IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රනිල් ඉන්දියාවේ සංචාරයකට සැරසේ

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරි සති දෙක ඇතුළත ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව නිව් ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත් වෙබ් අඩවිය කියයි.

එම වාර්තාවේ සඳහන් වන්නේ එම සංචාරයේ කාල සටහන සකස් කිරීමේ කටයුතු දෙරටේ බලධාරීන් විසින් අවසන් කිරීමේ කටයුතු සිදු කරමින් සිටින බවයි.

ඉකුත් ජනවාරි 8 වැනි දා හා අගෝස්තු 17 වැනි දා පැවති මැතිවරණ වලින් පසු වික‍්‍රමසිංහ මහතා විදෙස් සංචාරයකට එක්ව වන ප‍්‍රථම අවස්ථාව මෙය වේ. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ද ජනාධිපති වීමෙන් පසු පළමුවෙන්ම නිල විදෙස් සංචාරයක නිරත වූයේ ඉන්දියාවේය.

නිව් ඉන්දියන් එක්ස්ප‍්‍රස් වාර්තාවේ සඳහන් වන්නේ වික‍්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් පසු එරට සංචාරය කරනු ඇති බවය. මෙම සංචාරයේ දී ඔහු ඉන්දීය රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා කරනු ඇතැයි සඳහන් වේ.



අදහස් (0)

රනිල් ඉන්දියාවේ සංචාරයකට සැරසේ

යොහාන් Wednesday, 02 September 2015 01:54 PM

රට රටවල් අතර සම්බන්ධතා වැදගත් (නි)

:       0       0

නිවන්තක Wednesday, 02 September 2015 02:56 PM

ඔබට සුබ ගමන්! (නි)

:       0       0

වයිකෝ Wednesday, 02 September 2015 07:45 AM

වෙඩි තියන්න එපා (අ)

:       0       0

බින්දු Wednesday, 02 September 2015 07:49 AM

අපේ රටට හානි වෙන කිසි දෙයකට ඉන්දියාවත් සමග එකඟ වන්න එපා. විශේෂයෙන් එපා අපිට සීපා (බ)

:       0       0

ධම්ම Wednesday, 02 September 2015 07:53 AM

රනිල් මහත්තයා ඉක්මන් වෙන්න කාරී නෑ. ඉවසිල්ලේ වැඩ කරන්න. (අ)

:       0       0

සිල්වා Wednesday, 02 September 2015 07:56 AM

ගරු රනිල් කියන්නේ මොලයක් නළුවෙක් නෙවෙයි එතුමා දන්නවා මොකක්ද වෙන්න ඕනි කියලා පරිනත දේශපාලනයේ අරටුව ගරු රනිල් මාස 60න් රට දියුණුව කරා ගෙනියාමට ශක්තිය ලැබේවා ! (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 02 September 2015 07:58 AM

ඉන්දියාවත් ලංකාවත් එකට යා කරන පාලම් ගහන්න සැලසුම් කරන්න එපා.අපිට අපේ අනාගත දරුවන්ට දෙවියනේ කියල ජිවත් වෙන්න ඉඩ තියන්න. (අ)

:       0       0

ජෝසෆ් Wednesday, 02 September 2015 08:11 AM

ගරු අගමැති තුමනි: මෙන්න මේ දේ අවධානයට ගන්න. ඉන්දියානු ජාතිකයින්ට විවාහ වුණු ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ ජීවත් වීම සඳහා කිසිම වැඩ වල යෙදීම සම්පූර්ණයෙන්ම තහනම්. මේක විශේෂයෙන් බලපාන්නේ සිංහලයන්ට විතරයි. මානව අයිතිවාසිකම් ගැන සලකල ඒ රටේ ඉන්න සිංහලයන්ට අඩු තරමින් පෞද්ගලික සමාගම් වල තාවකාලිකව වැඩ කරන්න දෙන්න කියන්න. (බ)

:       0       0

වැකෝ Wednesday, 02 September 2015 08:18 AM

ජනවාරි 8 වැනිදා අගමැති පුටුවට අාවේ හොර පාරෙන් (බ)

:       0       0

රූපවතී Wednesday, 02 September 2015 04:32 PM

කොහේ ගියත්, මොනවා කෑවත්, මොන හෝටලේ හිටියත් කමක් නැහැ.අපේ මුදල් නෙමෙයි නම්. ඒත් එක දෙයක් කිවයුතුයි.කාගේවත් සිත් සතුටු කිරීමේ අරමුණින් අපේ රටේ ජනතාවගේ අයිතීන් නැති කරන්න එපා.කොටින්ම අපට අර පාලමයි, සීපා ගිවිසුමයි එපා. (නි)

:       0       0

සමිත් Wednesday, 02 September 2015 08:41 AM

දිනන උදවු කලාට ඉස්තුති කරන්න වෙන්න ඇති (අ)

:       0       0

ඉන්දික Wednesday, 02 September 2015 08:47 AM

විපක්ෂ නායකයා සඳහා අනුමැතිය ගැනීමට වෙන්න ඇති! (අ)

:       0       0

ගැමුණු Wednesday, 02 September 2015 09:15 AM

අගමැති තුමාගේ අභිනව විදේශ සංචාරය සාර්ථක වෙන්නයි මගේ පැතුම. එත් සිෆා ගිවිසුම සහ ලංකාවත් ඉන්දියාවත් යා කරන පාලම් පිලිබඳ ගිවිසුම් වලට නොයන මෙන් ඉල්ලා සිටිමි. (අ)

:       0       0

වසන්ජය Wednesday, 02 September 2015 08:39 PM

අපිට අහිතකර ගිවිසුම් වලින් වැළකී සිටින ලෙස ඉල්ලමි (නි)

:       0       0

දුමින්ද Wednesday, 02 September 2015 09:17 AM

කලාපයේ බල තුලනය (අ)

:       0       0

කාසිම් Wednesday, 02 September 2015 10:15 AM

හ්ම්ම්ම් 2002 ත් පි දැක්කා සුපිරි මොළේ වැඩ......(ම)

:       0       0

මොහොමඩ් Wednesday, 02 September 2015 10:32 AM

අගමැතිතුමනි සංචාරය සදහා විශේෂ ගුවන් යානයකින් යන්න මොකද ඉන්දියාවේ අය අපිට හිනාවෙනවා පසුගිය වෙලේ ජනාධිපති හිගන විදියට ඉන්දියාවට ගියා කියලා (බ)

:       0       0

සොපී Wednesday, 02 September 2015 10:36 AM

සීපා එපා ,පාලම් එපා ,...(බ)

:       0       0

නුවන් Wednesday, 02 September 2015 10:40 AM

වැකෝ ඊට පස්සෙත් ජන්දයක් තියලා රනිල් උඩින්ම දින්නා. හිටියේ ලංකාවේ නෙවෙයිද ?(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 338 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 211 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site