බම්බලපිටියේ රූපලාවන්‍ය ආයතනයේ දී මිය ගිය දොස්තර ඊ ඒ ප්‍රියංගාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දොස්තර නිමල් ගමගේ අද පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වෙන කොළඹ මෘත ශරීරාගායට ගෙන එනු ලැබීය.
ඔහු අද සවස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සවස්වන තුරු අවසන් වූයේ නැත.
මේ අතර රූපලාවන්‍ය වෛද්‍යවරයාගේ සුදුසුකම් පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු ප්‍රශ්න මතු කරති. කියන සුදුසුකම් ඔහුට නැතැයි ඔවුහු පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපවාහිනී වැඩසටහන් වලට ප්‍රමිතියක් නැද්ද (දී)
ලස්සනට ඉන්න කව්රුත් කැමතියි. එකේ වැරද්දකුත් නැහැ ප්‍රශ්නේ තියෙන්නේ හොර දොස්තරලාට වැඩ කරන්න රටේ ඉඩ දීලා තියෙන එකයි.(අ)
2011 දොස්තරලා කණ්ඩායමක් මේක නීතිවිරෝධී බව පෙන්නලා බලධාරීන්ට ලිපියක් යැව්වා නේද? (නි)
එහෙනම් ඉතින් වැඩියෙන් දඩුවම් කරන්න වෙයි (දී)
වැඩ බැරි සහතික තියන ටාෂන්ලා දැන් ඉතින් ලකුනු දාගනී. මේ මනුෂ්‍යාට සුදුසුකම් නැහැ කියලා (නදී)
රුපවාහිනි නාලිකාවලින් උදේ වරුවේ කරන්නෙම රැකියාවක් නොකර ගෙදර ඉන්න නෝනලා ටික ගොනාට අන්දවා ගැනීම . සම රකින්න අර ක්‍රීම් කියාවි. කොණ්ඩය වැවෙන්නේ මේ බෙහෙත් කරල් කියාවි. ඇත්තටම ඔය වැඩසටහන් වලට ගෙන්වන දොස්තර මහත්තුරු ගැන වගකීමක් ඇතිවද ජනතාවට උපදෙස් දෙන්න ගෙන්වා ගන්නේ ? උදේ වැඩසටහන් සක්විතිගේ ඉංග්‍රීසි පන්තිය වගේ වෙන්න වැඩි කලක් යන එකක් නැහැ වගේ.(අ)
බෙහෙත්වල වරදක් ද බලන්න ඕන. ලංකාවේ ඔහොම ඒවා වෙලා තියනවා මීට පෙරත්.(අ)
දැන් ද අනෙකුත් දොස්තරලා මේ දොස්තරගේ සුදුසුකම් වල අඩුපාඩු කියන්නේ . මෙච්චර කල් රුපවාහිනියේ පෙනී සිටින විට ඇයි කාටවත් මතක් නොවුනේ ? (අ)
බලමුකෝ මොකක්ද අන්තිමට වෙන්නේ කියලා (නි)
සමහර බෙහෙත් ජාති සමහරුන්ට ආසාත්මික වෙනවා! මතකද මාලනී බුලත්සිංහල මහත්මියට වෙච්ච දේ! කොහොම වුනත් තමන්ගේ ස්වභාවික රූපයෙන් සෑහීමකට පත් වුනා නම් ඉවරයිනේ! (අ)
මෙතැනදී දොස්තරගේ සහ මියගිය කෙනා යන දෙදෙනාගේම ලොකු වැරද්දක් මම දකින්නේ නැහැ. මෙවෙනි ප්‍රතිකාර ක්‍රම ලෝකේ හැම තැනම තියනවා. අද්දැකීම් බහුල ඩොක්ටර් කෙනෙක්. ලංකාවෙන් ලබා ගත් එම්.බී.බී.එස් උපාදියකුත් තියනවා. අනික හැම කෙනෙක්ම ලස්සනට ඉන්න කැමතියි. මිය ගිය එතුමිය ලස්සන වෙන්න ගියපු එක වැරදි නැහැ. එ්ක පුද්ගලික දෙයක්. මේක කර්මය අනුව උන දෙයක් කියල මම හිතන්නේ. (නදී)
මොකද මේ හැමෝම දොස්තරට බනින්නේ? ගිය දොස්තර නොනාත් දැනගන්න ඕනෑ නේද විස්තර හොයලා බලන්න යන්න පෙර.අනෙක් කාරණය මොන රූපලාවන්‍යයද ලංකාව වැනි දුප්පත් ඝර්ම කලාපීය රටකට. (නි)
අනිත් එක පිටරට උපාධියක් කීවොත් අපේ අය හිස් මුදුනින් පිළි ගන්නවනේ.(අ)
රූපවාහිනී නාලිකා මුදල් උපයාගන්න සුදුසුකමි නැති අය ගෙන්වලා වැඩසටහන් පවත්වනවා. ඒ නිසා නුසුදුසු පුද්ගලයින් පුසිද්ධ වෙනවා. මහජනයා අමාරුවේ වැටෙන්න ඒකත් හේතුවක් (නදී)
මිනිස් සිරුර වයසත් සමඟ දිරන බව මේ දොස්තරට තේරුම් ගිහින් තිබුනා නම් මේ විපත නවතාගන්නට තිබුනා.බුදු දහමේ අගය මේ වෙලාවේ හොඳට පෙනෙනවා. (නි)
