IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධරයා කන්කසන්තුරයට මාරු කරයි

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලිසියට මාරු කරනු ලැබ තිබේ.

මැයි 1 වැනිදා සිට බලපවත්වන පරිදි පොලිස් මූලස්ථානය විසින් මෙම ස්ථාන මාරු කිරීම සිදුකර ඇත.

ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වසර 23ක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක ඒකකයේ කටයුතු කළ අතර වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධරයා ලෙස වසර 15ක් සේවය කර ඇත.

 



අදහස් (24)

රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධරයා කන්කසන්තුරයට මාරු කරයි

Perera Thursday, 01 May 2025 08:06 AM

මෙයාද CID එකට කෝල් කළේ... පිල්ලයාන්ට කතා කරන්න ඕනේ කියලා... ?

:       0       0

suran Thursday, 01 May 2025 08:10 AM

මේවා ඉතාම බාල ගණයේ වැඩ. මුල් ළමාවිය හරිහැටි සංවර්ධනය නොවුණු අය මොන තරම් ඉහළ තනතුරුවලට පත් වුණත් ඒ අය තුළ නිධන්ගතව ඇති පලිගැනීම් , කුහකකම් , ඊර්ෂ්‍යාව වගේ අවර ගණයේ ගුණාංග ඉස්මතුවීම මේ දිනවල වැඩ වඩාත් කැපී පෙනෙන කරුණක්.

:       0       0

වික්‍රම විදුර Thursday, 01 May 2025 08:14 AM

ඉඩි අමීන් පොල්පෝට් හිට්ලර්.. වගේ ලොක නායකයොත් ඒක්ක කරට කර තරඟ කරලා තමයි අපේ මවුබිම මෙතුමා 4වන ස්ථානයට ගෙන්න. මෙතුමා ‍ ප්‍රේමදාස කළ කැපකිරීම දැන් ඉන්න උන් අගේ කරන්නේ නැහැ.

:       0       0

පම්පොරි ජනක Thursday, 01 May 2025 08:17 AM

වසර 15 ක් පෞද්ගලික ආරක්ෂක විදිහට වැඩ කරා කියන්නේ එයාට පඩි දීල තියෙන්නේ රනිල්ද ?පුදුම විහිලු ලංකාවේ තිබිල තියෙන්නේ.

:       0       0

DonDon Thursday, 01 May 2025 08:18 AM

අනුරයාගේ සිඟිති ආතල්. හාල්මැස්සෝ මොනා කරන්නද?

:       0       0

මාබංකුසිංහ Thursday, 01 May 2025 08:20 AM

ඔක්කොම මජර වැඩ දන්නව ඇති. කොළඹම තියාගෙන ප්‍රශ්න කෙරුවනම් එලිවෙයි.

:       0       0

යෝගා Thursday, 01 May 2025 09:40 AM

පූර්ව ළමා විය සංවර්ධනය නොවුණු, සමාජ වෛරය, ඊර්ෂ්‍යාව, පොට වරද්දාගත් සමාජවාදය සමග ඇතිවුණු කුහකකම ඇති පාලකයෝ ඉන්න කාලවල මේ වගේ පුද්ගලික පළිගැනීම් සාමාන්‍යයි.

:       0       0

Kolitha Thursday, 01 May 2025 09:56 AM

කුහක ජෙප්පෝ කියන්නේ ඒකනේ...

:       0       0

පොඩිඑකා Thursday, 01 May 2025 10:09 AM

යංතං ඇති, දැං එයාට බෝල් ගාඩ් එක නැතුව වැඩට යතෑකි...!

:       0       0

Krishan Thursday, 01 May 2025 10:36 AM

මේවාට කියන්නේ මොනවාද? දේශපාලන පළිගැනීම් නොවේද? උතුරෙත් කෙළවරට මාලිමාවුන්ගේ පලිගැනීම්, වැඩබලන පොලිස්පතිවරයා ඊළඟ පූජිත දේශබන්දු වෙයි වගේ... ඊළඟ ආණ්ඩුවක් ආවාම..!

:       0       0

ලුම්බිණි Thursday, 01 May 2025 10:59 AM

දේශපාලන පලිගැනීම්?

:       0       0

Nandana Thursday, 01 May 2025 11:21 AM

ඕවා අනුරගේ වැඩ... රනිල්ගේ ආරක්ෂකයා මාරු කළාම රට දියුණු වෙනවද?

