එක්සත් ජාතික පක්ෂය මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වන්නේ තරුණ තරුණියන්ගේ අනාගතය යහපත් කිරිමේ අරමුණින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරණයට තම පක්ෂය ඉදිරිපත් වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ අනාගතය නැතිකිරීමට බව ද අගමැතිවරයා සඳහන් කළේය. ඉදිරි වසර පහේ දී රස්සා ලක්ෂ 10ක් බිහිකිරීම එක්සත් ජාතික පක්ෂයේ අරමුණ බව ද අගමැතිවරයා කීවේය.
අගමැති රනි්ල වික්‍රමසිං මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ දී පැවති ජාතික යොවුන් පෙරමුණු ක්‍රියාකාරී හමුව අමතමිනි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චුයින්ගම්, බ්‍රේස්ලට්ම තමයි කියන්න තියෙන්නේ මටත්. මෙයාගේ බොරු අහලා එක සැරයක් රැවටුනා මදිවට ඔන්න තවත් අනගි අවස්ථාවක් (නි)
සිල්වා කියන්නේ ඇත්ත , රනිල් ට තමයි රට හදන්න පුලුවන්. (ස)
රනිල් වගේ කෙනකුට රටක් පාලනය කරන්න පුලුවන්ද? (බ)
ඒ ගැන නම් හොයලා බලන්න වෙනවා.(හේ)
රනිල් කියන්නේ වැඩක් කරන්න පුළුවන් නායකයෙක් රටේ කරුමෙට එතුමාගෙන් අපි තවම වැඩ අරගෙන නැත දැන් එතුමාගෙන් වැඩගන්න කාලය එලඹ ඇත.(හේ)
ඒක හොදයි.(හේ)
ඉන්දිකට නම් එතනවත් මොලේ නැති පාටයි. (ස)
මෙයා ඡන්ද හිඟා කන්නේ පරණ විදිහටමයි. නියම බයිලා. මේවා හොඳයි.......(ස)
කලබල නොවනු! අර ජේ.ආර් කාලේ ඇට වර්ග 8 දෙනවා කිවුවා වගේ හිතන්න බලමු (නි)
අනේ මොකටද මගේ කට! (නි)
තිබුණ රැකියා ටිකත් නැතිකළ එකේ දැන් කොහෙන් දෙන්නද රැකියා? (නි)
මෙතෙක් බලයේ සිටි කවුරුත් බොරු විකිණීමේ අතී දක්ෂයන්ය. බලය ලබා ගැනීමට වැඩියෙන් බොරුකියන්නෝ ජයග්‍රාහකයෝය. නිතරම හොඳ ප්‍රජාත්‍රන්තවාදියෙක් වශයෙන් පමණක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිගත හැකිය. (ස)
සිල්වා වාගේ මොලේ තියෙන අය ටිකක් වැඩිපුර හිටියොත් අපේ රට ගොඩ ගන්න පුළුවන් .රනිල් වගේ වැඩ කරන්න පුළුවන් නායකයෝ තමයි අපේ රටට ඕන (නදී)
අනේ මගේ කට. (ස)
අපේ මිනිස්සු හිතන්නේ පපුවට ගහගෙන වේදිකාවක් දෙවනත් වෙන්න කෑ ගහන අයට ගොඩක් මොලේ තියෙනවා කියල. පොඩ්ඩක් බලන්න උගත් අය කොහොමද කියල. මේ මනුස්සයා හදපු රැකියා මොනවද කියල දන්නවද? (ස)
ඔන්න තවත් මේවර ඉබ්බෙක් කොක්කු රැලකගෙන් ඉගිල්ලිලා අරගෙන යන්න චාටුබස් දොඩවනවෝ (නදී)
අරමුණු විතරයි. වැඩ නෑ.චන්ද්‍රිකා කාලයෙත් අවුරුදු දෙකක් හිටියා. රස්සා දුන්න හැටි අපිට මතකයි.(ම)
සල්ලි අච්චුගහනවා වගේ රැකියාවල් අච්චු ගහලා කොලේකින් නම් දෙන්න පුළුවන් වෙයි ඡන්ද කොලේ වාගේ තවත් පට්ටපල් බොරුවක් රටේ පවට බොරුකාරයෝ පාලකයෝ වෙලා. රට අරාජික වෙලා (බ)
මේවා ඡන්දෙ ගන්න දෙන පොරොන්දු හැටියට තමා අපි දකින්නේ. මොකද එයාට මීට කලිනුත් අවස්ථාව ලැබුනා. ඒත් අපි දැක්කා කිසිම වැදගත් දෙයක් වුණේ නැහැ. අපි එයාගේ දැකපු එකම දේ තමා ඉබේම ප්‍රශ්න විසඳෙනතුරු කල්මරමින් බලා ඉන්න එක. ඒත් ඒක දැන් කාලේ රටක් සංවර්ධනය කරන්න ගැළපෙන ක්‍රමයක් නෙමෙයි. (නි)