අනේ මෙහෙමත් දේවල්. (අ)
දොස්තර මොනවා කරන්නද විදපු එන්නතේ වරදක් තිබුනානම්, එකට මිනිසුන්ව ගසාකන ඔය ඖෂධ සමාගම් අල්ලගන්න ඕන.(අ)
දොස්තරලා අතින් ලෙඩ්ඩු මැරෙන්නේ නැද්ද? කව්ද ඕවා හොයලා බැලුවේ? (නි)
කොහොමත් වයසට යනවා. ඇයි දෙවියන් දුන් ලස්සන මදිද? (නි)
මේ මරණය වෙලා තියෙන්නේ රූපය ලස්සන කරවන ඔසුවකින් නොව, ප්‍රතිජීවකයක අසාත්මිකතාවයකින් කියා තමයි දැනට ආරංචිය. (නි)
රට පාලනය කරන්න සුදුසුකම් නැති දේශපාලකයෝ ඉන්න රටක නියම සුදුසු කම් ඇතිව රස්සාවල් කරාවිද?(අ)
බුදු දහමට අනුව ඔපක්ඛමික ආබාධා කියා එකක් සඳහන්වෙයි. මෙයින් කියනේ මිනිසුන් වැරදි උපක්‍රම භාවිතා කිරීම නිසා ලෙඩවෙන හා මරණයට පත්වන බවයි. මෙයද ඉන් එක් අවස්ථාවකි. තමන්ට උපතින් ලැබුනු රුපසම්පත්තියෙන් සෑහීමකට පත්නොවී අඤාණව වැරදි ක්‍රම උපයෝගීකරගෙන තමන්ගේ රුපයපිළිබද ඇති දැඩි හීනමානය කරණකොටගෙ විහින් ජීවිතය විනාශකරගැනීමකි. මෙවැනි අවාසනාවන්ත ක්‍රියාවන් ලෝකය පුරාම සිදුවෙයි. මැතකදී ලංකාදීප පුවත් පතේ පලවු මෙවැනිම ප්‍රවෘතියකින් කියවුනේ රූපය ලස්සන කරගන්නට ගොසින් අතපය හතරම අහිමි වූ කාන්තාවක් පිළිබදවයි. ලෝකප්‍රකට මයිකල් ජැක්ෂන්ට සිදුවූයේද මෙවැනිම විපතකි. ස්වභාව ධර්මයාට විරුද්ධවන සැමටම මෙම ප්‍රවෘත්තිය මහගු පාඩමකි. බුදුන්වහන්සේගේ උතුම් දහම තුල සඳහන් වන අනිත්‍යතාව හා ජිවිතාව බෝදය ලැබුයේනම් මිනිසුන් මෙවැනි අඥාණක්‍රියා සිදුකරගන්නේ නැත. සැමට ජිවිතා බෝධය ලැබේවා.(අ)
රටක මේ වගේ වගකිවයුතු සේවාවන් ආරම්භ කරන්න පෙර අවසරදීමේදී යම් ක්‍රමවේදයකට අනුව කළයුතුමයි. එසේ නොකර මේ වගේ දෙයක් වුණාට පස්සේ කරපු මිනිහාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම විතරක් පිළියමක් නොවෙයි. (නි)
බටහිර දොස්තරලා වගේම පිටරට දේවල් හිස් මුදුනින් පිළිගන්න උනාම කෙනෙකුටමේ වගේ ඉරණම් වලට මුහුණ දෙන්න වෙනවා. සියරට දෙන සිරිසැපදේ කියන්නේ කට කහනවට නෙමේ. අත් වැරදි හරි කකුල් වැරදි හරි වෙන්න පුලුවන්. කොහොමත් වැරැද්දක් නම් දඬුවමක් තියෙන්න ඕනේ. (අ)
ලංකාවේ බෙහෙත් වල කිසිම ප්‍රමිතියක් නැහැ. අවුෂධ මාෆියාවක් තියෙනවා. මේ දොස්තරගේ පළමු එන්නත වෙන්න බැහැ. අනික ඔය රැලි නොවැටෙන්න ගහන එන්නත වසරක් පාසා ගහන්න ඕනා කියලයි මම අහල තියෙන්නේ. (නදී)
අපේ වයසක අම්මලට හොඳ පාඩමක් වේවි නිකන් හොඳට තියන ස්වභාවික මුහුණ තව තරුණ කරගන්න ගිහින් ජිවිතයෙන් වන්දි ගෙවපු හැටි පඳුරක් පඳුරක් ගානේ රුපලවන්‍ය කඩවල් (අ)
ජීවිතයක් නැතිවුණා තමයි. එකට අපි කවුරුත් කණගාටු වෙනවා තමයි. ඒ වගේම මේ මනුස්සයා ගැනත් පොඩ්ඩක් හිතන්න. කවුද උවමනාවෙන්ම ජීවිතයක් නැති කරන්නේ. අනික මේ එන්නත මියගිය තැනැත්තියට විතරක්ම ලබා දුන් එකක් විය නොහැකියි. ඒ වගේම සමහර එන්නත් ඉතාමත් සුළු කොටසකට පමණක් මාරාන්තික විය හැකියි. මෙය එවන් සිදුවීමක් වීමටත් බොහෝ දුරට ඉඩ තියනවා. ඒ නිසා විය යුත්තේ සිදුවුයේ කුමක් දැයි හිරිහැටි සොයා බලා මෙවන් සිදුවීමක් අයෙමත් සුදු නොවීමට වග බලා ගැනීමයි. කෙසේ වුවත් අායෙත් මෙවන් දෙයක් විය හැකියි. ඒ වෛද්‍ය විද්‍යාවේ තවමත් අපිට විසඳා ගත නොහැකි ගැටළු ඇති නිසයි. අපි එය නුවනින් වටහා ගත යුතුයි. (අ)
