අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරි සති දෙක ඇතුළත ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව නිව් ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත් වෙබ් අඩවිය කියයි.
එම වාර්තාවේ සඳහන් වන්නේ එම සංචාරයේ කාල සටහන සකස් කිරීමේ කටයුතු දෙරටේ බලධාරීන් විසින් අවසන් කිරීමේ කටයුතු සිදු කරමින් සිටින බවයි.
ඉකුත් ජනවාරි 8 වැනි දා හා අගෝස්තු 17 වැනි දා පැවති මැතිවරණ වලින් පසු වික‍්‍රමසිංහ මහතා විදෙස් සංචාරයකට එක්ව වන ප‍්‍රථම අවස්ථාව මෙය වේ. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ද ජනාධිපති වීමෙන් පසු පළමුවෙන්ම නිල විදෙස් සංචාරයක නිරත වූයේ ඉන්දියාවේය.
නිව් ඉන්දියන් එක්ස්ප‍්‍රස් වාර්තාවේ සඳහන් වන්නේ වික‍්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් පසු එරට සංචාරය කරනු ඇති බවය. මෙම සංචාරයේ දී ඔහු ඉන්දීය රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා කරනු ඇතැයි සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට රටවල් අතර සම්බන්ධතා වැදගත් (නි)
ඔබට සුබ ගමන්! (නි)
වෙඩි තියන්න එපා (අ)
අපේ රටට හානි වෙන කිසි දෙයකට ඉන්දියාවත් සමග එකඟ වන්න එපා. විශේෂයෙන් එපා අපිට සීපා (බ)
රනිල් මහත්තයා ඉක්මන් වෙන්න කාරී නෑ. ඉවසිල්ලේ වැඩ කරන්න. (අ)
ගරු රනිල් කියන්නේ මොලයක් නළුවෙක් නෙවෙයි එතුමා දන්නවා මොකක්ද වෙන්න ඕනි කියලා පරිනත දේශපාලනයේ අරටුව ගරු රනිල් මාස 60න් රට දියුණුව කරා ගෙනියාමට ශක්තිය ලැබේවා ! (බ)
ඉන්දියාවත් ලංකාවත් එකට යා කරන පාලම් ගහන්න සැලසුම් කරන්න එපා.අපිට අපේ අනාගත දරුවන්ට දෙවියනේ කියල ජිවත් වෙන්න ඉඩ තියන්න. (අ)
ගරු අගමැති තුමනි: මෙන්න මේ දේ අවධානයට ගන්න. ඉන්දියානු ජාතිකයින්ට විවාහ වුණු ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ ජීවත් වීම සඳහා කිසිම වැඩ වල යෙදීම සම්පූර්ණයෙන්ම තහනම්. මේක විශේෂයෙන් බලපාන්නේ සිංහලයන්ට විතරයි. මානව අයිතිවාසිකම් ගැන සලකල ඒ රටේ ඉන්න සිංහලයන්ට අඩු තරමින් පෞද්ගලික සමාගම් වල තාවකාලිකව වැඩ කරන්න දෙන්න කියන්න. (බ)
ජනවාරි 8 වැනිදා අගමැති පුටුවට අාවේ හොර පාරෙන් (බ)
කොහේ ගියත්, මොනවා කෑවත්, මොන හෝටලේ හිටියත් කමක් නැහැ.අපේ මුදල් නෙමෙයි නම්. ඒත් එක දෙයක් කිවයුතුයි.කාගේවත් සිත් සතුටු කිරීමේ අරමුණින් අපේ රටේ ජනතාවගේ අයිතීන් නැති කරන්න එපා.කොටින්ම අපට අර පාලමයි, සීපා ගිවිසුමයි එපා. (නි)
දිනන උදවු කලාට ඉස්තුති කරන්න වෙන්න ඇති (අ)
විපක්ෂ නායකයා සඳහා අනුමැතිය ගැනීමට වෙන්න ඇති! (අ)
අගමැති තුමාගේ අභිනව විදේශ සංචාරය සාර්ථක වෙන්නයි මගේ පැතුම. එත් සිෆා ගිවිසුම සහ ලංකාවත් ඉන්දියාවත් යා කරන පාලම් පිලිබඳ ගිවිසුම් වලට නොයන මෙන් ඉල්ලා සිටිමි. (අ)
අපිට අහිතකර ගිවිසුම් වලින් වැළකී සිටින ලෙස ඉල්ලමි (නි)
කලාපයේ බල තුලනය (අ)
හ්ම්ම්ම් 2002 ත් පි දැක්කා සුපිරි මොළේ වැඩ......(ම)
අගමැතිතුමනි සංචාරය සදහා විශේෂ ගුවන් යානයකින් යන්න මොකද ඉන්දියාවේ අය අපිට හිනාවෙනවා පසුගිය වෙලේ ජනාධිපති හිගන විදියට ඉන්දියාවට ගියා කියලා (බ)
සීපා එපා ,පාලම් එපා ,...(බ)
වැකෝ ඊට පස්සෙත් ජන්දයක් තියලා රනිල් උඩින්ම දින්නා. හිටියේ ලංකාවේ නෙවෙයිද ?(ම)