසුසෝ ගුයිෂොට් සහ ජනක ඉඳුනිල් පියතුමන්ගේ සම්බන්ධීකරණයෙන් සිදු වෙයි.
මෙම සමුළුවේ මුලසුන භාරගන්නැයි එම විශ්ව විද්‍යාලයේ රෝමයේධර්මාශොක විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියන්ට ආරාධනාවක් ලැබී ඇත. සාමයෙන් සමාජයක් ගොඩනැගීමේ ඇති වටිනාකම දෙසුමේ මැය වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෞද්ධයන් ක්‍රිස්තියානි ආගමට ඇද ගැනීමේ උපක්‍රමයක් වෙන්න බැරිද? සිංහලයිනි, සියලු දේ හොඳය කියලා කියන්න කලින් හිතලා බලන්න. සිංහලයා මෝඩයා කියන වචනය ඉවත් කරන්න බලමු. (නි)
අසේල කාටද ආවඩන්නේ? ඔයා යෝජනා කරන්නේ දේශපාලඥයින්ට මහජන මුදල් වලින් ප්‍රචාරයක් ගන්න අවස්ථාවක් උදා කිරීමක් ගැනද? (නි)
අන්න නියම භක්තිකයෝ. අන්න නියම ගරුත්වය ප්‍රායෝගිකව ලෝකෙට පෙන්වීම. (නි)
එහෙ අර සේනා මේ සේනා පාරවල් ගානේ හු තිය තියා ගිහින් නැහැල්ලුද? (නි)
මේකට කියන්නේ දෙපිට කට්ටු කම. එහෙ ගිහින් පුසෝ වාගේ ආගමික සමගිය ගැන දෙසනා තියනවා .මෙහෙ ඇවිත් මාර සේනාව වගේ අනික් ආගම වලට ගරහනවා. බුදුදහමට නිගා දෙනවා.(නදී)
සියළුම ආගම් වලින් කියන්නේ එකම දේ කියන එක අපේ සමාජය තුල විෂබීජයක් වෙලා. හදවතට එකගව අදහස හොඳ නම් ප්‍රශ්නයක් නැහැ. (නි)
බැරිද එදාට මේ මැදපෙරදිග යන ගැහැණු ගැන කතා කරන්න? ලංකාවේ ගැහැණු අනාත වෙලා දරුවොත් කර ගහගෙන ලංකාවට යනවා. මොකක්ද ඒකට පිළියම. (නි)
බෞද්ධ දර්ශණය සහ දේව ධර්මය ඉදුරාම දෙකක්. නමුත් සමාජ පැවැත්ම වෙනුවෙන් එකතුවෙන් වැඩ කිරීමට සිතීමම ගොඩක් හොදයි. (නු)
ප්‍රියා,ඕකට එකම විසදුමයි තියෙන්නේ.හරිම සරලයි. ඒක තමා ඡන්දෙ කටුගාන එක. මොකෝ කවුරු ආවත් කරන්නේ කොලේ වහන එක. ඡන්දෙ කටු ගෑවොත් එයාලට හිතන්න වෙනවා අයි එහෙම වුණේ කියලා.සෝම හාමුදුරුවෝ කිවුවා වගේ.වෙන විසදුමක් නැහැ. (නි)
ප්‍රියා, දෙමල සිංහල මුස්ලිම් හැම කෙනාම කරන්නේ මහජනයා රවටලා ගසාකන එක.ඕක නවත්තන්න කරන්න ඕනෑ ඡන්දෙ ප්‍රතික්ෂේප කිරීම. අපේ බත්බැලයෝ සංඛ්‍යාවේ හැටියට වැඩේ අමාරුයි.ඒකට සදරුවන්ලා සුද්දන්ට බැනලා වැඩක් නැහැ. අපිම තමා උත්තර හොයන්න ඕනෑ. (නි)
දැන් ලංකාවේ ඉන්න ක්‍රිස්තියානි කට්ටිය මලුත් පූජා කරනවලු. බැහැයි මොකක්ද දන්නෙ නැහැ එයාලා කියන ගාථාව? (නි)
මේවා දැක්කම සතිටින් පිනායන අයගෙන් මන් අහන්නේ මෙහෙ වගේ පෙළපාලි නැතිව මහා ජාතිය සුලුජතින්ට ඇත දික් කිරීම ගැන ඔහෙලා අගය කරනවද.(නු)
සුළු ජාතිය මහා ජාතිය ආක්‍රමණය කරනවා කියල එහෙ පාරවල් ගානේ යන අය හිටියේ නැද්ද.(නු)
ඉතාම හොදයි..!(නු)
මෙන්න මෙහෙමයි ඉන්න ඕන..!(නු)
එහෙ ගිහින් ආගමික එකමුතුව පෙන්නවන්න උත්සහ කරනවා. මෙහෙත් එහෙම තිබුණානම් හොදයි..!(නු)
සැබෑ ධර්මය මෙය බව දැනගන්න හොදම අවස්ථාවක් මේක. මුදලට යටත් නොවී හරි බෞද්ධයෙක් හැටියට ක්‍රියා කරන්න. අපිට ලොකු සතුටක් (නි)
එහෙ කිතු බල සේනාව අපේ අයට විරුද්ධව මුකුත් කරලා නැද්ද? (නි)
අන්න දෙපැත් නයි. එහෙ එහෙමයි මෙහෙ මෙහෙමයි.(නදී)
ගොඩක් හොඳ දෙයක්, අපිට හරිම සතුටුයි බෞද්ධයෝ විදියට..! (ස)
මේකටත් දැන් බනීවි නේද අපේ රටේ අය? (නි)
රෝමේ සමහර කඩවල් වල බුදු රූප වලට මාල වලලු දාලා විකුණන ඒවා නවත්වන්නත් යම් වැඩපිළිවෙළක් අවශ්‍යයි. (නි)
සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වේවා! යහපත පිණිසම අන් අය සමග අත්වැල් බැඳ ගන්න හාමුදුරුවනේ. (නි)
වෙන බෞද්ධ උගත් කෙනෙක් ඉතාලියේ නැතිනම් හොඳා. මවා පා මිනිස්සු මුලා කරන මේ තරම් කෙනෙක් ඉතාලියේ නොමැත. හිතාගෙන ඉන්නේ ඉතාලියේ ඉන්නේ කොන්දේ බැඳපු චීන්නු කියල.(නදී)
මේකට නම් විරෝධතා පෙළපාලි එපා..!(නු)
සුසිල් ,මම කතෝලිකයෙක්. නමුත් ප්‍රශ්නය මිලානෝ වල සමහර හාමුදුරුවරුන්ට දානෙත් නැහැ. ඔයා මොකද ඒ ගැන කියන්නේ? (නි)
එහෙ එහෙම වුනාට ලංකාවේ එහෙම දෙන්න බැහැ හොදේ...(නු)
මේක නම් ඉතාම හොඳ වැඩපිළිවෙලක්. මගේ අදහසේ හැටියට ලංකාවේ සාමය වගේම අසරණ දරුවන් වෙනුවෙන් කලාකාරයෝ, ක්‍රිකට් ක්‍රීඩකයෝ, ව්‍යාපාරිකයෝ , ජනතාව එකතු කරගෙන අගමැතිතුමාගේ නායකත්වය යටතේ සුවිසල් අරමුදලක් පිහිටුවා එය සර්වෝදය වැනි ඉතාම ශක්තිමත් විදියට රටපුරා ශාඛා පිහිටුවා දුප්පත් දරුවන්ට, දුප්පත්කම නිසා පාසල් හැර යන යට උදව් කළ යුතුයි (නි)