අද ලංකාවේ පෞද්ගලික වෛද්‍යකම මිනිසුන්ගේ ජීවිත වටිනාකමක් නැති තැනට ඇද දාලා.මුදල් ප්‍රමුක වෙලා .රජයේ කිසිම නියමයක් නැහැ. තම අභිමතය පරිදි කටයුතු කරනවා පෞද්ගලික වෛද්‍යය මධ්‍යස්ථාන බොහොමයක් ඔය විදියට තමයි වැඩ කරන්නේ .දැන්වත් නීති රීති ඇති කරලා නියමයක් කරන්න ඕන .(අ)
වැරැද්දක් වුණාය පසු දඩුවම් කරන එකනේ අපේ රටේ ක්‍රමය. ඒවා වෙන්න කලින් පෙන්වලා දුන්නම මොනවාහරි බලවේගයකින් යටපත් කරලා ඕනෑම දෙයක් කරන්න ඉඩදෙනවා. අඩුපාඩු පෙන්වා දෙන අයගේ අදහස් ගැනත් නිකමට හිතලා බලනවා නම් හොඳයි නේද? (නි)
බන්දුල පෙරේරා දාලා තියන අදහස හරියටම හරි. මම හිතන්නේ එයා මේ වගේ අදහසක් ලියූ පළවැනි වතාව. (නි)
අන්න සත්‍යා පීල්ල පැන්නා. මේ හැම දෙයකටම දේශපාලනය ගාවන්න එපා. (නි)
හොර දොස්තරලා ඉන්නේ එයා විතරක් නෙමෙයි (නි)
ඔය උදේට රූපවාහිනී නාලිකා වල ඉන්න පුයර බබාලට දොස්තරලාත් එක්ක හුරතල් වෙනවා ඇරෙන්න වෙන වැඩක් නැහැ .මීට වඩා වැදගත් වැඩසටහන් නැද්ද කරන්න .මිනිසුන්ට පොදුවේ වැදගත් වන දේවල් ගැන විද්වතුන් ගෙන්වලා වැඩසටහන් කරන්න බැරිද ? (නි)
දැන් ඉතින් අනෙක් ඔක්කොම දොස්තරලා කියයි මෙයාගේ සුදුසුකම් ගැන. (නි)
බලධාරීන් දැන්වත් ඇස් ඇරිය යුතුයි. සල්ලි වලට රූපවාහිනි නාලිකා රට විනාශ කරනවා. දවස පුරාම මෙවැනි විෂ ආලේපන අළෙවි කරනවා. (නි)
බන්දුල පෙරේරාගේ අදහසට මමත් ගරු කරනවා. මම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් කරන කෙනෙක්. මම මුහුණ දී තිබෙනවා දරුවෙකුට රටකජු විෂ වී ප්‍රතිකාර කිරීමට සිදු උන අවස්ථාවකට. අවාසනාවට ඒ දරුවා මිය ගියා. අසාත්මිකතාව කියන දේ ඒ තරම් බරපතල තත්ත්වයක්. මේ වෛද්‍යවරයා මිනී මැරීමක් සිදුකර නැහැ. (නදී)
පශ්චාත් මරණ පරීක්ෂණයට පසුව සියල්ල පැහැදිලි වෙයි. අත්වැරැද්දක්ද නැත්නම් නොසැළකිල්ළද කියලා තේරෙයි. හරි නම් වෛද්‍ය මධ්‍යස්ථානය මුද්‍රා තියන්න ඕනෑ. (නි)
මේ රුපලාවන්‍යා ගාරයට නිලියන් සහ බලවතුන්ගේ නෝනලාත් නිතර යන එන තැනක්ලු. ඒ නිසා සානුකමපිතව සලකා බලාවි. (නදී)
කොළඹ ඉන්න මෝඩ අම්මන්ඩිලා ටික රවට්ටන්න පුළුවන් සුදුසු කම් ඇති. (නදී)
අසෝක, ඇයි අමතකද? දේශපාලනය කරන උදවියට ඇසිඩ් ගහන්න, කඩුවලින් කොටන්න අපි නේද උදව් කළේ කතිරය ගහලා? (නි)
ඈයි මෙයාට මාන්චු නොදාන්නේ. සල්ලි තියෙන නිසාද? නීතිය හෑමෝටම පොදුවෙන්න එපායැ. මෙයාව ගෙනාවේ බන්දනාගාරයේ ඉදන් නේද? (නදී)
වගකිවයුත්තන් දැන්ද දන්නේ ඕක ගැන? (නි)
දැන්ද කියන්නේ මේ වෛද්‍යවරයාට සුදුසුකම් නැහැ කියලා? (නි)
අද ලංකාවේ ගැහැණු දරුවෝ අහුරු පිටින් අර පෙති මේ පෙති ගිලිමින් ලස්සන වෙන්න හදනවා,සුදු වෙන්න හදනවා.සැමියා,තාත්තා හොයන සල්ලි සැලුන් වලට පුජා කරමින් සහ අර ක්‍රීම්, මේ ක්‍රීම් කියමින් උලනවා.මොන කරුමෙකටද දන්නේ නැහැ අපේ අය "රෑ වැටුන වළේ දවල්ටත් වැටෙමින්" රටේ නැති ලෙඩ හදා ගන්නවා. (නි)
