(අංජුල මහික වීරරත්න)
රනිල් මේ සිදුවන දේවල් වලට හොඳින් මුහුණ දෙනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසූයේ රිමාන්ඩ් බන්ධනාගාර ගතවී සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීමෙන් පසුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමිනි. "එයාට හැමදාම තිබුණු අසනීප ගතිය තමයි තියෙන්නේ.බොහොම හොඳට ඇවිත් කතා කළා.එතුමා එච්චර ඕක ගණන් ගන්නේ නෑ.මට පේන විදියට දේශපාලනේ කරනවා නම් මේවා උරුමයි.ඉතින් එතුමටත් ඒවා උරුමයි. එතුමා ඒකට මුහුණ දෙනවා.
මේ වගේ පොඩි පොඩි දේවල් වලට දේශපාලන නායකයෝ අල්ලලා හිර ගෙවල් වල දැමීම ගැන කනගාටුයි.මේවා දේශපාලන පළිගැනීම් නැතුව වෙන දෙයක් නෙමෙයි නේ යනුවෙන්ද මහින්ද රාජපක්ෂ මහතා කීය.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
රනිල් මේ දේවල්වලට හොඳින් මුහුණ දේවි