(අංජුල මහික වීරරත්න)
මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්න ශ්‍රී ලාංකික ජනතාවට හැකිවුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිසා බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
නිදහසින් පසු රට බෙදීම් වෙන්වීම් සහ විවිධ මතවාදයන් ඔස්සේ ක්‍රියා කිරීම නිසා කඩාගෙන වැටී තිබෙන බවද පිරිසක් විසින් බංකොලොත් භාවට පත් කළ රට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ඔසවා තබමින් සිටින බවද අබෙිවර්ධන මහතා කීය.
ඒ කාර්ය සඳහා ශ්‍රී ලාංකික සමස්ථ ජනතාව සහයෝගය ලබාදිය යුතුව තිබෙන බවද වෙනත් දේවල් කර වැඩපිළිවෙල යම් හෙයකින් කඩාකප්පල් කළහොත් එහි වගකීමද ඒ කණ්ඩායම් විසින් බාරගත යුතුව තිබෙන බවද මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2021 කොවිඩ් තිබුණු කාලෙත් රටේ මිනිස්සු සිංහල අවුරුද්ද සමරුවා මීට වඩා ජයට, මට මතකයි පමුණුවේ බයිසිකලයකින් යන්නවත් බැරි විදිහට මේ වගේ දවස්වල ඒ කාලේ සෙනඟ හිටියා.., මොකද ඒ මිනිස්සුන්ට ඒ දවස්වල අතේ සල්ලි තිබ්බා... රනිල් පප්පා ඇවිත් මිනිසුන්ව බිංදුවට බැස්සුවා...
ඇයි දැන් හෙල ගොඩක් ගැඹුරුයිද? ළමයාව ගොඩදාන්න බැරි වෙයිද?
ඡන්දෙ තියන්නකෝ... අපි ඔයාට අලුත් තනතුරක් දෙන්නම්...! මැගසීන් සිරකඳවුරට මුදල් වංචා කළා.
එජාපය කාලා විනාශ කරන්න ඩීල් දාපු කෙනෙක්... ජනතාව ප්‍රතික්ෂේප කළ මෝඩයෙක් ඉදිරි ඡන්දෙදිත් දෙන්නම්කෝ ගෙදරම ඉන්න...!
මෙයා හරියට කතා කරන්නේ පින් ජනපතියා ජනතාවට අවුරුදු සමරන්න හැමදේම පිනට දුන්නා වගේනේ...
අපි සමරනවා නෙවෙයි, ලෙවකනවා...
මෙයා ගාල්ලේ බිස්නස් කාරයින්ට කියලා තියෙන්නේ ඊළඟ ආණ්ඩුවේ අගමැති මෙයා කියලා... ඒ නිසා එයාට සපෝට් කරන්නලු...
දැන් මේ බත්ගොට්ටා කියනවනේ පිරිසක් රට බංකොළොත් කරා කියලා. ඔන්න මම අභියෝගයක් කරනවා... පුළුවන් නම් කියමු බලන්න ඒ බංකොළොත් කරපු අයගේ නම් ටික...
දැන් ඉන්න නොම්මර එකේ සෙරෙප්පු ලෙවකන්නන් තමයි. ලොකු දෙයක් ලැබෙයි ඉස්සරහට...
රනිල් කරපු වැඩක් පේන්නේ නෑ. මේ විදියට බදු ගහලා IMF එකට වැඳලා ණය ගත්තට ඒකත් අයවැය වියදම් පියවන්න මුදල් ගත්තනේ. මේ තත්ත්වය තාවකාලිකයි. ඉදිරියටත් ණය ගත්තොත් විතරයි රට මේ මට්ටමෙන් යන්නේ... ණය නැතිවුණුදාට ආයෙත් පෙර තත්වයමයි. ණය කන්ද ගොඩගැහිලා ඉදිරියේ බලය ගන්න අයට ඒ ණයබර එකතු වෙනවා. ඉතින් රට හැදෙයිද?
මට මේ වගේ සුවච, කීකරු කෙනෙක් ඕනැවෙලා තියෙනවා. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.
තනතුරක් ගන්න මිනිස්සු මෙහෙමත් පහත් තත්වෙට වැටෙනවද? අයියෝ මිනිස් ජීවිත... කුලී වැඩක් කරලා, ජීවත්වෙන එක හොඳයි... මේ වගේ ගොට්ටෙක් වෙනවාට වඩා...