ඔය අඩුගානේ වෛද්‍යවරයෙක්. ඒත සමහර රූපවාහිනී නාලිකා වල රූපලාවන්‍ය උපදෙස් දෙන්නේ සාාමන්‍ය පෙළවත් අසමත් රූපලාවන්‍යාගාර අයිතිකාරියෝනේ. (නි)
වෛද්‍ය සහතිකය නැද්ද (දී)
මේ දොස්තරගේ විඩියෝස් යු ටියුබ් එකේ තිබිල දැකල, මටත් ඕන වෙලා තිබුන ලංකාවට අවම පොඩි සැත්කමක් කරගන්න. පෙර පිනකට මම බේරුනේ (දී)
මරණයක් උනත් වැරදීමක්. හිතා මතා කල දෙයක් නොවෙයි. හැබැයි තමන්ගේ කල්ලියේ දොස්තර කෙනෙකුගෙන් සිදු උනානම් කිසිම සද්දක් නැතුව සිටීවි. (නදී)
මෙම පුද්ගලයා කළ පරණ වැඩසටහනක් අන්තර්ජාලයේ දැක්කා. ඒකේ කියන විදියට අපි හැමෝටම සුදු හම ඇතිකරගන්න පුළුවන්ලූ (නි)
අපේ මිනිසුන්ට ඕවා ඉක්මනට අමතක වෙනවා. පසුගිය කාලයේ චෝදනා එල්ලවුණ කපු මහත්වරු, ප්‍රශ්න පත්‍ර පන්නපු ගුරුවරු තමන්ගේ වැඩ වෙනදාටත් වඩා හොඳින් කරගෙන යනවා ඇති. අපරාදේ අසරණ ජීවීතයක්.... (නි)
මමත් හිතන්නේ බන්දුල පෙරේරා හිතන විදියට තමයි (නි)
ඔබ හරි බන්දුල පෙරේරා (නි)
මේ පින්තුරවල පෙනෙන අනෙක් කාන්තාවන්ගේ මුහුණු පැහැදිලිව පෙන්වන එක හරිද..? (දී)
බුදුන්ගේ ධර්ම මාර්ගයේ ගියා නම් ඕවා වෙන්නේ නැහැ. ජීවිත දෙකම අද අපිට තියනවා (නි)
වජිරාගේ අදහස ඉතා අගෙයි. අපේ ශරීරය කර්ම රූපයන්ගෙන් සැදුම්ලත් අනිත්‍ය දෙයක්. එත් අපි ඒක වටහාගන්නේ නැති එකයි ගැටලුව.(දී)
ආණ්ඩුව මේකට වගකියන්න ඕනේ ඒ මොකද ලංකාවේ මොනාද වෙන්නේ ප්‍රමිතියකට අපි ආණ්ඩුවක් පත්කරලා තියෙන්නේ එකට මේක හොරට කස්සිපු පේරුව වගේ වැඩක් නෙමේ එළිපිට කරපු දෙයක් අනික දොස්තර මහත්මෙයෙක් මීට පෙර මේ ගැන පැමිණිලි කරලා තියෙත්ත්දිත් බලදාරීන්ට (දී)
මෙතන සිදුවෙලා තියෙන්නේ ANAPHYLAXIS කියන හදිසි තත්වයයි. මෙය ඕනෑම එන්නතකට පසුව සිද්දවෙන්න පුළුවන්. මේ ප්‍රතික්‍රියාව සාමාන්‍යයෙන් ඇති වන්නේ කිසිම පෙරනිමිත්තකින් තොරවයි. දොස්තරගේ වරදකින් නොවයි. නමුත්, එන්නත් දෙන හැම ස්ථානයකම මේ ප්‍රතික්‍රියාවට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය දේ තිබිය යුතුයි. ප්‍රතිකාරය කිරීමට අවශ්‍ය එන්නත්, උපකරණ සහ පුහුණුව නොතිබුනානම් අන්න එතනයි වරද. (දී)
ඩොක්ට කෙනෙක් මිය ගිය නිසා ඔක්කොම මාට්ටු.වෙන අයෙක් මිය ගියානම් ඩොක්ටර්ට හොදින් ඉන්න තිබුන නේද. (දී)
මේවා කරන්න යන්න පෙර තමාට හානියක් වෙන්න ඉඩ තියෙනවා කියලා ලියුමකට අත්සන් ගැනීම මඟින් මෙහි ඇති භයානක බව සමාජයට ඒත්තු ගන්වන්න හැකියි. ඒ තිබියදීත් මෙවැන්නකට යොමු වේ නම් එහි සම්පූර්ණ වගකීම රෝගියා ගතයුතුය. මෙයද අප රටේ බටහිරකරණය මඟින් සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් ලෙස එක්වී හමාරය. මිනිසා ඇතුළතින් ලස්සනවීමට මෙතරම් උත්සාහයක් දරන්නේ නම් කෙතරම් සුන්දරද? (නි)
දොස්තර මහත්තයා නහය වහගෙන ඉන්නේ හොඳටම අඩලාවද්ද? (නි)
ප්‍රතිජීවක ඖෂධ කියන්නේ මිනිසුන් මරණයට පත්වෙන්න හදන දෙයක් නොවේ. මේ ඖෂධය නිෂ්පාදනය කළ හා ආනයනය කළ ආයතනවල වරදක්. මේ ඖෂධ වල අසාත්මිකතාවක් අති වුණොත් ඊට යොදන ඖෂධ නොමැති නම් මේවා පාවිච්චිකළ දොස්තරගේ වගකීම මේ මරණයට තිබෙනවා නේද? (නි)
බන්දුල පෙරේරා, මේ දොස්තර ඔයාගේ සහෝදරයෙක්ද ?එයාව සුද්ද කරන්න යන්නේ මොකද? (නි)
