(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද(01) තවත් ශක්තිමත් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව අද(01) නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව තවත් පහළ ගොස් ඇත.

ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 283.87 ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 297.27 ක් ලෙස සටහන් විය.