රෝම බෞද්ධ විහාරයේ වෙසක් උළෙල ප්‍රධාන සංඝනායක විහාරාධිපති මොල්ලිගොඩ ධීරානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.
විහාරස්ථාන දායක සභාව සංවිධානය කල වෙසක් උළෙලට දාන සීල භාවනා ලේ දන් දීම හා දන්සල් හා වෙසක් කූඩු ප්‍රදර්ශනයක්ද ඇතුළත් විය.
දන්සැල සදහා ප්‍රධාන දායකත්වය හොටෙල් ෆෙරරෙසි හි අධිපති අන්තෝනියෝ අලස් මහතා හා මහත්මියගෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් වෙසක් උත්සයට සහභාගි උනෙමි.රෝමයේ වෙසෙන ශ්‍රි ලාංකිකයන් අති විශාල පිරිසක් උත්සවයට සහභාගි වී සිටියා. ඉතාලියේ මෙවන් උත්සවයක් දකින්න ලැබීමත් සතුටක්.නායක හාමුදුරුවන්ට තෙරුවන් සරණයි (නි)
රෂීඩ්, ඒවා ඕනෑ බලෙන් සහ රැවටීමෙන් අන්‍ය ආගම්කරණය වලක්වන්න. බුදු දහම කියන්නේ ඒහි පස්සිකෝ ගුණය තියෙන ධර්මයක්. ඒ කියන්නේ ඕනෑ කෙනෙකුට ඇවිත් අධ්‍යයනය කරලා බලලා පැහැදීමෙන් බෞද්ධයෙක් වෙන්න පුළුවන්. නැතුව ඉතිහාසේ කිසිම තැනක බලෙන් බුදු දහමට හරවපු තැනක් නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. බුදු දහම තියෙන්නේ ප්‍රඥාවන්තයින්ට. (නි)
උතුම් වැඩක්
රෂීඩ්, කියමු බලන්න එහෙනම් කවදාද සල්ලි දීලා බෞද්ධ ධර්මයට මිනිසුන් හරවා ගත්තේ කියලා. ඔබගේ අන්‍යාගමිකරණය යන වචනය ද්වේශ සහගතයි. එය ඉල්ලා අස්කර නොගන්නේ නම් ඔබ ඔබ ඔබගේ ධර්මය තේරුම් නොගත්තකු වශයෙන් සලකමි. (නි)
බුදු සසුන බැබලේවා (දී)
හරිම ලස්සනයි (නි)
මේ රටවල් වල නැද්ද ඉංග්‍රීසි රාවය, ප්‍රංශ රාවය, ක්‍රිස්තු බල සේනා වගේ ඒවා, අන්‍යාගමිකරණය වලක්වන්න... (නි)
ලෝක වාසි සැමටම බුදු සරණයි (දී)
පාතාලේ කට්ටිය ආවේ නැද්ද ? (නදී)
රෂීඩ්, මේ රටවල ගොඩක් සංවිධාන තියෙනවා. නමුත් ඒවායින් පහර වදින්නේ අන්තවාදී මුසල්මානුවන්ට සහ ත්‍රස්ත මුසල්මානුවන්ට මිසක් අවිහිංසාවාදී බොදුනුවන්ට නොවේ. (නි)
රෂීඩ්,ඔයා දැකලා තියේද මේ උත්සවවල බහුතරයක් ඉතාලි, ප්‍රංස, ජර්මන් කාරයෝ, සුදු ජාතිකයෝ ඉන්නවා. අපේ විදෙස් රටවල පන්සල්වල ගොඩක් වැඩ කරන්නේ අපේ අයට. නමුත් අපේ රටේ ඇවිත් ආගම් ප්‍රචාරය කරණ අය වැඩ කරන්නේ එයාලගේ අයට නෙමෙයි. අපේ සිංහල බෞද්ධයෝ ඉලක්ක කරගෙනමයි. ඔබ හොදින් සිතා බලන්න ඔබට වැටහේවි. (නදී)
අප ගෞරවනීය නායක හාමුදුරුවන්ට තෙරුවන් සරණින් කටයුතු කර ගන්න ලැබේවා! අපගේ රෝමයේ මොල්ලිගොඩ දීරානන්ද නායක හාමුදුරුවන් වහන්සේ රට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් වෙහෙසෙන යතිවරායන් වහන්සේ නමක්. තෙරුවන් සරණයි නායක හාමුදුරුවනේ! (නි)