නුගත් ගැහැනියක් නම් කමක් නැහැ කියමුකෝ. ඒත් මේ දොස්තර කෙනෙක් නේද? අනේ කාලේ වනේ වාසේ! (නි)
බන්දුල පෙරේරාගේ අදහසට මමත් එකඟයි (නි)
බන්දුල පෙරේරා, ඔබ නොදන්නා දේවල් වලට කටදාන්න එපා. (නි)
වජිරාගේ කතාව හරි. මේ තරම් උතුම් බුදු දහමක් පවතින රටත එයින් ප්‍රයෝජන නොගෙන මෝඩ කමින් මුලාවෙලා දුක උරුම කරගන්නවා (නදී)
හොයන්නේ බලන්නේ නැතුව මෙයාලා වගේ අය රූපවාහිනී නාලිකා හරහා මහජනතාවට හඳුන්වා දෙන්න හොඳ නැහැ. (නි)
වජිරා, බොහොම පින් මේ සිදුවීම හා මීට සමාන සිදුවීම් බුදු දහම අනුව පහදා දීම පිළිබඳව. අප ලද රූපය වෙනස්කර ගැනීමට උත්සාහ කරන අයගෙන් වැඩි දෙනෙකුට සිදු වී ඇති දේ අද අපි මාධ්‍ය ඔස්සේ නිතර දකිනවා. (නි)
මෙය බලහත්කාරයෙන් ශල්‍යකර්ම සඳහා යොමුකිරීමක් නොවන අතර මේ තැනැත්තිය විසින් උවමනාවෙන් අවදානමක් ගෙන ඇති බැවින් දෙපාර්ශවයෙන් කිසිදු කෙනෙකුට දොස් පැවරිය නොහැකියි නේද? උසාවිය සුදුසු තීන්දුව ලබා දෙනු ඇත. (නි)
මම වජිරාත් සමඟ 100%ක් එකඟයි (නි)
මේ දොස්තරගෙන් බෙහෙත් ගන්න නිලියන් සහ බලවතුන්ගේ නෝනාලාත් එනවා කියලා ආරංචියි .. (දී)
සියලුම බාබර් සාපු පාරික්ෂ කරන්ඩ, දැන් හැමතැනම ආලේප දානවා, ඒ වායේ ප්‍රමිතිය අපි දන්නේ නැහැ . බාබර් සාප්පු පවත්වාගෙන යාම සඳහා ප්‍රමිතියක් දෙන්ඩ. ඉඩකඩ, පුහුණුව, පාවිච්චික රන අලීප වර්ග. ගැන ටිකක් වැඩි උනාට කමක් නැහැ . සෑම ආයතනයක්ම වායුසමනය කලොත් හොඳයි.(දී)
අනුෂ්ක, පෞද්ගලික වෙදකම විතරක් නෙමෙයි, සෑම දෙයක්ම මුදලට යටවෙලා. කතාකරන්න එපා රජය ගැන නම් (නි)
පසුගිය කාලයේ රූපලාවන්‍ය මධ්‍යස්ථාන වල තිබෙන ක්‍රීම් රසායන ද්‍රව්‍ය ආදියත් පරික්ෂාවට ලක් වුණා නේද ? කවුද දන්නේ මේ බෙහෙත නැත්නම් එන්නත අඩු ප්‍රමිතියකින් නිෂ්පාදිත සමාගමකින් ගෙන්වපු දෙයක්ද කියලා. එහෙම නැත්නම් අසාත්මිකතාවයක් වෙන්නත් පුළුවන්. ඔක්කොටම වඩා මේ පුද්ගලයා බලෙන් මුහුණේ රැලි අරින්න ගියේ නැහැනේ. මියගිය කෙනාත් බෙහෙත්හේත් ගැන හොඳටම දන්නා කෙනෙක් . මට හිතෙන්නේ මේ ප්‍රශ්නයේ සැළකිල්ලට ගන්න ඕනෑ පැති කීපයක් තිබෙනවා. (නි)
මේක හැමෝටම හොඳ පාඩමක්.ස්වභාව ධර්මයට පිටින් අපිට යන්න බැහැ (නි)
පව් අනේ, මෙයාගේ මුහුණ වහන්න ජේලර් මහත්තයෙක්වත් නැහැ. (නි)
මෙතන රුපවාහිනි මාධ්‍ය වලටත් වගකීමක් තිබෙනවා පුද්ගලික සුව සේවාවන් ට ප්‍රචාරය ලබා දෙන විට ඒ ගැන වගකීමෙන් සොයා බලා ඉන්පසු මහජනයාට වැඩ සටහන් මගින් තොරතුරු ඉදිරිපත් කරන්න. අතට අහුවෙන අහුවෙන උපදේශකයන් , වයිද්යවරු ඉංග්‍රීසි ගුරුවරු රුපවාහිනි මැදිරි වල වාඩි කරවන්නේ නැතිව, ඔවුනට අදාළ වෘත්තීය සුදුසුකම තියනවාද යන්න ගැන සෑහීමට පත් වූ පසු එම සේවාවන් ප්‍රචාරය කරන්න වැඩ සටහන් නිෂ්පාදකවරු දැනගත යුතුයි. නැතිනම් ඔවුන්ගේ වැඩ සටහන් නරඹන මහජනතාව අමාරුවේ. (දී)
ඇත්ත එළියට එන්න ජීවිතයකින් වන්දි ගෙවන්නම සිද්ධ වුණා. (නි)
මියගිය දොස්තර මහත්මියට පාසැල යන වයසේ දරුවන් දෙන්නෙක් ඉන්නවාලු. අනේ මට හරිම කනගාටුයි. (දී)
දොස්තරලගේ සුදුසුකම් ගැන කතාකරන්නේ දැන් ඔය දේශපාලනය කරන්නේ සුදුසුකම් ඇතුවද? දේශපාලකයෝ වාහන වලට යටකරලා, වෙඩිතියලා, ඇසිඩ් ගහලා, සුදුවෑන් වලින් ගෙනිහිල්ලා, කඩු වලින් කපලා, පිහිවලින් ඇනලා කොච්චරක් කියලා මිනිසුන්ව මරලා තියෙනවද? (නි)
