රුපියල් 20 දක්වා මිල අඩුකළ ලොතරැයි වෙළඳපොළට නිකුත් කිරිමට තව දින 7 ත් 10 ත් අතර කාලයක් ගතවන බව ජාතික ලොතරයි මණ්ඩලයේ සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා මහත්මිය පවසයි.
ලබන 31 වැනි දා දක්වා දිනුම් ඇදීමට නියමිත රුපියල් 30ට මිල සඳහන් ලොතරැයි පත් මිලියන 20 ක් මුද්‍රණය කර තිබෙන බවත් ඉන් මිලියන 11 ක් මේවන විට වෙළඳපොළට නිකුත් කර තිබෙන බවත් ඇය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය ආණ්ඩුව හොරකම් කළ නිසා තමයි මෙහෙම වෙන්නේ (නි)
පැවතුන සෑම රජයක් යටතේම කිසිම ගැටලුවක් නැතුව ලංකාවේ ලොතරැයි වෙළඳාම බොහොම සරුසාර ලෙස පැවතිලා ටිකට්පත් හිමියන්ට ජයග්‍රාහී මුදලුත් අනෙක් මුදලින් ආයතනික වියදම් හැර ඉතිරි මුදල් ඒකාබද්ධ අරමුදලට බැරවුණා. ප්‍රථම වතාවට සභාපතිනියක් පත්වුණා. නමුත් අමනෝඥ තීන්දු තීරණ නිසා අද කීදෙනෙක් පීඩාවට පත්වෙලාද? (නි)
අයියෝ! තිහේ එක විස්ස කළා කියලා විස්සට විකුණන එකනේ තියෙන්නේ. අලුතෙන් මුද්‍රණය කරන්න ඕනෑද? (නි)
පහුගිය දවස් වල මහා ගාම්භිර ලෙස කයිවාරු ගහපුවා අපරාදේ වතුරේ ගිහින් නේද මෙච්චර පෑවිල්ල තියෙද්දිත්. යමක් කරන විට හොඳට හිතලා බලලා කරන්න ඕනෑ කවුරුත්. හරි නම් ඔය ලොතරැයිය රුපියල් දහයක් කරලා වැඩියෙන් සල්ලි සොයාගන්න හදන්න ඕනෑ. පුළුවන් නම් රුපියල් දහයකට ලොතරැයියක් නිකුත් කරලා බලන්න ආදායම කොහොමද කියලා. මොකද හුඟ දෙනෙක් ඕක ගන්නේ විනෝදෙට මිසක් පෝසතෙක් වෙන්න බලාගෙන නොවෙයි. (නි)
ඉස්සර වගේ රුපියල් 10 කළොත් රජයේ අදායම තවත් වැඩිවේවි. (නි)
විජිත කියන එක ඇත්ත. ඕනෑනම් මුහුණත වටිනාකම රුපියල් 20 යි කියල මුද්‍රාවක් තිබ්බා නම් ඉවරනේ. ඒ එක්කම දැන්වීමක් එල්ලන්න පුළුවන්නේ මිල රුපියල් විස්සයි කියලා. (නි)
වැඩිකළාම පහුවෙනිදා ඉදන්ම වැඩි ගානට ගන්න තියෙනවා. අඩුකළාම සුමාන ගණන් යනවා. යහපාලන තියරිය වෙන්න ඇති (නි)
ඇත්තටම කියනවා නම් මේ විධායක ජනාධිපතිධුරය නොතිබුණා නම් මොනවා වෙයිද? (නි)
එළුවාගේ බෙල්ල කපලා මුට්ටිය අරගෙන, මුට්ටිය බිඳලා එළුවාගේ ඔලුව අරගෙන. අනේද කියන්නේ? (නි)
දැන් රෙද්දක් ඇඳගෙනද කතා කරන්නේ? ඇයි හිටිය නියෝජිතයන් අයින් කරලා අලුත් කට්ටිය දාලා රුපියල් තිහට අළෙවි කරන්න තිබුනනේ. ජනාධිපතිතුමා දුන් පිළිතුර නියමයි. (නි)
නියම මොළ ටිකක් තමයි යහපාලනෙට නම් ඉන්නේ. (අ)
මේ මුදලට වග කියන්නේ කවුද .. එ්කටත් කෙල වෙන්නේ අපේ සාක්කුවෙන්. කාටද කියන්නේ . හරිම කන ගාටුයි.. (අ)
මා ළඟත් පරණ ලොතරැයි වගයක් නම් තියනවා. සංස්ථාවට ඕනෑ නම් මිල ටිකක් අඩුකරලා දෙන්න පුළුවන්. අලුත් ඒවා අච්චු ගහනතුරු පිරිමහගන්න (නි)
ඉතින් රු 30 මිල ගහලා තිබුනට මක්වෙනවාද? රු. 20 ට ටිකට් එක විකුණන්න පුළුවන්නේ. ටිකට් එකේ විකුණුම් මිල රු 20 යි කියලා මුළු රටම දන්නවනේ. මිනිස්සු රු.20 ක් දුන්නම ලොතරැයි අලෙවිකරුවන් රු.30 ක් මිල ගහලා තියෙන ටිකට් එකක් දුන්නා කියලා කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ. එහෙමවත් නොකළොත් අපරාදේ නේද දැන් මුද්‍රණය කරලා තියෙන ලොතරැයි ටික සහ ඒවාට ගිය මුදල්. (නි)