රෝමයේ ශ්‍රි ලංකා තානාපති කර්යාලයයට තම අවශ්‍යතා ඉටුකර ගැනිමට සෙනසුරාදා (27) පැමිණි විශාල පිරිසකට සුහදව හා ඉතා ක්‍රියාශිලීව සේවාව සැපයීමට තානාපති කාර්යාලයය ක්‍රියා කළ බව ඵහි සිට ‘ඵසැණ‘ ඇමතූ බොහෝ පිරිස් පැවසූහ.
පසුගිය කාලයේදී රෝමයේ තානාපති කර්යාලයයේ අකාර්යක‍්ෂමතාවය පිළිබඳව ඉතාලියේ ජිවත්වන ශ්‍රි ලාංකිකයෝ නොයෙක් මැසිවිලි නැගූහ.
තානාපති කාර්යාල ආරංචි මාර්ග පැවසුයේ 150කට ආසන්න පිරිසක් සෙනසුරාදා (27) එහි පැමිණි බවත් ඵ් හැමෝගෙම වැඩ නිලධරයන්ගේ කැපවීමෙන් ඉටු කළ බවත් ඔවුහු කීහ.
රෝමයේ නව ශ්‍රි ලංකා තානාපති නාවලගේ බෙනටි කුරේ මහතා වැඩ බාර ගැනීමට නියමිතය.
නිලධාරීන් පස් දෙනෙකුගේ අඩුවක් කළක පටන් පැවතියේය. විදේශ ලේකමි කරුණාතිලක අමුණුගම මහතා ඵසෑණ සමග කියා සිටීයේ පත්වන නව තානාපති සමග සියලු පුරප්පාඩු පුරවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොලොන්නාවෙන් අලුත් බැට්රියක්වත් ගෙන්නුවද? (නි)
නව තානාපතිට මගේ සුබ පැතුම්! (නි)
අනේ හොදයි
ඉතාලියේ තානාපති කාර්යාලයේ තිබෙන ප්‍රශ්න ලෝකයේ එකම තානාපති කාර්යාලයකවත් නැතුවා වගේ (නි)
ආයෙමත් දේශපාලන පත්වීමක්.(නදී)
අලුත් පිටට සීනි. පරණ වෙනකොට ගෝනි .(නදී)
ඒ කියන්නේ නින්දෙන් අවදි වෙලා වගේ දෙයක්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අහන්නත් සතුටුයි (දී)
සෙනසුරාදට තනාති කාර්යාලය නිවාඩු නැද්ද? (නි)