ඇයි කවුරුවත් මේ දොස්තරගේ පුද්ගලික වෛද්‍ය සේවය ප්‍රවර්ධනයට අත හිත දුන්න රුපවාහිනි මාධ්‍ය නාලිකාව ගැන කතා නොකරන්නේ? . ඔවුන්ටත් වගකීමක් තිබෙනවා නේද මහජනයාට තොරතුරු ලබා දෙනවිට වගකීමකින් වැඩ කරන්න . මහජනයාට උපදෙස් දෙන්න ,වෘත්තිකයන් ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්චා වලට කැඳවන්න කලින් අදාළ වෘත්තීය ගැන ඒ පුද්ගලයාගේ සුදුසුකම් සොයා බලන්න. (දී)
බන්දුල පෙරේරා කියන දේට මමත් මුළුමනින්ම එකඟයි. මොහු එම්බීබීඑස් උපාධිධාරියෙක්. නිසැකවම අත්වැරදීමක්. මේක ඔහුගේ පළමු එන්නතද? නැහැ. මීට වඩා විශේෂඥයින් අතින් අත්වැරදීම් වලින් ලෙඩ්ඩු මැරිලා නැද්ද? (නි)
සුදුසුකම් නැත්නම් එයා මේ ආයතනය මෙච්චර කල් පවත්වාගෙන යනතුරු බලධාරීන් නිදාගෙනද හිටියේ. මොකක්ද රටේ තිබෙන නීතිය. (නි)
සමහර එන්නත් බෙහෙත් වර්ග කෙනෙකුට මරණය ගෙන දෙන්න පුළුවන්.අසාත්මික වෙනවද නැද්ද කියලා හොයලා බලන්න ඕනෑ බව මේ වෛද්‍යවරයා නොදන්නවාද? (නි)
ඉතාම පළපුරුදු විශේෂඥ වෛද්‍යවරුන් අතිනුත් රෝගීන් මැරෙනවා බෙහෙත් විසවීම්, අත්වැරදීම් යනාදියෙන් (නි)
මෙයා ගොඩක් දේවල් වලට අසාත්මික කෙනෙක් වෙන්න ඇති.මම අහලා තියෙනවා සමහර ඖෂධ පැළ පවා අසාත්මික අය සිටිනවා කියලා. (නි)
උපතින් තමාට ලැබුන රූපය ප්‍රියමනාප ලෙස පවත්වා ගැනීමත් තිරිහන් වෙන්න දැඟලීමත් අතර ලොකු වෙනසක් තිබෙනවා. තමන්ගේ රූප සම්පත්තිය ගැන සිතන්න ඕනෑ සීමාව තීරණය කරන්න ඕනෑ තමන්මයි. (නි)
දැන් පේනවා නේද වෙලා තිබෙන දේ? (නි)
සමහර අම්මලා උත්සාහ ගන්නේ දූවරුන්ටත් වඩා තරුණ පෙනුමට බහින්න. (නි)
වයස 40 පහුවුණ ගමන් කාන්තාවට ශාරීරික මානසික වෙනස්වීම් සිද්ධ වෙන්න පටන් ගන්නවා. මේවා ගැන තමන් හරියට දැනුවත් වෙලා ස්වභාව ධර්මයෙන් සිද්ධවෙන දේවල් ගැන යථෘර්ථයට සිහි නුවණින් මුහුණ නොදුන්නොත් මේ වගේ අවාසනාවන්ත දේවල් සිද්ධ වෙනවා. (නි)
මට නම් අපේ රටේ භාවිතා කෙරෙන සමහර බෙහෙත් වල ප්‍රමිතිය ගැන කිසිම පැහැදීමක් නැහැ. මතකද රුබෙල්ලා එන්නත ගත් මාතර දැරියට සිදුවූ දේ ! (නි)
ආරංචියේ හැටියට මෙතන වෙලා තිබෙන්නේ මේ පුද්ගලයා ගැන මීට පෙර කළ දැනුවත් කිරීම් බිහිරි අලියන්ට කළ වීනා ගායනයන් බවට පත්වීම නොවේද? (නි)
අනේ මන්දා මොනවද කියලා මේ කතා? ඇයි මේවා කලින් දැනගෙන නොසිටියේ? (නි)
මට නම් හිතෙන්නෙම මේ එන්නතේ බාල ප්‍රමිතිය නිසා සිදුවූ විපතක් කියලා. මරණයට පත් වූ දොස්තරතුමිය තමන්ට අසාත්මික බෙහෙත් ගැන නොදැන හිටියා වෙන්න බැහැ. ඔන්න සාමාන්‍ය කාන්තාවක් නම් එහෙම උපකල්පනය කරන්න තිබුනා. (නි)
ප්‍රමිතිය හොයා හොයා ප්‍රතිකාර ගන්න මිනිස්සු පෙළඹෙන්නේ නැහැ (දී)
අනේ මන්දා! කවුරුවත් වරදවා හිතන්න එපා. මට නම් මොහුගේ මුහුණේ කිසිම ස්වාභාවික පෙනුමක් නැහැ . මෙහෙම කියන එක හොඳ නැහැ. එහෙත් කියවෙනවා. (නි)
සමන් ,මේ ගැන යම් පාර්ශවයන්ට මීට කලින් කළ පැමිණිලි ගැන ඒ අදාළ කාලයේ විමර්ශනයට අරගෙන නැහැ කියලා ආරංචියි. මීට වඩා දේවල් මට ආරංචියි. නමුත් මෙතන ලියන්න බැහැ. (නි)
