(සුජිත් හේවාජුලිගේ)
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැලීමට දේශපාලනඥයන් ඇතුළු ප්‍රභූවරුන් දෙසීයකට අාසන්න පිරිසක් බන්ධනාගාර ප්‍රධානීන්ගෙන් සහ රෝහල් ප්‍රධානීන්ගෙන් වරින් වර කර අැති ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.
මේ අතර වික්‍රමසිංහ මහතා බැලීමට කොළඹ ජාතික රෝහලට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ අය සියයකට වැඩි පිරිසක් ආපසු හරවා යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
සීමිත පිරිසකට පමණක් දැඩි සත්කාර ඒකක පරිශ්‍රයට ඇතුළු වීමට පෙරේදා අවසරදී අැතත් වික්‍රමසිංහ මහතා බැලීමට අවසරදී නැත
විශාල වශයෙන් පුද්ගලයන් පැමිණීමෙන් වික්‍රමසිංහ මහතාගේ මෙන්ම සෙසු රෝගීන්ගේ සෞඛ්‍ය තත්වයට මෙන්ම ආරක්ෂාවට තර්ජනයක් බවට රෝහල් ප්‍රධානීන් දැනුම් දීමෙන් පසුව ආරක්ෂක අංශ මෙම තීරණය ගෙන ඇත.
වික්‍රමසිංහ මහතා නේවාසිකව ප්‍රතිකාර ලබන දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්වයේ පසුවන තවත් රෝගීන් නව දෙනකු ප්‍රතිකාර ලබන බව පැවසේ.
මේ අතර හිටපු ජනාධිපතිවරයා බැලීමට පැමිණෙන පිරිස සීමා කරන්නැයි ඔහුගේ පවුලේ සාමාජිකයන්ද රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අසනීප තත්වයෙන් පසුවීම හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට පසුගිය 23 වැනිදා ඇතුළත් කෙරුණ.
පවතින තත්වය යටතේ වික්‍රමසිංහ මහතා බැලීමට කොළඹ ජාතික රෝහලට පැමිණීමෙන් වළකින ලෙස වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලීමක් කරති.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
රනිල් බලන්න ඉල්ලූ ලොක්කන් 200කට දොර වැසේ