(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රජයේ මුදල් අවභාවිතා කරමින් සිය බිරිදවන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා පෞද්ගලික සංචාරයක් ලෙස සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කර බන්ධනාගාර රෝහලේ රඳවා සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු හිටපු මැති ඇමතිවරු කීපදෙනකු බන්ධනාගාරය වෙත පැමිණ ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි
සජිත් ප්‍රේමදාස මහතා සමග සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් නලින් බණ්ඩාර මහතා ද මැගසින් බන්ධනාගාරය වෙත එලෙස පැමිණ ඇත
හිටපු ජනාධිපතිවරයාගේ රුධිර පීඩනය සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත් වූ පළමු අවස්ථාව මෙයවේ
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
රනිල් බලන්න සජිත් බන්ධනාගාර රෝහලට
ලුම්බිණි Saturday, 23 August 2025 12:02 PM
මහාචාර්ය නෝනා යන්නේ නැද්ද? බලන්න...
Neel Saturday, 23 August 2025 12:10 PM
මේ ඔක්කොම යාලුවෝ මල්ලී.
fairoos Saturday, 23 August 2025 12:11 PM
රට බංකොළොත් කරපු අනිත් අයත් ලෑස්තිවෙලා හිටියොත් හොඳයි...
සෙනෙවිරත්න Saturday, 23 August 2025 12:41 PM
අපරාදේ බෙදිලා ඉල්ලුව එක කියලා දෙන්නටම දැන් වැටහෙනවා ඇති, ඒක රටේ වාසනාව. හැබැයි ඊයෙ උසාවිය ළඟට සජබේ ලොක්කෝ ගියා නම් රනිල්ගේ කුඩු හමුදාවෙන් ඇතිතරම් කන්න වෙනවා...
රනේ Saturday, 23 August 2025 02:26 PM
ලොක්කගේ ප්‍රෙෂර් නැග්ගද දන්නෑ...
Siri Saturday, 23 August 2025 02:35 PM
අපේ රටේ ඓතිහාසික වගේම කාලයක් නම්බුකාර දේශපාලන පක්ෂයක් ලෙසට පිළිගෙන තිබුණු එක්සත් ජාතික පක්ෂය බලයට ඇති කෑදරකම නිසා නැත්තටම නැතිකලේ කවුද එතකොට ...?
Frencis Saturday, 23 August 2025 02:42 PM
සජිත්ට අගමැතිනොවී ජනාධිපති වෙන්න කියලා ඔලුවෙන් එවපු කෙනා ඇතුලු 15 ක කල්ලිය සමග ගියපු හැමදාම පරාජයට පත්වෙන තිත්ත නිසා තමයි ඔය දේ සිද්ධවුනේ... බෙදීගියොත් සුන්වෙනවා කියලා නොදන්නා තිත්තයින් මැල්ලුම නිසා ඌරෝ කැකුන තලද්දී හබන් කුකුළන්ට රජ මගුල් වගේ එවුන්ට බලය ලැබුණා.. එහෙම වුනෙත් වැඩි ඡන්දේ විපක්ෂය ලබද්දි ඒ නිසා දැන්වත් රනිල්ට නායකත්වය දීලා සජිත්ට නියෝජ්‍ය දීලා සියලුම දෙනා (ආණ්ඩුව හැර අනෙක් ඔක්කොමලා) එකතු වෙයල්ලා...
සංඛාSaturday, 23 August 2025 03:08 PM
දැන් රනිල් කොහේද තව දේශපාලනය කරන්නේ? තව අවුරුදු 20කට විතර හිරේ යයි. පිස්සු කතා කියන්න එපා. ඊයේ ඇවිල්ලා හිටපු ඔය කියන පක්ෂ වල ඔක්කොම කම්බ හොරු ටික. බැලුවාම ඔක්කොම එක හොරු සෙට් එක. මෙහෙම බැලුවාම රටේ සමස්ත ජනතාවම අද එක මිටට මාලිමා රජයත් සමග ඉන්නේ...
Rohana Saturday, 23 August 2025 02:56 PM
එතකොට සජබ බලන්නෙ කවුද?
ගමේ එකාලා Saturday, 23 August 2025 03:31 PM
මේවාට කොහෙන් හිනාවෙන්නද මන්දා? නයි මුගටි වගේ හිටියේ...?