ශ්‍රී ලාංකීය කලා ක්ෂේත‍්‍රය වෙනුවෙන් එදා මෙදා තුර විවිධ ස්වරූපයන්ගෙන් රංගන ඉදිරිපත් කළ ප‍්‍රියන්ත සෙනවිරත්න රසික සිත් පිනවාලූ සොඳුරු කලාකරුවෙක්. විකට රජෙක් ලෙසින් දශක ගණනාවක් පුරා ප්‍රේක්ෂකයන් සිනහ සයුරේ ගිල්ල වූ අසහාය නළුවෙක්.
මේ දිනවල ඉතා ඉහළ ප‍්‍රතිචාර මැද සාර්ථකව විකාශය වන අංකල් සෑම්, ශනි බලවත්, සිහින විමන්, ආටක නාටක වැනි ටෙලිනාට්‍ය රැුසකින්ම ඔබ හමුවට එන ප‍්‍රියන්ත සෙනවිරත්න නම් ඒ සොඳුරු කලාකරුවාණන් වෙනුවෙන් තමයි මෙවර ”ජීවිතේ මල්” පිපෙන්නෙ.
මම ජීවිතේ ගොඩක්ම සතුටුවුණ දවසක් තමයි මගේ පළමු වේදිකා නාට්‍යය රඟපාන්න ලූම්බිණි රඟහලේ වේදිකාවට පය තැබූ දවස, මගේ පළවෙනි වේදිකා නාට්‍යය ”මකුළු දැල්” 1986 දී එය නිෂ්පාදනය වෙලා දෙසැම්බර් 23 වේදිකාගත වුණේ. ඒ හැව්ලොක් ටවුන් ලූම්බිණි රඟහලේදී. නාට්‍ය නිෂ්පාදනය කළේ ජගත් මුතුකුමාරණ මහත්මයා.
ඒ වෙද්දි මම වේරහැර කාර්මික අභ්‍යාස ආයතනයේ පළමු වසර ශිෂ්‍යයෙක්. ඒ කාලයේදී තමයි මේ නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ. එතෙක් මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් සහ ආසාවක් තිබුණා නළුවෙක් වෙන්න.
ඉතින් ඒ රඟපෑමේ සිහිනය මල්ඵල ගැන්වුණා. අම්බලමක ඉන්න යාචකයො පිරිසකගෙ චරිත එහිදී රඟපාන්න තිබුණෙ. මම කළේ ”රොඞ්ඩා” කියන චරිතය. ඒ සඳහා හොඳ ප‍්‍රතිචාර තිබුණා. ඒ වගේම නාට්‍ය අවසන් වුණාම ගොඩක් කට්ටිය සුබ පැතුවා. ඒ පිළිබඳව ගොඩක්ම සතුටුයි. ඒත් එක්කම ඒ නාට්‍යය තරුණ සේවා සභාවෙ යොවුන් නාට්‍ය උළෙලටත් ඉදිරිපත් කළා. එහිදී මේ නාට්‍යය නරඹලා මගේ රංගනය වෙනුවෙන් පළමු වතාවට කුසලතා සහතිකයකුත් ලැබුණා. ඒ ඇගයීම සම්බන්ධවත් මට පුදුමාකාර සතුටක් හිතට දැනුණෙ.
ඒ නාට්‍යයෙන් පසුව ජගත් මුතුකුමාරණ කියන මගෙ නාට්‍ය ගුරුවරයා විසින් මාව හඳුන්වලා දුන්නා ජාතික රූපවාහිනියෙ ළමා අංශයේ නිෂ්පාදිකාවක් වන ශ්‍රීමතී ලියනගේ මහත්මියට. ඇය ළමා වැඩසටහනක් නිෂ්පාදනය කළා. ”කතන්දර පිටුව” නමින්. එහිදී ඉදිරිපත් කරන්න තිබුණෙ සතුන්ගෙ චරිත. මට ලැබුණෙ මගේ ඇෙඟ් ස්වභාවයත් හැඩරුවත් සමඟ වෙන්න ඇති අහිංසක සතෙක්වන හාවගේ චරිතය. ඉතින් ඒ චරිතය රූපවාහිනි සංස්ථාවෙ මැදිරියක පටිගත කළේ.