:       0       0

prasanna Thursday, 01 May 2025 11:21 AM

බිලි පූජාවකට රජය සැලසුම් කරගෙන යනවා.

:       0       0

Rata Perata Thursday, 01 May 2025 11:30 AM

අවුරුදු 23ක්! අම්මෝ. ආරක්ෂාවට අමතරව වෙන වැඩත් කරන්න හැකියි. හොඳ වේලාවට මාරු කළා — නැත්තං වින්සෙන්ට්ට වෙච්ච වැඩේ වෙන්නත් පුළුවන්.

:       0       0

රම්බොඩ Thursday, 01 May 2025 11:45 AM

මේ වගේ වැඩ කරලා මේ ආණ්ඩුව මොනවද බලාපොරොත්තු වෙන්නේ ? දැන් අර පච මෝල උගනඩා කුමාරී ඇවිත් කියයි මිලියන 100 ක් ඒකෙන් ඉතිරියි කියලා. මේවා නිකම් ළාබාල වැඩ. රනිල් මහතා හොඳ වුවද නරක වුවද ඔහු පරිණත සහ ජ්‍යේෂ්ඨ දේශපාලකයෙක්. ඒකට ගරු කරන්න ඕන.

:       0       0

kamal Thursday, 01 May 2025 12:47 PM

පච කොටා ජනාධිපතිගේ දේශපාලන පලිගැනීම් නේ

:       0       0

NPP Thursday, 01 May 2025 01:26 PM

දැන්ම මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියයි දේශපාලන පලිගැනීමක් කියලා...!

:       2       2

ලූට මූස් Thursday, 01 May 2025 01:35 PM

ඒකද ලොක්කා අර පොටෝ එකේ කණ කසන්නේ...?

:       2       1

Bandara Thursday, 01 May 2025 01:47 PM

මෙයාලාට මේ වගේ 2.50 වැඩ තමා පුළුවන්...

:       1       1

අරුණි Thursday, 01 May 2025 04:57 PM

මේ වගේ බයෙන්, සැකෙන් මේ බොරුකාර ආන්ඩුව තව කොච්චර කාලයක් නම් කරන්නද? බොරුවෙන් ආණ්ඩු කළත් මිනිස්සුන්ට හිඟා නොකා හිඟාකාලා අපායක තමයි ඉන්න වෙන්නේ...

:       18       12

කෞෂිThursday, 01 May 2025 07:11 PM

ඉතිං සතුටුවෙන්නකෝ, හොටු පෙරාගෙන නහයෙන් අඬන්නැතුව. එච්චර කාලයක් ආණ්ඩුව දුවන එකක් නෑනේ.

:       0       1

අ. සේනානායක Thursday, 01 May 2025 09:39 PM

ඒක නේන්නං අරුණී, ලොක්ක කිව්ව කියල අපරාධකාරයන්ට කෝල් අරගන්න ගිහිල්ල කරගත්ත හරියක්. හැමදාම වෙනව වගේ බත්බැලයො තමයි දුක් විඳින්නේ. මතකද මාගේ කිරිල්ලී සොයායන්න ගිහිං කරගත්ත වැඩේ??

:       0       2

Frencis Thursday, 01 May 2025 07:15 PM

මේවායින් පේන්නෙ ආණ්ඩුව පළමුව රනිල්ටත් දෙවනුව මහින්දටත් බයයි කියලනේද

:       3       0

Socialist Thursday, 01 May 2025 07:26 PM

මේක කැකිල්ලේ වැඩක්නේ. රනිල් එක්ක තරහට ආරක්ෂක නිලධාරියාව කන්කසන්තුරේ ඇරලා මොනවද මේ රජය බලාපොරොත්තු වෙන්නේ. ඒ මාරුවත් දේශපාලන පළිගැනීමක් වගේ. මදැයි ඒකත් හොඳ සිස්ටම් චේන්ජ් එකක් තමයි. කෙනෙක්ගේ බලය බිඳින්න නම් ඒ තැනැත්තාට අත්‍යවශ්‍යම අයව ඉවත් කරන්න. කාල් මාක්ස් වෙනුවට අපේ ජේවීපී ආණ්ඩුව මකාවෙලි කුමාරයාගේ කතා පිළිපදින්න අරන් වගේ.

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 540 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 329 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 477 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site