රූපලාවන්‍ය ගැන විතරක් නෙමෙයි,ඇතැම් රූපවාහිනි නාලිකා වල ව්‍යායාම ගැන දෙන උපදෙස් දෙන්නෙත් ඒ ගැන පුහුණුවක් ලත් වෘත්තීය සුදුසුකම් ඇති අයද කියලා සොයලා බැලුවොත් හොඳයි. අන්තිමට ඔය කියන හැටියට ඇඟ ලස්සන කරගන්න කියලා , ගෙවල් වල ඉන්න නෝනලා අත් කකුල් උස්සන්න , පිනුම් ගහන්න ගිහින් කාගේ හරි කොන්දක් කැඩිලා තමයි ඊළඟට නවතින්නේ. (නි)
දොස්තරලටත් මේවගේ දේවල් අවශ්‍ය නම් , අනිත් මිනිස්සුන්ට දෙවියන්ගේ පිහිට තමා (දී)
මියගියේත් දොස්තර කෙනෙක් නිසා සැබෑ තොරතුරු එළියට එයි. වෙන කෙනෙකුට වුණා නම්... (නි)
මේ දොස්තර චීන වගේ මට පෙනෙන්නේ ......මොකක් උනත් වැඩේ කැතයි (දී)
රන්ජිත්, බන්දුල පෙරේරා හරි. ඔයා එහෙම කතා කරන්න ඔයාට තියෙන සුදුසුකම් මොනවද? අදහස් දාන්න. මිනිස්සු පහත් කරලා කතා කරන්න එපා. (නි)
සමහර රූපවාහිනි චැනල් වල අරක හොඳයි, මේක හොඳයි කියලා නිවේදන කරන "දෙමලිච්චන්" වෙළෙන්දන්ගේ සල්ලි වලට කියන භාණ්ඩ ගන්න ගියොත් අගාධයේම තමයි. කලකට ඉහත සිටි ගුවන් විදුලි නිවේදකයන් වෙළඳ ප්‍රචාරයේදී සංවර වුණා (නි)
අපෙ රටේ යම් දෙයක් සිදුඋනොත් ඒ සම්බන්ධයෙන් සොයා බැලිමකින් තොරව මඩ ප්‍රහාර එල්ලකිරිමට අපේ මේ පුංචි රටේ ඉන්නා සියලුම කාන්තාවන් හා පිරිමින් පුරුදුව ඇති හොද පුරුද්දකි. කවදාවත් හොයාලා බලන්නේ නැ සිදුව ඇත්තේ කුමක්ද කියලා. ඉස්සරවෙලා හොයපියව් මොකද්ද කාරනය කියලා. ඊට පස්සේ මඩ බැරිනම් ගල් හරි ගහාපියවි (නදී)
සමහර රුපවාහිනි නාලිකාවල වැටසටහන් වල ගුණාත්මක භාවය ගැන කිසිම පාලනයක් නැති බව ඕනෑම කෙනෙකුට වැටහෙනවා. කාන්තාවන්ගේ සම ලස්සන කරන්න කියලා කැප්සියුල් වර්ග ප්‍රචාරය කරනවා. ඒවාට යොදා ගන්නේ ප්‍රසිද්ධ රුපලාවන්‍ය ශිල්පීන්. ඒගොල්ල දන්නවද එව්වයින් මිනිස් ශරීරයට නොදැනුවත්වම වෙන ආපදා. අඩු ගානේ ඒවායේ රසායනික සංයුතිය ගැන, ඒ බෙහෙත් කාලාන්තරයක් ගිල්ලට පසුව වැළඳිය හැකි දීර්ග කාලීන ආබාධ ! මේවා මොනවත් ගැන හරියට දන්නේ නැහැ. එ්ත් ගන්න කියල කාන්තාවන්ට උපදෙස් දෙනවා. (නදී)
මේ දොස්තර ගේ පුද්ගලික ප්‍රතිකාර ප්‍රවර්ධනය කල රුපවාහිනි නාලිකාවයි , සක්විතිගේ ඉංග්‍රීසි පන්තිය ප්‍රචාරය කල රුපවාහිනි නාලිකාවයි අතර කිසිම වෙනසක් නැහැ . මාධ්‍යයක් විදියට සන්නිවේදන කටයුතු වලදී මීට වඩා වගකීමකින් වැඩ කරන්න ඕනා. ඕනෑම ගොඩ වෙදෙක් උස්සාගෙන ඇවිත් රුපවාහිනි මැදිරියක වාඩි කරවලා ජනතාව නොමග යවන එක හපන් කමක් නෙවෙයි. (නදී)
මම මේ මද්‍යස්තව කියන්නේ, මෙම දොස්තරට ඇමෙරිකාවේ ඉදලා ලංකාවට එන්න උනේ මොකද කියල හොයල බැලුවොත් මෙයාගේ සුදුසුකම් ගැන හැමෝටම තේරේවි. (නදී)
වැරදිකරු වුණොත් දාන්න තියෙන්නේ මුලු ජීවිතයටම හිරේට (නි)
මෙයා මේ වැඩ කරන්න සුදුසු කම් නොලබපු අයෙක් කියල තමයි ආරංචිය. එම නිසා මෙයා වැරදි කරු. මෙයා ගැන පැමිණිලි කරලා තිබෙද්දිත් ඒගැන සොයා නොබලපු නිලධාරිනුත් වැරදි කරුවන් කල යුතුයි. (නදී)
මීට අවුරුදු තුන හතරකට උඩදී මේ වෛද්‍යවරයාව රූපවාහිනී නාලිකාවල දැක්කා. මුල්ම දවසෙම මොහු ගැන කිසිම පැහැදීමක් ඇති වුණේ නැහැ මට නම් (නි)