ඒ කාලෙ අපේ ගෙදර රූපවාහිනී යන්ත‍්‍රයක් තිබුණෙත් නෑ. ළඟ ගෙදරකට ගිහින් රූපවාහිනිය නැරඹුවෙත්. ඉතින් මගේ පළමු රංගනය ඒ විදියට රූපවාහිනී තිරයකින් දැකපු පළවෙනිම වතාව තමයි ඒ. ඉතින් ඒ මොහොතෙ ගොඩක් සතුටු හිතුණා. සතුට මේ තරම් කියල වචන වලින් කියන්න බැරි තරමට.
මම ඉස්සෙල්ලම කාර් එකක් ගත්ත දවසත් ජීවිතේට සුවිශේෂම දවසක්. මගේ ළඟ සල්ලි ටිකක් තිබුණා. ඒත් එක්කම වාහනයක් ගැනීමේ උවමනාවත් තදින්ම තිබුණා. නමුත් අතේ තියෙන ගානට ගැළපෙන වාහනයක් හොයාගන්න සෑහෙන වෙහෙසක් දරන්න වුණා. ඉතින් කොහොමහරි මම ආසා කරන විදියෙ වාහනයක් මට ලැබුණා. ඒ ටොයොටා ස්ටාර්ලට් කාර් එකක්. 2004 වර්ෂයේ තමයි තුන්ලක්ෂ විසි පන්දහසකට වාහනය මිලදී ගත්තෙ. ඉතින් අපි දෙන්න විවාහවෙලා මුලින්ම ගියෙත් ඒ කාර් එකේමයි. ඒ වගේම අපි දෙන්නම ලයිෂන් ගත්තෙත් ඒ සඳහා මුහුණ දුන්නෙත් ඒ කාර් එකෙන්මයි. ඉතින් ඒ ගැන ගොඩක්ම සතුටුයි. නමුත් පසුව වාහනයක් ගන්න අපි ඒ කාර් එක විකිණුවා. ඒ මොහොතෙනම් පොඩි දුකක් ඇති වුණා.
මගෙ බිරිඳ කාංචනා. ඇයව පළමුවෙන්ම දැක්කේ ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ ඉන්න කාලෙ රඟපෑව අරුන්දතී වේදිකා නාට්‍යයෙ. ඒ තුමිඳු දොඩම්තැන්නගෙ වේදිකා නාට්‍යයක් මමත් ඒ නාට්‍යය බලන්න ගියා. එදා ඇයව දැක්කම හරි ආකර්ෂණීය බවක් ඇති වුණා.
පසුව මම ජාතික රූපවාහිනියෙ ”බලන් සබේ මිතුරේ” නමින් නාට්‍ය වැඩසටහනක් කළා. ඒ වේදිකා නාට්‍ය පිළිබඳ කරපු වැඩසටහනක්. ඒ සඳහා වේදිකා නාට්‍යවල පිරිස් විටින් විට සම්බන්ධ වුණා. ඇයගෙ නාට්‍ය කණ්ඩායමත් එයට සහභාගී වුණා. එහිදී මගේ හැඟීම් අලූත් වුණා. නමුත් කාලයක් යනතුරු අපි මුණ ගැහුණෙ නෑ. පසුව රොඞ්නි වර්ණකුල නිෂ්පාදනය කළ ”සාරංගා නැවෙන් ඇවිත්” කියලා වේදිකා නාට්‍යයක්. ඒ නාට්‍යයට සම්බන්ධ වෙන්න කාංචනා ඇවිල්ලා හිටියා. ඒ නාට්‍යය පුහුණුවීම් අතරෙ තමයි අපේ ආදරය පටන් ගත්තෙ. ඉතින් එය අවසන් වෙන්න කළින් අපි විවාහ දිවියටත් පත්වුණා. ඒ දවසත් මගේ ජීවිතේ ගොඩක්ම සතුටුවුණ දවසක්. අපේ විවාහය දවසෙ මගෙ ළඟින් ඇසුරු කරපු සියලූමදෙනා ආවා. අපි බොහොම සරල විදියට වැඩි මුදල් නාස්ති නොකර විවාහ මංගල උත්සවය ගත්තෙ. ඉතින් ඒ ගැන හරිම සතුටුයි.
