ලක්ෂ 30 ආසන්න ජනතාවකට සින්නක්රවම දේපළ හා නිවාස අයිතිය දෙන බව යහපාලන සඳහා එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ මධ්‍යකාලින ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමිසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (05) පැවසිය.
වසර දහයකට වඩා වැඩි කාලයක් බලපත් ලාභි ඉඩම්වල ජිවත් වන ජනතාවට සින්නක්කර අයිතිය දෙන අතරම රජයේ කුලි නිවාසවල වසර දහයකට ජිවත් වැඩිකාලයක් සිටින අයට ද ඒ නිවාස වල අයිතිය සින්නකරව හිමිකර දෙන බවද වික්‍රමසිංහ මහතා කියා සිටියේය.
වසර පහක දී රැකියා දස ලක්ෂයක් බිහි කිරිමේ අරමුණින් ආයෝජන සඳහා වන සියලු බාධක ඉවත් කර බව ද වික්‍රමසිංහ මහතා කීවේය.
රැකියා දස ලක්ෂය බිහිකිරිමේ වැඩපිළිවෙළට දේශිය හා විදේශිය ආයෝජකයන් එකතු කර ගැනිමේ අංග සම්පුර්ණ වැඩපිළිවෙළක් ද ඇතැයි වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට විස්තර කර සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලාංකික ජාතියට නව දැක්මක් සහිතව පෙරට යන ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඉදිරි පියවරක් තබා ඇත. ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ගෙනඒමේදී සමහර නොමිලේ දෙන දේ නැතිවීමට ඉඩ ඇතත් , අපි අලුතින් සිතා වැඩකිරීමට තවමත් ප්‍රමාද නැති බව අවබෝධ කරගෙන ඇති බව පෙනේ. (නි)
අය වැය අංක 1 ද? දැන් රවීගේ අය වැයට කියන්නේ මොනවාද? නරි නාටක!..(රේ)
ඔබ තුමාට ඔය ටික කරන්න බැරිනම් කරන්න කෙනෙකුත් නෑ...ඔබ තුමාට ජය (රේ)
මහත්තයෝ මේක නම් කොලොම් පුරයත් නැගෙන හිරත් ප්‍රධාන නගරත් වෙනත් කට්ටියකට පවරා දෙන්න ගත්ත තීරණයක් චන්දෙ දීපු නිසා ද ?(රේ)
අපේ මල්ලිට තරු පෙනෙන්නේ තව අවුරුදු පහකින් ප්‍රධාන නගර බලෙන් අල්ලාගෙන ඉන්නේ කව්ද ? (රේ)
ඔබතුමා අපිට ශක්තියක් මහත්තයෝ....(රේ)
ආර්ථිකය සවිමත්කිරිම ද අත්‍යාවශ්‍යය ඊට පෙර රටේ අපරාධ නැවත්වීමට කඩිනම් පියවර ගමු.නිතිය හා සාමය සදහා ශක්තිමත් ඇමති ,නියෝජ්‍ය ඇමති කෙනෙක් පත්කරමු. (ම)
අනුර මහත්මා කියන කතාවත් වැරද්දක් නැත. කොළඹ ඉපදුන අපට අගනුවර පාරවල් වල එහා මෙහා යන්න වෙලා තියෙන්නේ පිට රටකට ගිය මිනිස්සු වගේ දැන්. නගරයම ඔවුන්ගේ පාලනයට නතු වී හමාරය.(ම)
ඔබතුමාට ජයවේවා! (නි)
අනුර,දිලිප්, තවම පෙරහැර පෙළ ගැහෙනවා ,යන්න පටන් ගත්තේ නැහැ...(රේ)
වර්තමාන තත්ත්වය අනුව දේශපාලකයන්ගේ ප්‍රකාශ ජනතාවට පිළිගැනීමට හැකිවන්නේ ඒවා ක්‍රියාත්මකවීමෙන් පසුවය. (නි)
අපි සැමදා පොරොන්දු අසාගෙන ඉඳිමු ! (නි)
ඔබතුමා අපිට ශක්තියක් මහත්තයෝ (නි)
ඔබතුමාට ජයවේවා! (නි)
ජනාධිපති මැතිවරණයටත්, පාර්ලිමේන්තු මැතිවරණයටත් ප්‍රථමද විවිධ ප්‍රකාශ කළ අයුරු අපි දුටුවෙමු. තවමත් ප්‍රකාශ කරමින් සිටී. නමුත් කළ දෙයක් නම් අපි නොදුටුවෙමු. (නි)