රටේ පවතින උග්‍ර ජීවන අර්බුදයට තිබෙන එකම විසඳුම 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි බළ ගන්වා ස්වාධීන කොමිෂන් සභා සක්‍රීය කිරීම යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදී පැවසීය.
13 වැනි අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ප්‍රශ්නය ජනතාවගේ ප්‍රශ්නයක් නොව, ආණ්ඩුව අභ්‍යන්තරයේ තිබෙන ප්‍රශ්නයක් බව කියන රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ආණ්ඩුවේ නියෝජනයක් පවා නොමැති හිස් කාරක සභාවක් බවට පත්ව ඇතැයි ද සඳහන් කළේය.
‘මේ රටට ස්වාධීන පොලිසියක් සහ ස්වාධීන රාජ්‍ය සේවයක් ලබා දී අධිකරණයේ ස්වාධීණත්වය තහවුරු කර පළාත් සභා බලතල පිළිබඳ ප්‍රශ්න විසඳිය හැකි මාර්ගයක් මේ රටේ ජනයා පැහැදිලිව පෙන්නා දී තිබෙනවා.
ඒ ගැන සාකච්ඡා කර තීන්දු තීරණ ගත යුතුව තිබියදී ආණ්ඩුව ඒ සියල්ල පසෙක තබා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පත් කනවා නම් අපේ ප්‍රතිචාරය අපට ඊට දිය යුතුයි.
17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු වන්නේ රටේ ස්වාධීන පොලිස් සේවයක් ඇති කර නීතිය යටතේ පරිපාලනය කරමින් ස්වාධීන අධිකරණ ක්‍රමයක් ලබා දී දූෂණ පිටු දැකීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් ලබා දීමයි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලම බටලන්දේ කොමිසම විසඳලා දාම්මු ද කට්ටිය මතක් වෙනවා (අ)
විපක්ෂේත් ඉතින් ඉඳල හිටලා හරි මොනවා හරි කියන්නත් එපැයි නේද? (ස)
ස්වාධීන කොමිසම ඉල්ලන්නේ රනිල්ද වෙන කෙනෙක්ද කියන එක අපට ප්‍රශ්නයක් නැහැ. කවුරු කලත් හරි දේ හරි.17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරනවට විරුද්ධ වෙන්නේ, මේ රටේ ඥානවන්ත අය නම් නෙමෙයි. මේකේ තියෙන සමහර අදහස් දිහා බැලුවම අපිට හිතාගන්න පුළුවන් රට යන්නේ කොහෙටද කියලා. ප්‍රභාෂ් වැනි බුද්ධිමත් අය මේවා හොදින් තේරුම් ගෙන තියෙනවා. (නි)
මේ වෙලාවේ කලයුත්තේ රනිල්ටවත් මහින්දටවත් මඩ ගහන එක නෙවෙයි. කොහොමහරි 17 සංශෝධනය වහා ක්‍රියාත්මක කරවා ගන්න උත්සහ කරන එකයි. අපිට නම් ඔය කවුරුත් එකයි. පොලිස් කොමිසම ක්‍රියාත්මක කරන තුරු රටේ අපරාධ අඩු කරන්න අපහසුයි. පොලිස් නිලධාරීන්ට රාජකාරිය අපක්ෂපාතීව කරන්න බැහැ. (අ)
"ජීවන අර්බුදයට" විසඳුම? ඒ කියන්නේ මොකක්ද? ජීවත් වීමේ අමාරුව වෙන්න ඇති මගේ හිතේ. ඒක විසඳන්න 17 ගෙනල්ලා මක්කරන්නද? ජීවන වියදම බස්සලා පුද්ගල ආදායම් වැඩිකරනවා මිසක්. හැබැයි 17 ගේන එක නම් අත්‍යවශ්‍යයි. 18 අවලංගු කිරීමත් අත්‍යවශ්‍යයි. (නි)
විකාර දැකලා තියෙනවාද
හොද රටවල් එක්ක සම්බන්ධතා තිබෙන එකම මිනිහා රනිල්. (නි)
ආ, අපිට මතකයි තවම අතීතය (දී)
අනේ අපි නම් ඕවට අහුවෙන්නෙ නැහැ (දී)
පළමුව පක්ෂය ඇතුලේ හඩට කන්දීලා ඉන්න (දී)
තමුන්නාන්සේගේ කිසිම දෙයක් අපට එපා. (දී)
අපිට බඩු මිල අඩු වෙනවා නම් 17 නෙමෙයි, 117 හරි කමක් නැහැ. (නි)
වැඩක් නැහැ මහත්තයෝ මොකටද
ඒ මොකටද
රනිල් ආදර්ශයක් සැමටම. වාසි සදහා රනිල් ගැලරියට කතා කරන්නේ නැහැ. ඔහුගේ හැම කතාවකම අර්ථයක් තියෙනවා (නි)