අපේ දුව ලැබුණ දවසත් මගේ ජීවිතේ අතිශය සතුටු දවසක්. ඇයට දැන් අවුරුදු 10 ක් වෙනවා. ඉපදුණේ 2005.10.12 වෙනිදා. දුවගෙ නම පූජානි මානික්‍යා සෙනවිරත්න. ඒ වගේම පුතා ලැබුණු දවසත් එලෙසින්ම සතුටුවුණ දවසක් පුතා ලැබුණෙ 2007 සැප්තැම්බර් 28 වෙනිදා. ඉතින් ඒ දවස්දෙක ජීවිතේ සොඳුරුම දවස් දෙකක්. ජීවිතේම අංගසම්පූර්ණ වුණා වගේ දැනුණෙ. දැන් දුව 5 වන ශ්‍රේණියෙත් පුතා 3 වන ශ්‍රේණියෙත් ඉගෙනුම ලබනවා. පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ. ඒ දෙන්නත් කලා ක්ෂේත‍්‍රයට ගොඩක් දක්ෂයි. කලා ක්ෂේත‍්‍රයට සම්බන්ධ තරගවලට සම්බන්ධ වෙලා ජයග‍්‍රහණත් කරනවා. ඒ ගැන ලොකු සතුටක් හිතට දැනෙනවා.
කාංචනයි මමයි විවාහවෙලා ටික කාලයකට පසුව අපි පුංචි ගෙදරක පදිංචි වුණා. පානදුර ප‍්‍රදේශයේ අපි අවුරුදු ගණනාවක්ම දුක් මහන්සි වෙලා හම්බ කරලා, ඉතුරු කරලා තමයි ගේ හදාගත්තේ. ඒ ගෙදරට අපි පදිංචියට ගියෙ 2011 වර්ෂයේ ඔක්තොම්බර් 6 වෙනිදා. ඒ ගුරු දිනය දවසෙදි. අපි දෙන්නම ගුරුවරු නිසා ඒ දිනය ගොඩක් හොඳයි කියල හිතුණා. ඉතින් හරිම සතුටුයි ඒ දවස මතක් වෙද්දිත් ඒ තරම් ලස්සන දවසක් තමයි එහෙම ගෙවිලා ගියේ.
රයිගම් ටෙලි සම්මාන උළෙලේදී මට ලැබුණා 2007 වසරේදී විශිෂ්ටතම හාස්‍යෝත්පාදක රංගන ශිල්පියා කියන සම්මානය. ඒ සම්මානය මීට පෙර ලැබිලා තිබුණෙ, විජය නන්දසිරි මහත්මයට. මීට පෙර මෙවැනි සම්මානයක් ලබා දීලා තිබුණෙත් නෑ. ඉතින් විජය නන්දසිරි මහත්මයගෙන් පසුව ඒ සම්මානය මට ලැබුණා. එතනින් පසුව ඒ සම්මානය මම දන්නා තරමින් කිසි කෙනෙකුට ලැබිලත් නෑ. එය මට ලැබුණෙ සුසිරන් ද සිල්වා අධ්‍යක්ෂණය කළ වසන්ත කුමාරසිරි නිෂ්පාදනය කළ ඉසුරුභවන ටෙලිනාට්‍යයේ ”සුමනපාල” චරිතය නිරූපණය වෙනුවෙන්. ඉතින් ඒ දවස මගේ ජීවිතේ මල් ගොඩක් පිපුණ දවසක්. හරිම සතුටින් ඒ ගැන කතා කරන්න පුළුවන්.
ධනු විජේරත්න
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රූපවාහිනියෙන් 'හාවා' වූ දවස