අධික ලෙස රූපවාහිනිය නැරඹීමෙන් ළමයින්ගේ මොළයේ ව්‍යුහමය වෙනස්කම් සිදුවී හානිකර තත්ත්වයන් ඇතිවන බව ජපානයේ විශ්වවිද්‍යාලයක කරන ලද පරීක්ෂණයකින් අනාවරණය කරගෙන ඇත.
සෙන්ඩායි නගරයේ පිහිටි ටොහොකු විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් වයස අවුරුදු පහත් 18ත් අතර වයසේ පසුවන ළමයින්ගෙන් 276 දෙනකු යොදාගෙන මේ පරීක්ෂණය සිදුකැර ඇත. මේ අධ්‍යයනයෙන් සොයාගෙන ඇත්තේ ඔවුන් පර්යේෂණයට යොදාගත් ළමයින් දිනකට අවම වශයෙන් පැය හතරක් පමණ රූපවාහිනිය නරඹා ඇති බවයි.
රූපවාහිනිය නැරඹීමේ සාමාන්‍ය අගය පැය දෙකකි. එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයකින් පෙනීගොස් ඇත්තේ බොහෝ වේලා රූපවාහිනිය නරඹන ළමයින්ගේ මොළයේ සංවේදනය දැනෙන හා චලනයන් සඳහා විධානයන් ලබාදෙන කොටසේ වෙනස්කම් ඇතිවී තිබෙන බවයි. නමුත් මෙවැනි දරුවන් කතා කිරීමට සැලැස්වීමේ දී මේ තත්ත්වය ඉහළ යෑම පාලනය කළ හැකි වූ බව ද පර්යේෂකයෝ කියති.
පර්යේෂකයන් වැඩිදුරටත් පවසන්නේ ළමා කාලයේ දී මොළයේ මෙම කොටස් වර්ධනය වීම කාර්යක්ෂමතාවට බලපාන බවයි. රූපවාහිනිය නැරඹීමෙන් මොළයේ ව්‍යුහමය වෙනසක් සිදුවන බව මීට පෙර අධ්‍යයනයකින් සොයාගෙන නොතිබූ බව ද ඔවුහු කියති. මේ පර්යේෂණයට අනුව රූපවාහිනිය නිතර නිතර නැරඹීම ළමයින්ගේ ඥානාත්මක වර්ධනයට බාධාවකි. මේ ගැන වැඩිහිටියන් වැඩි අවධානයක් යොමු කරමින් තම ළමයින්ගේ අනාගතය යහපත් කළ යුතු බව ද ඔවුහු කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තත්වය අනාගත මිනිස් ක්‍රියාකාරිත්වය ට බෙහෙවින් බලපෑමට ඉඩ තියෙනවා. සාම්ප්‍රදායික සමාජවල විස්තෘත පවුලේ දරුවන් හදා වඩා ගැනීම සීයලා හා ආච්චිලාට පැවරී තිබුන කාලයේ එම වැඩි හිටියන්ගේ අත්දැකීම් අනුසාරයෙන් හා දරුවන්ගේ මානසික වර්ධනය ට ගෝචර කවි, ගීත හා කතාන්දර කීමෙන් ශක්තිමත් මනසක් ගොඩ නගා ගැනීමට ඒ දරුවන් ට හැකිවුනා. ඊට අමතරව රුපවානිය නැරඹීමේදී නොලැබෙන අන්තර් ක්‍රියාවලියක ට පවුලේ සමාජ සම්බන්ධතා තුලින් ඉඩක් ලැබුණා. අද සමස්ත ලෝක සමාජයම ගමන් කරන්නේ ආර්ථික විමුක්තියක් හා පාරිභෝජන තෘප්තියක් සඳහා නිසා අනාගත මිනිස් සමාජය රොබෝ ලා වැනි මිනිසුන්ගෙන් පිරීම නොවැලැක්විය විය හැකි වනු ඇත.(නදී)
මේ වාර්තාව සම්පූර්ණයෙන්ම සත්‍යයි. දරු දෙදෙනෙක් සිටින මගේ නිවසේ රුපවාහිනියක් නැත. ඉහත වාර්තාව මා කල සිටම දනැ සිටීම එසේ කිරීමට හේතුවයි. පියෙකු හැටියට එම වාර්තාව දැක මම ඉමහත් සතුටට පත්වුයේ මගේ තිරණය පර්යේෂනයකින්ද තහවුරු වී ඇති බව දැකීමෙන්. ළමුන් රූපවාහිනියෙන් ඈත්කර තබන අතර තොරතුරු දැනගැනීම සදහා ඔවුන් පුවත්පත් හා ගුවන් විදුලියේ තෝරාගත් නාලිකා සදහා පමණක් ශ්‍රවණයට යොමුකළ යුතුය. පවුලේ සමගියටද රුපවාහිනිය බාධාවක් යයි මම සිතමි. (නදී)
සම්පත් කහවිට 2014-01-13 06:48:47 සහතික ඇත්ත. (ස)
සම්පත් කහවිට මාත් ඒක කලා.(නදී)
මේ නිසාමයි අපි ළමයින්ව මේ අසහනයෙන් තරමක් දුරට පාලනය කර ගන්න විවිද උත්සාහයන් වල නිරත වෙන්නේ. මොකද අපි කොහෙන් වත් පර්යේෂණ කරලා මේක කියන්න පෙර දැනගෙන හිටියේ අපේ ප්‍රථම ගුරු උතුමා බුදුන් වහන්සේ නිසා.(නදී)
සහතික ඇත්ත. (නදී)
සහතික ඇත්ත (දී)