දේශපාලනයේදි ඉවසීම අවශ්‍ය නමුත් හිටපු මන්ත්‍රි දයාසිරි ජයසේකර ළග ඒ ගුණය මෙන්ම උපකාර කරන්නාට කළගුණ සැළැකීමේ ගුණයද නොවී යැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
අංගුත්තර නිකායේ උදකරාජ සුත්‍රය ගෙනහැර දක්වමින් වික්‍රමසිංහ මහතා කීවේ ලොව විල් හතර වර්ගයක් ඇති බවයි.
ගැඹුරු ලෙස පෙනෙන නොගැඹුරු විල්,නොගැඹුරු ලෙස පෙනෙන ගැඹුරු විල්,ගැඹුරු ලෙස පෙනෙන ගැඹුරු විල්,නොගැඹුරු ලෙස පෙනෙන නොගැඹුරු විල්. පුද්ගලයින් සම්බන්ධයෙන්ද එම ධර්මතාව ගැළපෙන බව වික්‍රමසිංහ මහතා කීවේය.
බුදුන් වහන්සේ සැරියුත් හිමියන්ට වදාළ ධර්මයක්ද වික්‍රමසිංහ මහතා ගෙන හැර දැක්වීය. උපකාර කරන්නාද උපකාර ලබන්නාද කෘතවේදී විය යුතු බව ඉන් කියවෙන බවත් එය දයාසිරි ජයසේකර මහතාට සිහිපත් කර දෙන බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ල නැතිවෙන සුළුය කියල හිතල, (අ)
හරිහමන් විපක්ෂයක් තිබුනානම් වැලිවෙරියේ ප්‍රශ්නයම ඇති ආණ්ඩුව ගෙදර යවන්න විපක්ෂයත් ඉතින් ආණ්ඩුවේ නියෝජිතයෙක් වගේනේ හැසිරෙන්නේ දෙයියංගෙම පිහිටයි (දී)
කොහොම හරි කමක් නැහැ රටට තියෙන ණය ටික බේරලා දාන්න (දී)
කවදාවත් බලයට එන්න කිසිම උවමනාවක් නැති නායකයෙක්. අඩුම ගානේ කතා කරන්න පෞර්ෂයක් තියන එක්කෙනක් ඉන්නවද ? අම්මෝ අර මහා ලේකම් තුමා කතා කරද්දී වස අප්පිරියයි . අපේ නැන්ද ඊට වඩා හොදට කතා කරනවා. (දී)
ඔබතුමා, රටේ අනිත් දේශපාලන නායකයන් බොහොමයක් එක්ක සසඳන විට දක්ෂ උගතෙක්. ඔබ තමයි තරඟ විභාග මගින් ගුරු පත් වීම දෙන්න ක්‍රියා කළේ. විද්‍යාපීඨ ඇරඹුවේ ඔබතුමා. හොරකම් සම්බන්ධ චෝදනා ඔබතුමාට නැහැ.එහෙත් ලංකා ඉතිහාසයේ අතිවිශාල සේවයක් කළ පක්ෂයක නායකයා ලෙස එම පක්ෂය හසුරුවා ගැනීම් හා පක්ෂයේ දක්ෂයන් රැකගෙන ඒ අයත් එක්ක අත්වැල් බැඳගෙන පක්ෂය ඉදිරියට ගෙන යාමේ කාර්යය කිරීමට ඔබ අසමත් වී තිබීම ඉතාම කනගාටුදායකයි. (නි)
වැඩක් නැහැ වැඩක් නැහැ. හුගක් කට්ටියට තේරෙන්නේ වෘෂභ සුත්‍රය පමනි (නි)
විශ්ව ,යශෝදා,ලලිත් ,හේවා, සුජීව ,මධු මනෝවෛද්‍යවරයෙක් ලඟට ගිහින් මොලේ ටිකක් සෝදලා පිරිසිදු කරගත්තොත් නේද හොඳ ?ඔබලා සියල්ලෝම සිහින මාලිගා කාරයෝ (දී)
ඒක නම් ඇත්ත. ඔය ඉවසීමේ ගුණය නිසානේ එතුමා තවම ඉවසගෙන ඉන්නේ. (නි)
