IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රූපවාහිනී විකාශ ඩිජිටල් කරන්න ජපානෙන් කණ්ඩායමක්

(අංජුල මහික වීරරත්න)

ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ (DTTB) ව්‍යාපෘතියේ තාක්ෂණික ක්‍රියාත්මක කිරීම් සඳහා ඉංජිනේරු උපදේශන සේවා ආරම්භ කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදු විය.

මෙරට වසර 46 කට අධික කාලයක් පැරණි ඇනලොග් භෞමික විකාශන පද්ධතිය එක් ඩිජිටල් භෞමික විකාශන වේදිකාවකට සංක්‍රමණය කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය අරඹා ඇත.

DTTB ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ජපන් ඉංජිනේරු උපදේශකයින් ඇතුලු වෘත්තිකයින් නිල වශයෙන් මෙහිදී පිළිගැනුණි.

මෙම ව්‍යාපෘතියට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සඳහා අතිනවීන 4K ඩිජිටල් ස්ටුඩියෝ සංකීර්ණයක් ද ඇතුළත් වේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ, සෑම ශ්‍රී ලාංකික රූපවාහිනී නරඹන්නෙකුට ම අධි විභේදන (HD) නැරඹීමේ අත්දැකීමක් ලබා දීමෙන් වසර 46 කට වඩා පැරණි ඇනලොග් විකාශන පද්ධතිය ඩිජිටල් විකාශන වේදිකාවකට සංක්‍රමණය වනු ඇත. ඩිජිටල් පද්ධතියේ ඉහළ වර්ණාවලි කාර්යක්ෂමතාව හරහා එකම වර්ණාවලිය තුළ අමතර රූපවාහිනී නාලිකා සඳහා විශාල ධාරිතාවක් වැඩිදියුණු කිරීමට එය ඉඩ සලසයි. මේ අනුව නරඹන්නන් සඳහා උසස් තත්ත්වයේ ඩිජිටල් නැරඹුම් අත්දැකීමක් සහ විකාශකයින් සඳහා කරදරයකින් තොර තාක්ෂණික මෙහෙයුම් ලබාදෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ  නියෝජ්‍ය ප්‍රධානී කමෝෂිඩා නාඕකි, ජපානයේ Yachiyo ඉංජිනේරු සමාගමේ සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන උපදේශක නම්බු නාඕකි, මෙරට JICA ව්‍යාපෘතියේ ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරෝනුමා මහත්වරු මීට සහභාගී වූහ.



අදහස් (2)

රූපවාහිනී විකාශ ඩිජිටල් කරන්න ජපානෙන් කණ්ඩායමක්

Neel Tuesday, 10 June 2025 03:40 PM

හිර ගෙදර ඉන්න අයටත් බොහෝම පැහැදිලිව ටී.වී බලන්න පුළුවන්...!

:       32       7

රුවන් Thursday, 12 June 2025 02:50 PM

නීල්ට අනුව ජපානය, සිංගප්පූරුව දුෂිත රටවල්, සෝමාලියාව, හයිටිය සංවර්ධිත දියුණු රටවල් ලු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site