IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රබර් ආනයනයේදී රබර් වැඩක් කරලා

(දයාසීලි ලියනගේ)

රටේ අවශ්‍යතාවයට වඩා වැඩි ප්‍රමාණයක් රබර් ආනයනය කිරීම නිසා මෙරට රබර් මිල පහත බැස ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

වර්ෂ 2017 දී රටේ අවශ්‍යතාවයට වඩා රබර් මෙට්‍රික් ටොන් 16000 ද 2018 දී අවශ්‍යතාවයට වඩා රබර් මෙට්‍රික් ටොන් 13000 ද 2019 දී 12000 ද 2020 දී මෙට්‍රික් ටොන් 14000 ද 2021 දී මෙට්‍රික් ටොන් 25000 ද මේ වසරට මෙට්‍රික් ටොන් 10000 ද වැඩිපුර ආනයන කර ඇති බව රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

රටේ අපනයන කර්මාන්තය අතිශයින් වැදගත් වන නිසා මින් ඉදිරියට රටේ අවශ්‍යතාවයට පමණක් රබර් ආනයනය කිරිම සඳහා අවශ්‍ය නියාමනය කිරීමට කමිටුවක් පත්කර බවට ද ඔහු කීය.

 



අදහස් (9)

රබර් ආනයනයේදී රබර් වැඩක් කරලා

ravin Monday, 24 October 2022 08:30 AM

එදා මෙදා තුර පත්කරන ලද කමිටු වලින් නිසි ප්‍රතිඵල ලැබුණු කමිටු ගණන සොයා බලා පළකරන්නකො.

:       1       12

senaMonday, 24 October 2022 11:11 AM

රවින් හරි මෙවාට කමිටු ඔනනැහැ. කරන්න තියෙන්නෙ මෙ වැරැද්ද කරපු එක එලියට දාපු ගමන් ඊලගට එන එකා වැඩේ හරියට කරනවා.

:       1       3

චමින්ද Monday, 24 October 2022 09:12 AM

ඇත්තටම මේරටේ පාලකයන්ට මොළයක් කියලා එකක් නැද්ද .නැත්නම් මෙරට වගා කලහැකි රබර් ගේන්න දෙන්නෙ ඇයි.රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව කුමටද කර්මාන්ත කරන්න ඕන නම් රබර් වගාව දිරිගැන්වීම සදහා වැවිලි ඇමතිවරයා කටයුතු කරන්න ඕන.කිසිම ජාතික සැලසුමක් නැතුව කරන්නන් වාලේ වැඩ කරනවා කියනදේ අහන වගාකරුවන් හා කම්කරුවන් ඉතාමත් අපහසුතාවට පත්වෙනවා මෙහෙම ක්‍රියාවන් තමයි මැණික් ගලක් උඩට වෙලා ගෝනියක් දමාගෙන නිදාගන්නවා කියන්නෙ රට මෙතරම් ප්‍රපාතයකට ගියෙත් මෙහෙම වැඩ නිසා තමයි

:       2       11

සිල්වා Monday, 24 October 2022 10:02 AM

රබර් ආනයනය සම්පූර්ණයෙන් ම තහනම් කළ යුතුයි. යම් කර්මාන්තයකට යම් කොටසක් අවශ්‍ය වන්නෙ නම් එම කොටස් මෙරටෙහි නිෂ්පාදනය කිරීමට පියවර ගත් යුතුයි.

:       2       7

ganegoda Monday, 24 October 2022 10:25 AM

තාම බයිසිකලයක් විල්බැරක්‍කයක් වගේ දෙයක්වත් පෙනෙන තෙක් මානයක් නැහැ

:       1       3

dhamneth Monday, 24 October 2022 11:08 AM

අපි කලින් හිතුවෙ වැවිලි කර්මාන්ත ඇමතිට හොඳ මොලයක් තිබෙනව කියා. අපි දැන් මාස ගනනකින් රබුර් කිරි කැපුවෙ නැහැ මිල පහත බැස ඇති නිසා. අත්‍යාවශ්‍යය ‌‌‌‌‌ඖෂධ ‌ගේන්වන්නවත් විදේශ විනිමය නැති ‌‌මේවෙලාවෙ රබර් කිරි පිටින් ගෙන්විම වහාම නතර කරන්න. පොල් තෙල් නිෂ්පාදනයෙනුත් වරින් වර දොස්පවරනව පිට රටින් පොල් තෙල් ගෙන්වනව තම කර්මාන්තවලට මරු පහරක් . විපක්ශයටත් මේව පෙනෙන්නෙ නැද්ද?.

:       0       1

කිරිපුතා Monday, 24 October 2022 05:04 PM

විපක්ෂයට එහෙම මොළයක් තිබේනම් ඒවා ගැන කතාවක් හරි කරනවා.බලන්න ලොක්කා ඇගිල්ල තර්ජනාත්මක ආකාරයට දික්කරමින් කතා කරන්නෙ ආණ්ඩුව පෙරලීමට පමණයි ආණ්ඩුව කරන කරන්න ඉඩදෙන මෙහෙම වැඩ ගැන දන්නෙම නැහැ දැන් මොණරාගල වගේ පැතිවලත් රබර් වවන්න පුළුවන් නිසා රබර් වගාව ලංකාවෙන් තුරන්කර රටින්ම කිරි ගෙනෙමු.අපේ පාලකයන්ට පිටරටදේ සිරිසැපදේ නිසා උන්ට ලංකාවෙ දේවල් වටින්නේ නැහැ අඩුම තරමින් ඊළඟට වෙන්න ජනාධිපති දෙදෙනාම මේවා ගැන මොකුත්ම කියයිද බලාසිටිමු

:       0       1

fairoos Monday, 24 October 2022 12:53 PM

හැමදාම කියවනවා විතරයි... මේ කාලවල ආණ්ඩු කළේ විපක්ෂයද? ඔයාලම නේද?

:       1       3

lalindra Monday, 24 October 2022 01:43 PM

ඔය 2017, 2019, 2020 වැඩිපුර ගෙනාපු ඒවා ගැන දන්නේ නෑ. මිල අඩුවෙන්න පටන් ගත්තේ රනිල්ට බලය ලැබුණාම... අවධානයෙන් බැලුවොත් රනිල් බලයට ආපු ගමන් තමයි රබර් මිල පහත යන්නේ. පසුගිය විස්තර අරන් බලන්න. රනිල් එක්ක ජාවාරම් කාරයෝ එනවා.. රනිල් දේශීය වගා කාරයින්ට හෙන ගැහුවත් මොකෝ කියලා ජාවාරම් කාරයින්ට ඉඩ දෙනවා කියලා තමයි අපිට හිතාගන්න තියෙන්නේ....!

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site