රනිල් මැතිතුමා පටලව ගන්නෙ නැතුව මේ විල් හතර ගැන කොහොම කිවුවද කියලා මට හිතාගන්න කොහොමටවත් බැහැ. එතුමා සිංහලෙන් මොනවා හරි කියන්න ගියොත් අනාගන්නවා. නමුත් මම හිතනවා එතුමාට එක වරක් හෝ ජනාධිපතිකම ලැබිය යුතුයි කියලා. රටට හොඳ සේවයක් කරන්න එතුමාට ඉතා හොද හැකියාවක් තියෙන බවට කිසිම සැකයක් නැහැ. එතුමාට සුබ අනාගතයක් පතමි. (නි)
රනිල් බණත් දන්නවද? (නි)
දයාසිරි හරි රනිල් මොනවද කියවන්නේ (දී)
අශ්වයෝ ටික ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැ විපක්ෂ නායකතුමනි.දැන් ඉතින් අශ්වගාල සුද්ද කරලා වහලා දමන එක තමයි තියෙන්නේ.මේ රටේ මේ වෙන හැම දෙයටම විපක්ෂය වග කියන්න ඕනෑ. ප්‍රබල විපක්ෂයක් තියෙනවා නම් කිසිම ආණ්ඩුවකට හිතුමතේට නටන්න බැහැ. (නි)
විපක්ෂ නායක තුමනි අපි ඔබ සමග (දී)
විපක්ෂ නායක තුමනි අපි ඔබ සමග (දී)
රනිල් නායකතුමනි, කව්රු මොනව කිවුවත් ඔබ සන්සුන්ව අපේ රටේ අනාගතය ගොඩ නගන්න අදිටන් කර ගන්න (නි)
විපක්ෂ නායක තුමනි අපි ඔබ සමග (දී)
රනිල් නායකතුමනි, කව්රු මොනවා කිවුවත් බුද්ධිමත් ජනතාව ඔබ කවුද කියලා තීරණය කරලා අවසන්, රටේ අනගතයක් පෙනෙන්නේ නැති අය මෝඩ කතා කියනවා. ඔබ සන්සුන්ව අපේ රටේ අනාගතය ගොඩ නගන්න අදිටන් කර ගන්න. වැඩි ඈතක් නැත ඔබේ ජයග්‍රහනයට. එහි ලක්ෂණ සදහන් නොකළාට දැන් පෙනෙනවා නේද? මගේ ශ්‍රී ලංකාව බුද්ධිමතුන්ගේ දේශයක් හැටියට ලෝකය ඉදිරියට ගෙනියන්න ඔබට ලැබේවා. (නි)
විපක්ෂ නායක තුමනි අපි ඔබ සමග (දී)
හාමුදුරුවොත් එක්ක කථා කරලම මේවා මෙහෙම කියවන එක හොදයි වගේ. (නි)
අනේ සාදු! දැන්වත් මෙතුමා දේශපාලනයෙන් ඉවත් වෙලා යන තැනකට වැඩක් කරගන්නවා නම් හොඳයි. (නි)
ඇත්තටම රනිල් කියන්නේ ඇත්ත.දයාසිරිට අනෙක් පැත්තට ගිහිල්ලා ඉසුරු ලබාගන්න උදව් කළේ රනිල්. (නි)
මම නම් මෙතුමාට පුද්ගලිකව මනාප නැහැ (නි)
මේ කරන හරියට දාන සුත්‍ර මදිද? පෙන්නපු සුත්‍ර ,රාග තාල, නටාපු තොවිල් රටේ සියලු ජනතාව හොදින් දන්නවා (නි)
කාගෙන්ද දන්නේ නැහැ අහගත්තෙ ඕවා.අයෙමත් අනාගන්න වගේ හදන්නේ බැරි ඒවා කියන්න ගිහින්. (නි)
සිවුරක් දාගන්නකෝ ඔබතුමා. බලන්නකෝ කොච්චර බුද්ධිමත්ද කියන දේවල් (නි)
"තණ්හාය ජායති සෝකෝ" කියලා ඔබතුමා තීරණයක් ගත්තොත් නරකද? (නි)
අනේ දරුවෝ,නොගැඹුරු ලෙස පෙනෙන ඒවා ගැඹුරු විල් විය හැක. (නි)