එ.ජා.ප නායක අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රථම වසර 5 තුළ රැකියා දස ලක්ෂයක් ශ්‍රී ලාංකික අපේ ජනතාවට නිර්මාණය කිරීම ප්‍රථම අදියරයි. දෙවන අදියර නම් සැමටම රැකියා. එදා දිවංගත අතිගරු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සංකල්පය ප්‍රථම නිවාස ලක්ෂයක්, දෙවනුව නිවාස දස ලක්ෂයක්, තෙවනුව නිවාස පහළොස් ලක්ෂයක්. සිවුවැන්න සැමටම නිවසක්. එ.ජා.ප නායකයන් කිවුව දේ කරන පක්ෂයක් බව මෙය සිහිකිරීමකි. (නි)
කොහොම වුණත් පසුගිය මාස හයේම මෙව්වා කිසිදෙයක් නොකළේ මොකද කියලා හිතලා ජනතාව ඔය කතාව විශ්වාස කරයිද? (නි)
අපී මිනිස්සු දන්නේ වැරදි හොය හොයා ඒවා පස්සේ දිවන්න මිසක් වුණ අඩුපාඩු හදාගන්න අවස්ථාවක් දෙන්න නෙමෙයි. වැරදි නැති මිනිස්සු ලෝකේ කොහෙවත් නැහැ. මැජික් කරනවා වගේ ඔක්කොම කරන්න පුලුවන්ද එකපාරටම? පළමුව රටක් ස්ථාවර කරලා තමයි ඔය ඔක්කොම කරන්න වෙන්නේ. අපේ මිනිසුන්ට ඕනෑ මැජික්කාරයෝ මිසක් වැඩක් කරන මිනිස්සු නෙමෙයි (නි)
මෙයා එක කාලයක් අගමැති වෙලා හිටියා නේද? ඇයි ඒ කාලයේ නොකළේ? අඩුම ගණනේ උපාධිධාරින්ගේ රැකීරක්ෂා ප්‍රශ්නයවත් විසඳුවාද? එයා හිතනවාද අපි නිකන් මෝඩයෝ කියලා අතීතය අමතක?රටේ ජනතාව මෛත්‍රිපාල සිරිසේන මහතාට ඡන්ද දුන්නේ මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව නොවේ. ඔහු වටා සිටි ඔහුව විනාශ කළ අය පරදා, නිවැරදි මාවතකට රට ගන්න ඕනෑ නිසා. (නි)
දින 100 ට කියක් දුන්නද ? දින 100 ඇතුලත් පසු ගිය ආණ්ඩුව පටන්ගත්ත ව්‍යපෘති ඔක්කොම නවත්තල දහස් ගණන් සේවකයෝ පාරට දාල. අයුරුදු 5 කීන් ලක්ෂ 10 යක් රැකියා දෙනවලු .එදා අක්කර 100 ගණනක් තියනවා කියපු තොප්පිගල වෙන්න ඇති (බ)
එතකොට අර දෙනවයි කියපු රත්තරන් චේන් බ්‍රේස්ලේට් වළලු ඒවත් දෙනවද ? (නදී)
චුයින්ගම්, බ්‍රේස්ලට් සිහින. දින 100 පොරොන්දු කෝ ? (නදී)
එ.ජා.ප වර්තමාන නායකත්වයට හේතුවුණ නායකයන් සමුහයම ඝාතනයවීමෙන් වූ හිඩැස පිරවෙන මානයක්වත් නැහැ. අතීතයේ පැවතුනේ නම් කියනදේත් නොකිව්වදේත් කළ නායකයන්. අද නායකයන් කිවුව දේවත් කරගන්න බැරිව බොරු ඇදබානවා. මේවාට රැවටෙන අය දැන් නැහැ. රෑ වැටුන වළේ දවල් වැටෙන්නේ මොන මෝඩයාද? (නි)
මට පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපටිය මතක්වුණා එකපාරටම.කාලයක් අර බ්‍රේස්ලට්, චුයින්ගම් දුන්නා වගේ. (නි)
සිල්වාටයි ලකීටයි මාර මොළයක්නේ තියෙන්නේ. හැබැයි තියෙන තැන තමා වැරදි. (නි)
රනිල් කියන්නේ උගතෙක්, බුද්ධිමතෙක්, අත්දැකීම් බහුල නායකයෙක්. (ර)
චුයින්ගම්, බ්‍රේස්ලට් සිහිඋනා මට... (ර)
ඔය වගේ කතා හොඳයි ඉක්මනට අතීතය අමතකවන අයට (නි)
චේතනාව හොඳ නම් ප්‍රතිඵලය යහපත් වේ (නි)
මේගොල්ලෝ 2002 දි බලයට ඇවිත් ඇබෑර්තු තිබෙත්දිත් කිසිම රජයේ හෝ විශ්ව විද්‍යාලයක රැකියාවක් දුන්නේ නැහැ. මේපාරත් දින 100 ඇතුලත් පසු ගිය ආණ්ඩුව පටන්ගත්ත ව්‍යපෘති ඔක්කොම නවත්තල දහස් ගණන් සේවකයෝ පාරට දැම්මේ සිංහල අවුරුද්දට සති දෙකක් තිපියදී. රැකියා ඇති කරන එක කෙසේ වෙතත් නැති කරල නම් දායි! (නදී)
බොහෝ දෙනෙක් දන්නවද යුත් 1 ක් එහෙම ආරම්බ කරේ කව්ද කියලා එහෙම?එතකොට ගුරු පාසල් එහෙම ආරම්භ කරේ කව්ද කියලා... පොඩ්ඩක් ඒවා කරේ කව්ද කියලා බලන්න.. එතකොට තේරේවි ගොඩක් දේවල්..(ම)