රනිල් මහත්තයා හරි 17 වෙනස් කිරීම මගින් යම්දෙයක් රටට වෙනවා. බුද්ධිමත්ව ඒ ගැන හිතමු. එතුමාගේ දක්ෂතා උපයෝගී කරගනිමු. රට දියුනු කරන්න එතුමාට මේ ලෝකෙම හොදතැනක් තියනවා පිලිගැනිමක් තියනවා. ඒක අපේ රටට වාසියක්. (නි)
අනේ රනිල් මහත්තයෝ, අනුන්ගේ ස්වාධීනත්වය හොයන්න කලින් ඔබතුමාගේ පක්ෂයේ නිළතල ස්වාධීනද කියලා කියන්නකෝ. රටේ ගිනිගෙන දැවෙන ප්‍රශ්නවලට හේතුව ආණ්ඩුව නම්, ඒකට හරි හරියට මුක්කු ගහන ඔබතුමාත් ඒවට වග කියන්න ඕනෑ නේද කියලා හිතන්න. අනේ රටට ජනතාවට පොඩ්ඩක් හරි ආදරයක් තියේ නම්, දැන්වත් හිතන්න. දැන් කී සැරයක් නම් ජනතාව ඔබ පැරැද්දුවද ? (දී)
ගැලරියට කතාකරන්න විමල්ට කියන්න ඒවා අහල අපේ ය දැන් සැප විදිනවා !!(අ)
පොඩි එවුන්ට රචනාවකට දෙන්න හොද මර්තුකාවක් මතක් උන..2005 ජනාධිපත්වරණයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති උනානම් ප්‍රබාකරන් සහ කොටි සංවිදානය අද සිටින තෙන හා සිංහල ජනතාවගේ ඉරණම..ලියමුද බලන්න රචනාවක් කට්ටියට සටන් විරාම ගිවිසුම එහෙම මතක් වෙන්න්නත් එක්ක..(අ)
ඔබතුමා පැරදුනාට කමක් නැහැ. ඔබතුමා කරන දේ හරිද කියලා බලන්න. කුරුණෑගල දක්ෂම සහ ජනප්‍රියම පුද්ගලයා දයාසිරි, පොඩ්ඩ්ක් හිතලා බලන්න. අපේ ඡන්දය වෙනත් පක්ෂයකට දෙන්නේ. ඒක ඔබටත් නෙමේ, ආණ්ඩුවත් නෙමේ දෙන්නේ.දයාසිරි මැතිතුමනි, ජනතාව දමා යන්න එපා. (නි)
රනිල් හොඳ මහත්මයෙක් ඇත්ත,ඔහු හොරෙක් නෙමේ, ප්‍රජාතාන්ත්‍රවාදයත් ටිකක් රැකෙයි , ඊත් සුදුස්සාට නම් තැන දෙන්නේනෑ, තැන දෙන්නේ පන්දමුන්ට විතරමයි. අනිත් පක්ෂ නායකයින්ගේ වැරදි ගොඩයි එත් දක්සයින්ට තැන දෙනවා. එය ඔප්පු වී හමාරයි. බොරු නම් පොඩි අභියෝගයක්? මේ නිසා රනිල්ට දිනන්ද බැහැ ඊ ළඟ මැතිවරණයත්. ජයවේවා . දයාසිරි මැතිතුමනි දාල යන්ද එපා ගහල ගම්මු. (දී)
. රටේ සංශෝදන වලට කලින් පක්ෂයේ සංශෝදනයක් කරලා බලන්න රනිල් මහතයෝ (අ)
රනිල් මහත්තය ස්වාදීන කොමිෂන් සභා ඉල්ලන්නේ ජනතවගේ යහපතට..රනිල් කවදාවත් බලය තමුන්ගේ පෞද්ගලික වාසියට භාවිතා කරලා නැහැ.වැදගත් මහත්තයෙක්.අපිට කවද හරි දවසක හෙටක් තියෙන්නේ රනිල් බලයට අවොත් පමණි.රටේ නීතිය සහ යහපාලනයට රනිල් ආදර්ශයක්.එක තේරුම් නොගැනීම අපේ මෝඩකම.දේශපාලන වාසි සදහා රනිල් ගැලරියට කතා කරන්නේ නැහැ,ඔහුගේ හැම කතාවකම අර්ථයක් තියෙනවා.මගේ මේ අදහස දාපු ගමන් ගොඩක් මිනිස්සු මාවත් කොටියෙක් හරි බටහිරට කඩේ යන එකෙක් කියල කියනවා.නමුත් අපි ඇත්ත ඇති සැටියෙන් පැවසීම යුතුකමක්.(අ)
රනිල් මහත්තය යේ බටලන්ද කොමිසම පටන් ගන්නද හදන්නේ අපට නම් එපා (අ)
මේ කෝමිසොන් කියන වචනය අන්තිම බාලයි.කෝමිසොන් (සියට ගාන) අල්ලස අනික කෝමිසොන්(බලධාරියා).මෙතුමා ඉල්ලන්නේ කොය් කෝමිසොන් ද? දාමුද අලියට මොකද උනේ කියල කෝමිසොන් එකක්? (අ)
85% කට වඩා ලිවීම ,කියවීම,අතින් ආසියාවේ ඉදිරියෙන්ම සිටියත් සාමාන්‍ය බුද්ධිය අතින් නම් ලෝකයේ අන්තිම තැන ලංකාව කියලයි මට හිතෙන්නේ. (නි)
රනිල් මහත්යෝ රටේ අර්බුද විසදන්න කලින් ඔබගේ පක්ෂේ ඇතුලේ තියෙන අර්බුද විසදුවොත් නේ හොද.. රටේ අර්බුද විසදන්න ජනතාව නායකයෙක් තොරගෙන ඉවරයි නේ (දී)
ඔහොම යමු මහත්තයෝ! (නි)
85% කට වඩා ලිවීම ,කියවීම,සාමාන්‍ය බුද්ධිය අතින් ආසියාවේ ඉදිරියෙන්ම සිටින ලංකාවට දියුණු වීමට නොහෙකි වුනේ ජරා ජීර්ණ වුනු පක්ෂග්‍රාහි දේසපාලනය නිසාවෙනි..(අ)