(විමුක්ති එස් රුද්‍රිගු සහ ටී කේ ජී කපිල)
රුපියල් කෝටි 21 වටිනා කැරට් 24 රත්‍රන් බිස්කට් 51 රටතුළට ජාවාරම් කිරීමට උත්සාහ දැරූ සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රේගු නිලධාරීන් සමත් වී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා අද (14) ප්‍රකාශ කළේය.
අත් අඩංගුවට ගත් රත්‍රන් තොගයේ බර කිලෝ ග්‍රෑම් 5.941 ක් බවත් සැකකරු 54 හැවිරිදි ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයකු බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසුවේය. සැකකරු සිය මේස්වල සුක්ෂම අයුරින් මෙම රත්‍රන් බිස්කට් තොගය සඟවා ගෙන රට තුළට ගෙන ඒමට උත්සාහ දරා ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
සැකකරු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කාර්ය මණ්ඩල සාමාජිකයන් පිටවන දොරටුව අසලදී අද(14) පෙරවරු 6.50 ට පමණ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසුවේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රන් බිස්කට් පන්නන්න හැදූ ගුවන් තොටුපොළ සේවකයා මාට්ටු
Wasantha Sunday, 14 September 2025 03:06 PM
නිකන්ම සේවකයෙක් නොවෙයි. ගුවන් තොටුපල ආරක්ෂක අංශයේ මාශල් කෙනෙක්ලුනේ අහුවෙලා තියෙන්නේ. මුලු ගුවන් තොටුපලේම ආරක්ශාව භාර දීලා තියෙන්නේ මේ ගොල්ලන්ට...