අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දින පහක නිළ සංචාරයක් සඳහා අද අළුයම ජපානයට පිටත්ව ගියේය.
කැතී පැසිෆික් ගුවන් සේවයට අයත් සී.එච් 610 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍යවරයා සමග විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු 8 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක්ද පිටත්ව ගිය බව වාර්ථා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට සදා ජය! (නි)
ඔබ රටට වාසනාවන්! (නි)
ලංකාවට ජය වේවා! (නි)
අපිට ඔබ විශ්වාසයි. මගේ සුබ පැතුම්! (නි)
ජය වේවා ඔබතුමාට! (නි)
අපිට විදුලි දුම්රිය ජපානයෙන් ලබා ගන්න. මේක සිහිනයක්. චිනාවත් අමතක කරන්ඩ එපා. (ර)
රට ඉදිරියට ගෙනියන්න ලෝකේ දියුණු රටවල් එක්ක ඉතා හොදින් වැඩ කරන්න ඕනි රනිල් මහත්තයා දන්නවා වැඩේ හරියට කරගෙන යන්න. හැමෝම කැපවීමෙන් වැඩ කෙරුවොත් රට ඉක්මනට දියුණු කරන්න පුළුවන්. (ර)
ජපානෙට 8 දෙනෙකුගේ ටිකට් වලට විතරක් ලක්ෂ 5 කට වැඩිය ඕනේ. අඩු වියදම් නිවාසයක් නිවාස නොමැති පව්ලකට ලබා දෙන්න පුළුවන්. අගමැතිතුමාටත් ,විදේශ ඇමැතිතුමාටත් ගිහිල්ලා අනිත් අය සැටලයිට් දුරකථන ඔස්සේ සම්බන්ධකර ගන්න තිබුනේ. (ර)
දිමුතු දින පහක් අඩුම තරමින් පැය දෙකක් විතර ලංකාවේ තියලා යන්න කියන කට්ටියට සැටලයිට් දුරකථන ඔස්සේ කතා කරපුවාම බිල කියක් විතර වෙයි කියලද හිතන්නේ? (ර)
ජයවේවා අගමැති තුමණි. (ර)
දිමුතු, ගැන දුක හිතෙනවා. (ර)
ඔහෙටම වෙලා ඉන්න (බ)
ගරු ජනාධිපතිතුමනි, රැකියාවක් තියෙන කෙනෙකුට කොහොම හරි වාහනක් ගන්න පුළුවන්. රැකියා විරහිත තරුණ තරුණියන් වාහන පර්මිට් එකකුත් 100% ලීසිං ණයකුත් ලබා දෙන්න. අපිට එතකොට ව්‍යාපාරයක් හරි කරගෙන ජීවත් වෙන්න පුළුවන්. (බ)
ලලිත්, දැන් දුරකථන ගාස්තු ගොඩක් අඩුනේ (නි)
නැවතුන සංවර්ධන වැඩත් අාරම්භ වන්නේනම් තවත් හොදය (බ)
දිමුතු වගේ උදවිය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලට ගත්තා නම් මොනවා වේවිද කියලා මම කල්පනා කරන්නේ. රාජ්‍ය තාන්ත්‍රික සේවාව කියන්නේ දුරස්ථ සන්නිවේදනය මඟින් අපේ තරුණ පරම්පරාව මල් කඩනවා වගේ වැඩක් කියලාද කොහෙද එයා හිතන්නේ. (නි)
මේ වෙනස අපි බලාපොරොත්තු වූ වෙනසක්. ජයවේවා! (නි)
සුබ පැතුම්! (නි)
ඉස්සර කාලෙ නම් මෙහෙම ගමන් වලට මොනතරම් සේනාව යනවද? දැන් කොච්චර වෙනස්ද? (නි)
සුබ පැතුම්! (නි)
