IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


රූප රැජනක් කියලා කියන්නේ එක්තරා විදිහකට රටේ තානාපතිනියක්

2016-10-16-ent-12

ශානිකා චාමිණි නම් ඇය මිස් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් තරගාවලියට යෑමට සූදානම් වන්නීය. ඩොමිනිකන් රාජ්‍යයේ පැවැත්වෙන එම ජාත්‍යන්තර රෑ රුජන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ශානිකා හදසර සමඟ සුහද කතාබහකට එක්වූවාය.

 

අපි කුඩා අවදියෙන් කතාව පටන් ගමු.. ශානිකාගේ ගම් පළාත පාසල ගැන මතක් කළොත්...

2016-10-16-ent-11මම කොළඹ. පාසල් ගියේ කොළඹ ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයට. අපේ පවුලේ පස්දෙනෙක් ඉන්නවා. අම්මයි තාත්තයි මමයි අක්කයි අයියයි.

 

පාසල් කාලයේදීත් කලාවට සම්බන්ධ වැඩ කළාද?

නැහැ. මම ක්‍රීඩා පැත්තට තමයි ගොඩක්ම යොමු වෙලා හිටියෙ. මලල ක්‍රීඩා, දැල්පන්දු වගේ ක්‍රීඩාවල යෙදිලා හිටියා.

 

විලාසිතා පැත්තට යොමුවුණේ?

මම 2009දී අමෙරිකන් කොලේජ් එකේ ඉගෙන ගන්න ගියා. ඒ කාලයේදී තමා ANC Fashion Show එකට සම්බන්ධ වෙන්න ලැබුණෙ. පළමුවැනි වතාවට රූම්ප් එකකට නැග්ගෙත් එතැනදි තමා. ඉන්පස්සෙ මම වැඩිදුර අධ්‍යාපනයට එංගලන්තයට ගියා. ආපහු ලංකාවට ආවට පස්සෙ තමා නැවතත් විලාසිතා පැත්තට යොමුවුණේ.

 

විලාසිතාවල ඉඳන් රෑ රුජන තරගාවලියකට යන්න හිතුවෙ?

ඇත්තටම ඒක පුංචි කාලෙ ඉඳන් හිතේ තිබුණු ආසාවක්. විලාසිතා ක්ෂේත්‍රයට ආවට පස්සෙ මට ඒ පැත්තට යන්න දොර විවෘත වුණා කිව්වොත් හරි. ඉතින් ඒ විදිහට මුලින්ම දෙරණ මිස් ශ්‍රී ලංකා තරගාවලියට තමයි සම්බන්ධ වුණේ. ඒ 2014 අවුරැද්දේ. ඒ තරගාවලියේදී දෙවැනි තැන මට හිමිවුණා. ලොකු අත්දැකීමක් එතැනින් ලැබුණා. ඉන්පස්සේ 2015 අවුරැද්දේදී සියත මිස් ශ්‍රී ලංකා තරගාවලියටත් එකතු වුණා.

 

මම ඇහුවොත් මොකක්ද මේ රෑප රාජනී තරගවලට යොමුවීමේ වැදගත්කම කියලා?

ඇත්තටම රෑප රුජනක් කියලා කියන්නේ එක්තරා විදිහකට රටේ තානාපතිනියක්. රටේ තොරතුරැ ලෝකෙට ගෙනියන්න පුළුවන් තවත් විදිහක්. ඒ නිසා එක පැත්තකින් රෑප රුජනක් වුණා කියන්නේ රටේ තොරතුරැ දැනගෙන ඉන්නත් ඕනෙ. ඒ වගේම රටට සමාජයට යම් දෙයක් ලෝකයෙන් ගෙනැවිත් දීමත් අවශ්‍යයයි.

 

රෑප රාජනී තරගයක් කිව්වම ගොඩක් දෙනෙක් හිතනවා සුන්දර පෙනුම කියන කාරණයට විතරයි මෙතැනදි අවධානය යොමු කරන්නේ කියලා. ඒ අදහස හරිද?

නැහැ. සුන්දර පෙනුමක් තිබීම අනිවාර්යයි. හැබැයි ඒ වගේම හොඳ උසක්, හරියට සිරැරේ හැඩය පවත්වා ගැනීම වැදගත්. ඒ විතරක් නෙමේ විලාසිතා ගැන හොඳ දැනුමක් සහ රටතොට ගැන හොඳ දැනුමක් තිබීමත් අත්‍යවශ්‍යයි.

 

ඔබ දැන් මිස් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් තරගයට සහභාගි වෙන්න නියමිතයි. අපි ඒ තරගය ගැන ටිකක් කතාකරමු.

මම මිස් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් තරගයට තේරැණේ, චාමර සමරවික්‍රම සහ ගීතාංජන ද කොස්තා හරහායි. එයාලා ලංකාවේ මොඩ්ල්ස්ලා 10 දෙනෙක්ව බොස්ටන්වලට නිර්දේශ කරලා යැව්වා. ඒ දහ දෙනාගෙන් මාව තමයි මිස් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් සංවිධායක කමිටුව තෝරාගෙන තියෙන්නෙ.

 

ජාත්‍යන්තරයට යෑම සම්බන්ධයෙන් තියෙන හැඟීම මොන වගේද?

ලොකු සතුටක් තියෙනවා. රටට කීර්තියක් ගෙන ඒම තමයි මගේ බලාපොරොත්තුව.

 

මේ තරගයෙන් ඔබ්බට බලාපොරොත්තු ගැනත් කතාකරමු...

දිගටම විලාසිතා නිරෑපණ ක්ෂේත්‍රයේ රුඳී ඉන්න වෘත්තීය නිරෑපිකාවක් වෙන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නෙ.

 

රජිත I ඡායාරූප - සුමුදු හේවාපතිරණ

 

2016-10-16-ent-10
2016-10-16-ent-09
2016-10-16-ent-08



අදහස් (0)

රූප රැජනක් කියලා කියන්නේ එක්තරා විදිහකට රටේ තානාපතිනියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site