දේශපාලකයෝ ගැන මගේ නම් පැහැදීමක් නැහැ (නි)
ඕවා අද කාලේ අයට තේරෙන්නේ නැහැ (නි)
ඔබතුමා වැරදි වෙන්න පුළුවන්. ඒ වුණාට කවුරුවත් "පුද්ගලික වාසි තකා" පක්ෂයෙන් පැනීම හරියි කියලා ඒකෙන් කියවෙන්නේ නැහැ. කොහොමත් ඔබතුමා බොහොම "නිවුණු " ධර්ම පාඨයකින් පිළිතුරු දීලා තියෙනවා. ඉස්සර නම් සමහරවිට වසල සුත්‍රයෙන් ධර්ම පාඨයක් ඉදිරිපත් කරන්නත් ඉඩ තිබුනා. (නි)
විරුද්ධ පක්ෂයේ ඉන්නකොට කොහොමත් බුදුබණ මතක් වෙනවාලු. (නි)
"බලන් අසිරි - දයාසිරි" (නි)
දැන් ඉතින් එක එක්කෙනා මාරු වෙන කාලෙනේ. ඒ ඔක්කොටම උත්තර දෙන්ට ඔය සූත්තරේ මතක තියාගන්න හොදද? (නි)
අපිට නොතේරුන සත්‍ය එතුමා දකිනවා. එතුමාට කවුරුවත් ලියලා දෙන්න ඕනෑ නැහැ. එතුමා උගතෙක්, නියම බෞද්ධයෙක් (නි)
අනේ රනිල් දැන් බණත් කියනවද? (නි)
අනේ ඔයා ඕක නවත්තාගන්නකෝ (නි)
දියෙහි යන දණ්ඩට - පිහිටක් වෙතත් පෙරසිට වයඹ මහ චන්දෙට - නොවව් පිහිටක් දයාසිරිලට (නි)
දයාසිරි මහත්තයෝ පුළුවන් නම් රනිල් මහත්තයට දාපු පාට් ජනාධිපතිතුමාටත් දාල බලන්න. එහෙනම් පැය 24 න් ගෙදර තමයි. (අ)
දැන් අතීතය අමතකද? (නි)
රනිල්ට බුද්දාගම ඉගැන්නුවේ කවුද දන්නේ නැහැ. කොහොම වුනත් බෞද්ධ දර්ශනය තවදුරටත් හදාරන්න. එතකොට පුළුවන් වේවි තවත් අවුරුදු 20 කින් විතර ආණ්ඩුවක් පිහිටුවා ගන්න තැනට වැඩ සලස්වා ගන්න.(අ)
අනේ දයාසිරි මහත්තයෝ,අර කොටි 25හෙන් 5ක් විටර මෙයට දීල දන්නා (දී)
අනේ මන්දා මෙතුමත් කරන වැඩ? (නි)
ඔබ බුද්දිමත් ,ඒවාගෙම තරුණයින්ට තැන දී පක්ෂය එකමුතු කර ගනිමු ,ජය නියතයි. (අ)
එහෙමයි ..සාදු....මේ බණ අසා සියලු අලි සුවපත් වේවාග (අ)
වයසට යනකොට බණක් දහමක් කරගෙන පැත්තකට වෙනවනම් ලොකු දෙයක්. (දී)
මේවා ජාතික ප්‍රශ්න
ලොකු වැඩක් කරලා (දී)
මෙම ධර්මතා මෙයත් කලින් අවබෝධ කරගෙන හිටියානම් කොපමණ හොදද? (අ)
ඔබතුමාගේ ඉවසීමේ ගුණය අති විශිෂ්ටයි.ඔබ නියම හස්ති රාජයෙක්.කාලය සියල්ලට පිළිතුරු දෙනු ඇත.අප බලා සිටිමු. (දී)
මීට කලින් එකෙන් ආණ්ඩුව ශක්තිමත් කරන්න ආපු අය ආවෙ ජනතාව දහස් ගණනින් ආණ්ඩුව වටා එකතු වෙන මොහොතක. දයාසිරි මහත්තයා ආණ්ඩුව ශක්තිමත් කරන්න ආවෙ මිනිස්සු දහස් ගණනින් ආණ්ඩුවෙන් ඈත් වෙන වෙලාවක. මෙයාලටත් මිනිස්සු ඡන්දය දේවිද? (දී)