දිමුතු කියන දේ ඇත්ත. අපි දුප්පත් රටක් කියන දේ ලෝකෙම දන්නවා. මේ නිසා වියදම් අවමකර එම මුදල් නිවාස නැති අයට නිවාස දීමට මන්දපෝෂණයෙන් පෙළෙන ජනතාව ඉන් මුදවාගැනීමට ආයෝජනය කළයුතුයි. රජය විශාල ප්‍රමාණයේ සම්මන්ත්‍රණ සඳහාම භාවිත කරන විශාල ප්‍රමාණයේ ඩිජිටල් තිර මිලදීගෙන ඒවා විදේශ සාකච්ඡා සඳහා භාවිතා කරන්නේ නම් විශාල ලෙස විදේශ ගමන් අවම කරගන්න පුළුවන්. මේ තිර මඟින් කරන සාකච්ඡා ළඟ ඉඳගෙන කරන සාකච්ඡා වගේමයි. (නි)
ජගත්, ඔයා හරියට හරි. මෙමඟින් වැයවන්නේ අන්තර්ජාල ගාස්තු පමණයි. (නි)
ඉස්සර ජේ. ආර්. ජයවර්ධන මහත්තය අගමැති වෙලා ජපානෙට ගිය වෙලාවේ එතුමා වෙනුවෙන් ජපානේ කෝච්චි වල 'JR' කියලා ගහලා තිබුනා කියලා ඒ කාලේ එක්සත් ජාතික පාක්ෂිකයෝ කිවුවා මට මතකයි. (නි)
ජපන් වාහන වල ගණනුත් නග්ගපු වෙලාවේ එහෙ ගියේ මොකටද දන්නේ නැහැ (නි)
ඇමෙරිකාව , එංගලන්තය වැනි රටවල විදේශ ගමන් අවම කිරීම සඳහා ජගත් කියන තාක්ෂණය භාවිතා කෙරෙනවා. වසරකට දේශපාලකයින් , පරිපාලන නිලධාරීන් විශාල සංඛ්‍යාවක් රජයේ වියදමින් විදේශ සංචාරවල නියැලෙනවා. මේ ඇතැම් ගුවන් යානා විදේශීය ගුවන් යානා. ජගත් පෙන්වා දෙන මෙම තාක්ෂණය භාවිතා කිරීමෙන් ,වැයවන අතිවිශාල ධනස්කන්දය, විදේශ විනිමය ප්‍රමාණය ලක්ෂ 10 ක් වැනි මුදලකින් බේරාගන්න පුළුවන්. මෙම ඩිජිටල් තිරවලට වසර 25 ක් වැනි ආයු කාලයක් තිබෙනවා. කාලෝචිත යෝජනාවක්. අතේ හුරුව අවශ්‍ය පුහුණු වැඩසටහන් වලට පමණක් රජයේ වියදමින් අවශ්‍ය නිලධාරීන් යැව්වට කමක් නැත. නමුත් මෙවැනි සංචාර වසරකට සිදුවන්නේ අවම වශයෙන්. මේ ඉතුරුවෙන මුදල් වලින් ජනතාවට විශාල වශයෙන් බදු සහන දිය හැක. (නි)
රටේ හෙට දිනයට පෙරදිගින් උදාවන හිරු (නි)
අනුර මහතාණනි, මේ තාක්ෂණය මගින් කෙරෙන සාකච්ඡ මුදල් ඉතිරි කර දෙනවා පමණක් නොව, වඩාත් පලදායි බව සමීක්ෂණ මගින් සොයාගෙන තිබෙනවා. තමුන්ට හුරු පරිසරයක සිට සාකච්ඡාවට සහබාගි වීම, ගමන් මහන්සියක් නොමැතිවීම ආදී කරුණු රාශියක් මීට බලපානවා. (බ)
අගමැතිතුමාට ජයවේවා! (නි)
කින් බෙනට්, වාහන බදු ඉවත්කරවා ගැනීමට මුළු රටම පෙළගැසිය යුතුයි (නි)
ලලිත්, මමත් එහෙම කතාවක් අහලා තිබුණා. (නි)
ජයෙන් ජයම වේවා! (නි)
අපේ රට දැන් තමයි ලෝකයේ තිබෙන වටිනා රටවල් සමඟ සම්බන්ධතා ශක්තිමත් කරන්න කාලෙකට පස්සේ නැවත පටන් ගත්තේ. පසුගිය කාලේ අපේ රටට කිසිම පුර්වාදර්ශයක්, මඟපෙන්වීමක් ලබාගන්න බැරි, අපිටත් වඩා පහළින් හිටිය රටවල් එක්ක පමණක් සම්බන්ධතා පවත්වමින් අපේ රට තවත් ආපස්සට අරගෙන ගියා. රනිල් මහත්තයෝ,ඔබතුමාට බොහොම හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා ඔබේ ඒ සුපිරි හැකියාවන් රටට පෙන්නන්න. ඒවායේ ප්‍රතිඵල අපේ රටට ලබාදෙන්න. ඒ අවස්ථාව උපරිමයෙන් ලබාගන්න. අපි බලා සිටිනවා (නි)
ඔය වැඩේ දුරකථනයෙන් නොකර ජපානයට ගිය එක වැරදියි කිවුවට සමහර වැඩ තිබෙනවා දුරකථනයෙන් බැරි වැඩ. (නි)