ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සිසුවියන්ගේ නිර්මාණ එළිදක්වන ‘රන්වැලි අභිමන්‘ අධ්‍යාපනික ප්‍රදර්ශනය දේශිය වෛද්‍ය නියෝජය අමාත්‍ය පණ්ඩු බන්ඩාරණායක මහතා සහ විදුහල්පතිනි එච්.ඒ.එච් ජයවර්ධන මහත්මිය අතින් අද විවෘත කෙරිණි.
රත්නාවලී සිසුවියන්ගේ විෂය දැනුම ප්‍රායෝගිකව අත් විදීමට හැකිවන ලෙස නිර්මාණශීලී සහ ගවේෂණ ශීලී අත්දැකීම් වලින් පරිපුන් මෙම ප්‍රදර්ශනය ලබන අට වෙනිදා තෙක් වීවෘතව ඇත.
සියළුම විෂය ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සැලසුම් කරන ලද නිර්මාණශීලී අධ්‍යාපන කුටි 60කට අධික සංඛ්‍යාවක් මෙහි ඇති අතර විශේෂඥ වෛද්‍ය සායන, වෙළෙඳ ප්‍රදර්ශන, රාජ්‍ය ආයතන ප්‍රදර්ශන කුටි, දිනපතා මැජික් සංදර්ශන පාසැල් ශිෂ්‍යාවන්ගේ සංගීත ප්‍රසංග, නාට්‍ය සංදර්ශන ඇතුළු විශේෂංග රැසක් අත් විඳිය හැක.
ප්‍රදර්ශනය අවසන් වන මාර්තු අට වෙනිදා විශාරද සුනිල් එදිරිසිංහ, විශාරද දීපිකා ප්‍රියදර්ශනී, උරේෂා රවිහාරි, චන්දන ලියනාරච්චි සහ රුවන් හෙට්ටි ආරච්චි ගී ගයන රනවැලි මියැසිය පැවැත්වේ.
67 වසරක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන රත්නාවලී බාලිකා විද්‍යාලය හෙන්රි ස්ටල් ඕල්කට් තුමාගේ පුරෝගාමිත්වයෙන් පරම විඥාර්ථ සමාගම මගින් ඇරඹි උසස් බාලිකා පාසැලකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්නාවලී දියණියන් ගැන හරිම ආඩම්බරයි. එයාලා කොහොමත් දිරියෙන් දිනන අය.(නදී)
අර බණ්ඩාරනයකේ දරුවෝ මේක බලන්න එනවද ? (නදී)
හරිම ආඩම්බරයි.(නදී)
අනිවාර්යයෙන් අපිත් එනවා(දිල්)
පහන්, බණ්ඩාරණායකේ දරුවෝ සැප්තෑම්බර් මාසයේ මේ වගේ " X BAN 95 " ප්‍රදර්ශනය කළා (දිල්)
සහෝදර පාසැල වූ ගම්පහ බණ්ඩාරනායකේ පැවැත්වුණු එක් බෑන් ප්‍රදර්ශනය තරම් දැවැන්ත නොවුනත් හොද උත්සහයක් (අ)