දකුණු වෙරළ බඩ ප්‍රදේශ රැසකට ඉකුත් දා බලපෑ සැඩ සුළං හා වර්ෂාව හේතුවෙන් මිය ගිය හා අතුරුදන්වු ධීවරයින්ගේ නිවෙස් වලට ගිය විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය පළ කළේය.
මොරටුව,බේරුවල සහ බලපිටිය ප්‍රදේශයන්හි ධීවර ගම්මාන වලට ගිය විපක්ෂ නායකවරයා ධීවර ප්‍රජාවගේ ගැටළුද සාකච්ඡා කළේය.
එජාප මහ ලේකම් තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ විජයදාස රාජපක්ෂ , එ ජා ප මොරටු සම සංවිධායක සේනක දමයන්ත හා අවිස්සාවේල්ල ප්‍රධාන සංවිධායක උපුල් මාලේවෙන යන මහත්වරු මෙම අවස්ථාවට එක් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරවූ මේ දියේ මාළු නැතෝ.(නදී)
අයියෝ දෙන්නා ආවේ ඡන්දේ එකතු කරන්නද ? ඔයාලට දැන් යන එන මං නැති වෙලා... හුලගටද ඔය පැත්තට ආවේ ? මෙච්චර දවසක් කොහෙද හිටියේ?. ඔයාලව දකින්නත් නැතුව සැහෙන දුකෙන් අනේ හිටියේ. (ස)
කිසිම වංචාවක් නැති හොරකමක් නැති එකම නායකයා ඔබයි. ඔබට විතරමයි රට ගොඩගන්න පුළුවන් (නි)
මේ වැසියන්ට දැල් ටිකක් දෙන්න (අ)
වතුර නැති වලේ මාලු බාගන්න හදනවා. (අ)
අපිද රනිල්ට සොව පළ කරමු. (නි)
අනේ මෙහෙම දෙකින් විතරමනේ දැන් ඔයාව දකින්න තියෙන්නේ. (නි)
විපක්ෂයේ ඉන්නකොට මේගොල්ලන්ගේ කරේ නැගලා ඉන්න වුනත් ඉඩ දෙනවා. අපිට පුළුවන් රනිල් සහෝදරයා කියල කතා කරන්න. රජ වුනාට පස්සේ සහෝදරවරු සර් ලා බවට හැරෙනවා.(නදී)
දේශපාලකයෝ කියන්නේ පුදුම කට්ටියක්. චන්දෙ වෙනුවෙන් කියනවා අපි මෙහෙ පාලමක් දානවා කියලා. එහෙත් එහෙ ගංගාවක් ඇලක් දොළක් වත් නැහැ (නි)
සුගත් හීනයෙන් බයවෙනවද? (නි)
දුකට පත් දීවරයන්ට ඔබතුමාගේ පැමිණීම සතුටක්.(ස)
අනේ රනිල් මහත්තයෝ, මේ සුළි සුළඟ ආවේ රජයෙන් එන්න කියලද? (නි)
අප්පේ දැක්ක කල්.(නදී)
මෙහෙමවත් ගිහිල්ලා ඡන්ද ටිකක් ලබාගන්න පුළුවන් උනොත් ලොකු දෙයක් මහත්තයෝ.(නදී)
මේ සුළග රජයේම වැඩක් වගේ (ස)
මොකද ලකුණු දාගන්නද මල ගෙවල් පැත්තේ යන්න පටන් ගත්තේ ? මේ රටේ ජනතාව දැන් රවට්ටන බෑ කියල තේරෙන්න ඇති නේද ලැබුණු ප්‍රතිචාර වලින්.(ස)
අනේ අපි ආවොත් හුලන් ගහන්නේ නෑ. මේක ශ්‍රී ලංකා හුලගක් බොලන්.(නදී)
ඉහි ..ඉහි...මට ඇඩෙනවා දුකට?(නදී)
අප්පේ දැක්ක කල් තමයි (නි)
අනේ පව් දරුවෙක්වත් හිටියනම්. දෙශපලනයට යොදවන්න තිබුණා පොඩ්ඩක් අරි නම ගෙනියන්න.(අ)
ඔබතුමා මෙසේ පුවත්පතකින් හෝ දැකීමට ලැබීමත් සතුටක් (නි)
අනේ මේ නිකන් චන්ද ගුණ්ඩු දාන්නේ නැතුව ඉන්නවද? මිනිස්සුන්ට මොන හරි දිලවත් යනවනම් කමක් නැහැ. මොන කලත් ඔයාට ආයේ ඡන්දෙ ලැබෙන්නේ නැහැ.(ස)
අච්චරට මෙච්චරනම් මෙච්චරට කොච්චරද කියල කොච්චර ඇවිද්දත් ඔච්චර තමා රනිල් මහත්තයෝ. ඔයාට ආයේ චන්දෙ හම්බෙන්නේ නැහැ. ඔය තිස්ස මහත්තයවත් එක්කන් ආරාමෙකට යන්න.(ස)
මඩ නොගහ ඉදිරි යට යන්න දෙමු.(නදී)
ඔබ දැකීම අපිට හොඳයි. සජිත් මහත්තයවත් එක්කන් යන්ඩ. මොනව හරි ඔය දුප්පත් මිනිසුන්ට දෙන්ඩ. තව ටිකක් මහන්සි උනොත් අනාගතේ හොඳයි.(නදී)
හොඳම පරාජය ගිනස් වාර්තාව හිමිකරු.(ස)
දවසේ හොඳම විහිළුව. (ස)
චතුල වෙරෝනා නැතිව ඉතින් එතුමා ඉතාලියට එන්නද ඔයාව බලන්න. එතුමා පත්තර වල ට්වී එකේ ඉන්නවා හැමදාම.(නදී)