රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අද (16)අලුයම තුනයි තිස්පහට බෙල්ජියමේ බ්‍රසල්ස් බලා කටුනායක ජාත්‍යන්තර ගුවන් නොටෙන් පිටත්ව ගියේය මහින්ද රජය සමයේ අහෝසි කල ජී එස් පී බදු සහනය යලි ලබා ගැනීමේ සාකච්ඡාව සඳහා අගමැති සමග අටදෙනෙකු ගමනට එක්වූහ.
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අද (16)අලුයම තුනයි තිස්පහට බෙල්ජියමේ බ්‍රසල්ස් බලා කටුනායක ජාත්‍යන්තර ගුවන් නොටෙන් පිටත්ව ගියේය මහින්ද රජය සමයේ අහෝසි කල ජී එස් පී බදු සහනය යලි ලබා ගැනීමේ සාකච්ඡාව සඳහා අගමැති සමග අටදෙනෙකු ගමනට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහේ ගියදෙන්. තව කොච්චර කල් යන්නද? (බ)
යන දේවාලෙක ගියාට කමක් නැහැ, හැබැයි අපේ උඩට තමා කොහෙන්හරි එන්නේ හැම වියදමක්ම. ගහන ගහන හෙණ පහත් වෙන්නේ අහිංසක ජනතාව මතට. නුඹ නාඩන් නුඹ නාඩන් අපිට මේවා හොඳ පාඩම් (නි)
ඇන්ටාටිකාවට යන්නේ කවදාද දන්නේ නැහැ (නි)
මම දන්නේ නැති නිසා අහන්නේ. රනිල් විදේශ කටයුතු අැමතිද? අගමැතිද? (නි)
අනේ මන්දා! අන්තිමට ඔය ගමන් බිමන් වලට යන වියදමත් ජනතාවට ගෙවන්න වෙනවා ඇරෙන්න වෙන දෙයක් වෙන්නේ නැති පාටයි. ඔන්න ඕක අතහැරලා අර සේද මාවතටවත් එකතු වුණා නම් මෙලහටත් ගොඩක් දුර ගිහිල්ලා. (නි)
අගමැති විදේශ ඇමති වගෙයිනේ. ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති කෙවින් රඩ් ඔහොම ඇවිදින්න ගිහින් 2010දි අන්තිමට තමුන්ගේ අගමැතිකමත් නැතිකරගෙන නැවතුනේ. (නි)
යනවා යනවා යනවා.... ඉවරයක් නැහැනේ (නි)
අනුර හරි. ඔහොම ගිහින් කවදාහරි ඔය පස්සෙන් එන අය වැඩි දෙනෙක් නැහැ කියාවි (නි)
තව අවුරුදු 100කට විතර ලංකාවට ඔලුව උස්සන්න බැරිවෙන්න වැඩ නම් සිද්ධවෙයි (නි)
බදු සහන දෙන්නේ නැත්නම් ඇයි බලෙන් අපිත් දෙන්න යන්නේ. ඇමරිකාවේ වෙළෙඳ පොලක් තියෙනවා. චීනේ වෙළඳ පොලක් තියෙනවා. අප්‍රිකාවේ වෙළඳ පොලක් තියෙනවා. ඉන්දියාවේ වෙළඳ පොලක් තියෙනවා. අපි අඩු මිලට විකිනෙන්න ඕනේ නැහැනේ. (අ)
එයා එනවා මෙයා යනවා..මේ සැරේ දෙන්නම ගිහින්..ඉන්න දවස් ටිකේ ලෝකයේ අනිත් රටවල් ටිකත් බලල එන්න..රටට වෙන සුගතියක් නැහැ ඔය ගමන් වලින්..සල්ලි කාබාසිනියා කරන එක විතරයි වෙන්නේ.(අ)
එතුමාට වැඩකරන්න දීලා හිටියානම් නරකද (අ)
අගමැති ගිහින් කතා කරන්නේ නැතුව ඔය කයිවාරු ගහන අය යන්නද? ජාත්‍යන්තරයට ගිහින් කොළ බලන්නේ නැතුව කතා කරන්න පුළුවන් කාටද කියලත් කිව්වා නම්? (නි)
අැයි ඉතින් ඕකට 8දෙනෙක්ම ගියේ ? අගමැතියි විදේශ ඇමැතියි ගියානම් ඇතිනේ..? මෙයාලට කිසිම වුවමනාවක් නැහැ වියදම් අඩු කරගෙන ..වැඩ කරන්න .මොකද ඉතින් .ලංකාවේ මිනිසුන් ජීවිත කාලය ම දියවන්නාවට කඹුරනවා කියල දන්නවනේ ..(බ)
අනේ අපොයි රටේ සල්ලි! වැඩක් ඇති දෙයක් කරනවා නම් තමයි හොඳ. (නි)
රට ගොඩගන්න උත්සාහ කරන අයට අකුල්හෙළන දේශපාලුවන් සහ කුහක ජන කොටස් නිසා තව දුරටත් රට අගාධයට පත්වෙමින් පවතියි. (නි)
ජයතු ලංකාවේ කෙනෙක් නෙමෙවගේ. යහපලානේ රට ගොඩ ගැනීම ගැන මොන කතාද(රේ)
සුබ ගමන්.(හේ)
සුබ ගමන්.(හේ)
දැන් ඉතින් රට කොහොමත් පාලනය කරන්නේ ජාත්‍යන්තරයනේ. (හේ)
අපිත් මේ බල බලා උන්නේ අගමැතියි ජනාධිපතියි පිටරට යනකල් ... ඒ ගොල්ලන්ට ජය වේවා... ඒ අයට හැමදා ජය අපිට හැමදා පරා ජය....(බ)