මුහුණ වහලා, අහක බලලා, හැංගිලා දැන් හරියනවද? (නි)
සුගුනවති , ඒ ඔයාගේ ළඟම නෑයෙක් වුණා නම් ඔය එහෙම කියයිද? මේක අත්වැරැද්දක් වෙන්න පුළුවන් (නි)
කරුණාකර මෙම සිද්දිය ගැන නොව මෙම සංසිද්ධිය ගැන සිතන්න. ලංකාවේ තරම් පිළිකාව නිට්ටාවට හොදකරනවා කියන වෙද්දු මේ ලෝකේ වෙන කොහෙවත් නැහැ. (නදී)
ඇයි මේ නහය වහගෙන ඉන්නේ? (නි)
කොහොමහරි ජීවිතයක් නැති වෙනතුරුම හිටියා දොස්තරගේ සුදුසුකම් පරීක්ෂා කරන්න. (නි)
අවුරුදු 47ක් වෙලත් මුනේ රැලි අයින් කරගන්න හිතුනේ ඇයි ? (නදී)
මෙය අත්වැරදීමක් වෙන්නත් පුලුවන් (නි)
මිය ගිය දොස්තර මේ ප්‍රති ක්‍රම ගැන හොඳින් දැනුවත් වෙලා ඉන්න ඇති. එතුමියත් අසාත්මික තත්වය නො දැනුවත් කමින් සිටියා විය හැකියි. අපේ ප්‍රසිදද ගායිකවකුත් මෙවන් අසාත්මික තත්වයකින් මියගියා (නදී)
මේවා ඉතින් අපේ නිලධාරීන්ගේ වැරදි. හැම තැනකම හොඳට පරික්ෂා කරලා තමයි දාන්න ඕනෑ. බලමු මොකද වෙන්නේ කියලා. (නි)
උදේ වරුවට රූපවාහිනියේ ගන්නම දෙයක් නැහැ. යන්නෙම වැඩට නොගිහින් ගෙවල් වල ඉන්න අයට තෙල් බෙහෙත් විකුණන වැඩසටහන් (නි)
අපේ මහත්තයාගේ බාල නංගිත් එයා කළු පාටයි කියාගෙන හරිම කනස්සල්ලෙන් ඉන්නේ. දන්නේ නැද්ද බඳින්න පහු වෙනකොට බලන්න එන මනමාලයන් අකමැති වෙන්න හේතුව ඕක තමයි කියලා ඒ වයසේ තරුණියෝ හිතන්නේ. සම පැහැපත් කරගන්න කියලා කාර්යාලයේ කවුදෝ මේ දොස්තර ගැන කියලා එන මාසයේ එතනට යන්න බලාගෙන හිටියේ. මම කිව්වා එතනින් ප්‍රතිකාර අරගෙන ප්‍රතිපල ගත්ත කෙනෙක් හමුවෙන තුරු ගමන පමා කරන්න කියලා. ඔන්න දැන් මගේ කකුල් දෙක අල්ලලා වඳින්නේ නැති ටික විතරයි. (දී)
ලස්සන වෙන්න ගිහින් ජීවිතය නැති කරගන්නවාට වඩා හොඳයි, තමා උපතින් ලද රුපය වර්ණය එසේ තබා ගැනීම. මොන සෙල්ලම් දාලා වුණත් පිටතට ලස්සන පෙන්නුවට ඇතුළේ සිටින්නේ තමාමයි. (නි)
බොහොමයක් අය පිටරටවල සහතික අරගෙන මෙහෙ එක එක විකාර කරනවා. (නි)
මේක හිතා මතා කළ මනුෂ්‍ය ඝාතනයක් නෙමෙයි.යම් අත් වැරදීමක් වෙන්න පුළුවන්. මම හිතන්නේ අත්වැරදීමකට වඩා එන්නත නිසා සිදුවූ අසාත්මිකතාවයක් උඩ වුනු මරණයක් වෙන්න පුළුවන් කියල..මේකට කාටවත් දොස් කියල පලක් නැහැ..මේ එන්නත් විදපු පළවෙනිය මෙයා වෙන්න බැහැ..අනෙක් අයට නොසිදු වූ දෙයක් මේ දොස්තර මහත්මියට වුන එක එයාගේ වෙලාව වගේම මේ දොස්තර මහතාගේත් වෙලාව.නරක වෙලාවට මෝල් ගසුත් පත්තු වෙනවා.මන්නම් හිතනවා උසාවියකින් මේ දොස්තර මහතා වැරදි කාරයෙක් කරන එකක් නැහැ කියල..එන්නත විද ගත්තේ කැමත්තෙන්නම් එන්නත අනුමත එන්නතක්නම් මේ ක්‍රියාව නිතිවිරෝධිත් නැත්නම් පරීක්ෂණ වලින් පසු මෙතුමා නිදහස් වේවි.(අ).
දැන් එයාගේ සුසුදුකම් බලන්න යන්නේ ? මෙතරම් කාලයක් මොනවාද කලේ. ඔය වගේ දේවල් උනාම තමා වගකිවයුතු අයගේ ඇස් ඇරෙන්නේ. (නදී)
මට සුගුනවති ලියපු දේ දැකලා මේ මළගම අස්සෙත් හිනා යනවා. (දී)
සුදුසුකම් නැතිව මේ දේවල් කලානම් ඔහු වැරදි කරුවෙක් සුදුසු කම් ඇතිව කලානම් අත් වැරදීමක් මොකද කාවවත් බලෙන් ඇදගන එන්නේ නැහැනේ වරෙන් උඹව ලස්සන කරන්න කියලා....(අ).
මේවගේ මිනිස්සු ලගට බය නැතුව මිනිස්සු යනවනේ (දී)