එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරු ඇතුළු පිරිසක් අද (01) මොනරාගල නගරයේ වෙළෙඳසලෙන් වෙළෙඳසලට ගොස් සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක නිරත වෙති.

වෙළඳසලකට ගිය වික්‍රමසිංහ මහතා කඩ හිමියාගේ දරු දෙදෙනා හුරතල් කරමින් විහිළුවක් ද කළේය.